මිනෝද් සහ තිසර නාලන්දයට ඉනිමක ජයක් ලබා දෙයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

247
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (06) දිනයේ දී අවසන් වුනා.

මෙම තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් වූ අතර, විද්‍යාල රැසක ක්‍රීඩකයින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට ද සමත් වුනා.

කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව කොළඹ නාලන්දා විද්‍යාලයේ තිසර දෙව්දුණු පළමු ඉනිමේ කඩුලු 5ක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 7ක් දවා ගත් අතර, මිනෝද් කල්දේරා ද දෙවන ඉනිමේ කඩුලු 6ක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා.

කඳාන ද මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් කවිඳු කෞශල්‍ය කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වූ අතර, කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් රමිරු පෙරේරා කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා.

කොළඹ ඉසිපතන විද්‍යාලයේ සිතුක ගුණවර්ධන විසින් රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ කඩුලු 6ක් ද සමඟින් සමස්ත තරගයේ කඩුලු 10ක් දවා ගැනීමට සමත් වුනා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ මලිත් රත්නායක කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව ඉනිමක ජයක් කරා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය කැඳවා ගෙන ගිය අමිත සංදීප ඉනිම දෙකේ දී ම කඩුලු 5 දස්කම් දැක්වීමට සමත් වුනා. එමෙන්ම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නුලාන් ලක්විඳු ද කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් දිලන දම්සර අර්ධ ශතක ද්විත්වයක් (ලකුණු 77ක් සහ 82ක්) ලබා ගැනීමට සමත් වූ අතර, ශෙන්නන් රොද්‍රිගෝ කඩුලු 6 දස්කමක් දැක්වූවා.

කඳාන ද මැසනඩ් විද්‍යාලයේ කවිඳු කෞශල්‍ය පළමු ඉනිමේ කඩුලු 5ක් සමඟ සමස්ත තරගයේ දී කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ නාලන්දා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය

(නාලන්දා විද්‍යාලය ක්‍රීඩාංගණයේ දී)

  • කොළඹ නාලන්දා විද්‍යාලය– 279/10 (82.4) සදෙව් සමරසිංහ 78, සජිත විතානගේ 39, අර්ජුම් සත්සර 3/47, තවීෂ බාලසූරිය 2/60
  • කුරුණෑගල මලියදේව විද්‍යාලය – 84/10 (28.2) චන්දූප අබේසිංහ 19, තිසර දෙව්දුණු 5/31, ඔසඳ පමුදිත 4/32 & 167/10 (f/o) (40.1) ගයන වීරසිංහ 41, විනුක ගලප්පත්ති 39, මිනෝද් කල්දේරා 6/47, තිසර දෙව්දුණු 2/21

කොළඹ නාලන්දා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 38ක ජයක්.

කොළඹ රාජකීය විද්‍යාලය සහ කඳාන ඩ මැසනඩ් විද්‍යාලය

(කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • කොළඹ රාජකීය විද්‍යාලය– 176/10 (80) රෙහාන් පීරිස් 67, යසිඳු දිසානායක 30, කවිඳු කෞශල්‍ය 5/42, සවිනු චන්තුල 3/43 & 91/9 (51) යසිඳු දිසානායක 21, කවිඳු කෞශල්‍ය 4/24, සවිනු චන්තුල 2/19
  • කඳාන ද මැසනඩ් විද්‍යාලය– 188/10 (60.2) ඩිනෝශ් ජෙලෝන් 69, ජනිත් කරින්ද්‍ර 44, රමිරු පෙරේරා 6/74, යෙනුල භාශිත බණ්ඩාර 2/34

තරගය ජය පරාජයෙන් තොරයි, කඳාන ද මැසනඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

(මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී)

  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය – 106/10 (39.5) ශෆ්නි ඩීන් 24, දිනුක තෙන්නකෝන් 4/20, තිසල් යාපා 3/29 & 175/10 (90.4) ශෆ්නි ඩීන් 55, හසිඳු පෙරේරා 36, මලිත් රත්නායක 5/50, තරණ විමලධර්ම 4/28
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය253/8d (74) විදුක ධම්මගේ 56, දිමන්ත මහවිතාන 51, රමිත් බණ්ඩාර 4/43, ඕෂධ ගිම්හාන 3/71 & 0/0

තරගය ජය පරාජයෙන් තොරයි, ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පළමු කොටසේ Tier B තරග

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය

(BRC ක්‍රීඩාංගණයේ දී)

