සපත්තු දෙකක් යන දුරක්; ජෝඩන්ගේ පාවහන් වෙන්දේසියට

201

පැසිපන්දු පුරාවෘත්තයක් වන Michael Jordan (මයිකල් ජෝඩන්) 1998 NBA අවසන් මහා තරගයට පැලඳ සිටි කළු සහ රතු පැහැති Air Jordan 13s පාවහන් යුගලය වෙන්දේසි වාර්තාවල විප්ලවයක් කරනු ඇතැයි වාර්තා වනවා.

නිව්යෝක් නුවර ස්ථාපිතව සිටින Sotheby’s නම් වෙන්දේසිකරුවන් විසින් එළඹෙන මාසයේ දී එය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ඇති. එය ඇමරිකානු ඩොලර් මිලියන 4ක උපරිම මුදලකට අලෙවි වනු ඇතැයි ඇස්තමේන්තු වනවා. අප්‍රේල් 3 වැනිදා සිට 11 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල ඉල්ලුම් කිරීම සිදුවීමට නියමිතයි.

මේ වන විට වැඩිම මිලකට අලෙවි වී ඇත්තේ ජෝඩන් විසින් පැලඳි Nike Air Ships පාවහන් යුගලයයි. 2021 දී එය ඇ.ඩො. මිලියන 1.47ක මුදලකට අලෙවි වුනා. පාවහන් යුගලයක් ඩොලර් මිලියනයකට වඩා මුදලකට අලෙවි වූ පළමු අවස්ථාව එයයි.

මෙම වසර හැඳින්වෙන්නේ “ජෝඩන්ගේ වසර” වශයෙන්. ඒ ඔහුගේ නිල ජර්සි අංකය වන “අංක 23” සිහිකරමින්. මින් පෙර 1998 අවසන් මහා තරගයට ඔහු විසින් පැලඳි ජර්සිය ඇමරිකානු ඩොලර් මිලියන 10.1ක මුදලකට අලෙවි වුනා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<