“මෙහෙම පෙනුණත් මම කාන්තාවක්” – රෙනී කැම්බල්

8645
Reddit

ඇය දෙදරු මවක්. ශරීර ශක්තිය, මාංශ පේශී වල ප්‍රමාණය ගැන උනන්දු වන කාන්තාවක්. නම Rene Campbell (රෙනී කැම්බල්).

ඇය වසර ගණනාවක් මුළුල්ලේ “කාන්තාව මෙසේ විය යුතුයි” යැයි පවසන ලෝකය සමඟින් සටන් වදින්නියක්. අනවශ්‍ය රාමු බිඳින්නියක්.

සම්මාන දිනූ කායවර්ධන ක්‍රීඩිකාවක් වුවත් ඇයට ඇගේ සිහිනය කරා යාමට කාලයක් ගත වුනා. රාත්තල් 85ක බර ඉක්මවා යාම ලෙහෙසියෙන් සිදුවූවක් නම් නොවෙයි.

මගේ ශරීර පෙනුම ගැන මට ලොකු අවිශ්වාසයක් තිබුණා. පුද්ගලයෙකු වශයෙනුත් මම ගැන අවිශ්වාසයක් තිබුණා,” 46 හැවිරිදි ඇය CNN හමුවේ පැවසුවා. ඒ මහා බ්‍රිතාන්‍යයේ ඇගේ නිවසේ සිටයි.

මාධ්‍යවලින් කියන විදියට කාන්තාවක් නිශ්චිත විදියකටවිය යුතුයි කියලා ඇහෙනකොට මට ලොකු පීඩනයක් දැනුණා,” ඇය පැවසුවා.

Courtesy – Pinterest
රෙනී කැම්බල්

කාලයක් මම කෙට්ටුවට ඉන්න, මගේ බර අඩුවෙන් තියාගන්න උත්සාහ කරපු නිසා මට කෑම ගන්නා පිළිවෙළේ අවුලක් තිබුණා. සඟරාවල ඉන්න කාන්තාවන් වගේ,” ඇය අතීතය සිහිකළා.

පසුව ඇය කාන්තා කායවර්ධන සංදර්ශනයක් නැරඹීමට අවස්ථාව ලබා ගත්තා. එහි දී කායවර්ධනය පිළිබඳ ඇල්මක් ඇතිවීමට හේතු වුනේ ඒ ක්‍රීඩිකාවන් සතු වූ විශ්වාසයයි.

මේ වන විට ඇය ශරීරය ගොඩනගාගෙන ඇති ආකාරය ගැන ඇයට සතුටක් තිබුනත්, ඇය පවසන්නේ ඇතැම් අවස්ථාවල දී ඇයට නපුරු සැලකුම් ලැබෙන බවයි. බරපතලම අවස්ථාවක් වන්නේ ඇයව කාන්තා වැසිකිළියෙන් නෙරපීමයි.

ගොඩක් වෙලාවට ඔයාට ඍණාත්මක දේවල් එක්ක ගැටෙන්න වෙනවා. මිනිස්සු හිරවෙලා ඉන්නේ පරණ මානසිකත්වයක.”

මම හිරවෙලා ඉන්නේ මට වැසිකිළියට යන්න ඕන වුනහම මම කාන්තාවක් කියලා ඔප්පු කරන්න ඕන තැනක ද? ඒක හරි අප්‍රසන්නයි. මම ඒගොල්ලන්ට හොඳින් පැහැදිලි කරන්න හදනවා. මාව මෙහෙම පෙනුණට අන්තිමට මම කාන්තාවක්. මට ඒ වැසිකිළිය පාවිච්චි කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා,” ඇය පැවසුවා.

ඇය එසේ පැවසුවත් ඇගේ ශරීරයෙන් ඇයව මැන ඇයට කාන්තා වැසිකිළිය සීමා කරන්නට යම් තාක් දුරකට හේතුවක් ඇති බව ද අප තේරුම් ගත යුතුයි. ඇය ලෙසම කාන්තාවක් ලෙස පවසමින් පුෂ්ටිමත් තරුණයෙකුට ද කාන්තා වැසිකිළියට යාමට අවස්ථාව ඉල්ලා සිටිය හැකියි.