  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය– 139/10 (58.1) චමිඳු පද්මික 43, සිතුක ගුණවර්ධන 6/42, දසිත් සෙනාල් 2/24 & 171/10 (84.4) ගිම්හාන් රසාන්ජන 43, පැතුම් ශමින්ද 41, සිතුක ගුණවර්ධන 4/61, Kabileswaran 3/48
  • කොළඹ ඉසිපතන විද්‍යාලය– 192/10 (49.2) තරුශ්ක අශෙල් 43, රුචිත් රොද්‍රිගෝ 40, සඳරු මල්ශාන් 4/38 & 74/4

තරගය ජය පරාජයෙන් තොරයි, ඉසිපතන විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

(පන්නිපිටිය ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය– 197/10 (55.1) රවිඳු ජයසංක 49, දිනිත් චාමික 45, නුලාන් ලක්විඳු 5/74, ඒ.ඒ.මිහිරාන් 2/15 & 172/7 (34) D.S.A.ප්‍රනාන්දු 57, දිනිත් චාමික 46, නෙත්මින නිර්මාල් 3/14
  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය– 98/10 (40.2) චිතුම් බැද්දගේ 27, අමිත සන්දීප 5/35, කවිඳු සේනාධි 2/16 & 161/10 (64) නෙත්මින නිර්මාල් 30, අමිත සන්දීප 5/40, කවිඳු සේනාධි 3/46

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 110ක ජයක්.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

(ආනන්ද විද්‍යාලය ක්‍රීඩාංගණයේ දී)

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය– 220/10 (69.5) දිලන දම්සර 77, ඉශිර ආයුපල 34, අයේෂ් ශශිමාල් 3/15, අශින්ස නයිනායක 3/56 & 196/4 (41) දිලන දම්සර 82, චමිඳු පෙරේරා 50, රශාන් ඩිලක්ශ 1/16
  • කොළඹ ආනන්ද විද්‍යාලය– 322/9 (83.1) කිත්ම විතානපතිරණ 90, ඉරුත් ගිම්ශාන් 78, ශෙන්නන් රොද්‍රිගෝ 6/82

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර සාම්ප්‍රදායික දෙදින තරගයක් ද අද අවසන් වුනා.

මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලය විසින් සමත් වුනා.

මෙම තරගයේ දී සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් තරුෂ දසුන් කඩුලු 6 දස්කමක් සහ කවීෂ පියුමාල් කඩුලු 5 දසකමක් දැක්වූ අතර, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් මෙවන් දිසානායක කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා.

  • කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය– 75/10 (33.1) සමිඳු පීරිස් 19, තරුෂ දසුන් 6/17, බිමාශ් විදුදය 2/12 & 76/10 (44) දිදුල එශාන් 20, කවීෂ පියුමාල් 5/33, බිමාශ් විදුදය 2/11
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය– 156/10 (39.2) ජනිත් රත්නසිරි 50, මෙවන් දිසානායක 6/60, අයේෂ් ගජනායක 3/61

ඊයේ (05) ආරම්භ වූ මෙම තරග සියල්ල අද දිනයෙන් අවසන් වූ අතර තවත් පළමු කොටසේ Tier A සහ B තරග කිහිපයක් අද දිනයේ දී ආරම්භ වුනා.

මෙම තරගවල දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් මනුජ චන්තුක කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා.

එමෙන්ම මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් අකිල වික්‍රමසිංහ කඩුලු 5ක දස්කමක් දැක්වීමට සමත් වුනා.

ගාල්ල මහින්ද විද්‍යාලයේ කවීන් රුක්ශාන් විසින් මහනුවර සිල්වෙස්තර විද්‍යාලයේ පළමු ඉනිමේ දැවී ගිය කඩුලු 8න් 7කටම වගකීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

(කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී)

  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය– 197/10 (74) ඔශාන් මනීෂ 64, ඉනුක කරන්නාගොඩ 4/72
  • කොළඹ මහානාම විද්‍යාලය – 67/4 (30)

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

(මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය– 113/10 (47.4) දිනිරු අබේවික්‍රමසිංහ 27, මනුජ චන්තුක 6/44
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 173/5 (50) විමත් දින්සර 52*, ප්‍රවීන් මදුසංක 2/29

පළමු කොටසේ Tier B තරග

ගාල්ල මහින්ද විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

(බෝයාගනේ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)

  • ගාල්ල මහින්ද විද්‍යාලය– 164/10 (59.3) චන්දූප ද සිල්වා 65, අකිල වික්‍රමසිංහ 5/60
  • මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය -108/8 (40) වගීෂ හන්සල 36, කවීන් රුක්ශාන් 7/20

මෙම තරගවල දෙවන සහ අවසන් දිනය හෙට (07) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<