එහෙත් එයින් ඇගේ ශරීරය පිළිබඳ ඇයට ඇති අයිතියට අභියෝග නොවිය යුතුයි. එම කරුණ පිහි තුඩක් මත ඇවිදින්නාක් මෙන් සියුම්ව තෝරාබේරා ගත යුතු සංසිද්ධියක්.

කාන්තාවකට මස්පිඩු වර්ධනය කරගන්න ඕන ඇයි කියලා නොතේරෙන අයට පැහැදිලි කරන්න මම ඉස්සරත් සටන් කළා, දැනුම් කරමින් ඉන්නවා. ඒත් මට ඒක විශ්වාසයක් සහ මානසික ශක්තියක් ලබා දුන්නා,” රෙනී පැවසුවා.

ඇය පවසන්නේ මුල් කාලීනව ශරීරය ගොඩනගාගැනීම වෙනුවෙන් වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීමට සිදුවීම අපහසු අත්දැකීමක් වූ බවයි.

මගේ ඇඟේ ඌෂ්ණේ වැඩි වුනා,” ඇය කියයි.

CNN

එක දිගට කන නිසා මට හැමවෙලේම රස්නයක් දැනුණා. ඒත් ඒ කාලය පහුකරාට පස්සේ ඇඟ පුදුම විදියේ යන්ත්‍රයක් වගේ වෙලා ඒක ඒ ඉන්ධන ටික ලබාගන්න පටන් ගන්නවා,” ශරීරය යන්ත්‍රයක් නම් ආහාර පාන යනු ඉන්ධන ය.

ආසාවයි, කැපවීමයි, උමතුවයි අතරේ සමීප සම්බන්ධයක් තියෙනවා,” ඇය කියයි.

ශ්‍රේෂ්ඨ දේවල් කරපු හැම ක්‍රීඩකයෙක් දිහාම බැලුවොත්, යම්කිසි ප්‍රමාණයක උමතුවකුත් තියෙන්න ඕන,” කායවර්ධනය සඳහා කැමැත්ත, කැපවීමටත් වඩා යම් උමතුමය ස්වභාවයක් ද අවශ්‍ය බවයි ඇගේ හැඟීම. එය කට වචනයෙන් කිවහොත් “පිස්සුවෙන් වගේ ආස කරනවා” වැන්නක්.

ඒත් සමඟම ස්ටෙරොයිඩ් භාවිතය, නැතිනම් ශරීරයට අහිතකර උත්තේජක සහ හෝමෝන භාවිතය ගැන කතාබහක් කාය වර්ධකයින් අතර මෙන්ම ඉන් පිටස්තරයින් අතර පවා පවතිනවා.

රෙනී ගැන ඒ සහතිකය ලබා දෙන්නේ කාන්තා කායවර්ධනය සහ යෝග්‍යතාව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ සභාපතිනි Wanda Tierney යි (වැන්ඩා ටියර්නි).

එයා ලෝක ශූරතාවයට යන්න කලින් එයා තහනම් උත්තේජක පරීක්ෂණයකට කරන්න සිදු වුනා සහ ඒක සමත් වුනා. ඒත් ගොඩක් ගෑණු ළමයි ඒක සමත් වුනේ නෑ,” වැන්ඩා පැවසුවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමයි තමන්ගේ ක්‍රීඩා සම්මේලනවලින් පනවලා තියෙන නීති රෙගුලාසිවලට යටත් වීමේ වගකීම තියෙන්නේ. මගේ සම්මේලනය (IFBB  – කාන්තා කායවර්ධනය සහ යෝග්‍යතාව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය) නම් WADA (World Anti-Doping Agency – තහනම් උත්තේජක වලට එරෙහි ඒජන්සිය) එකේ සම්මුතියට අත්සන් කරලයි තියෙන්නේ. IFBB එක 2015 නීති රෙගුලාසි වලට අනුකූලව සම්පූර්ණ වගකීම දරනවා,” රෙනී පැවසුවේ එලෙසින්.

එමෙන්ම කායවර්ධනය සහ මානසික සෞඛ්‍යය අතර ඇති සම්බන්ධය ගැන ද ඇය පැවසුවා.

මට ඒක මානසිකව ලොකු පිම්මක්. මොකද, මගේ කාය වර්ධන ජීවිතය මට පෙන්නුවා, මගේ දේවල් මම කරගන්න ඕන කියලා.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<