ලෝක කුසලාන පිටියට තවත් ශතකයක් එක් වෙයි

ICC Women's T20 World Cup 2026

9
Cricket

10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් නිමා වූ රාත්‍රියේ දී අවසන් වූ අතර එහි දී මෙවර තරගාවලියට එක් වූ 3 වැනි ශතකය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවේ Tazmin Brits සමත් වෙනවා.

  • 23 වැනි තරගය, 1 වැනි කාණ්ඩය, ඉන්දියාව සහ බංග්ලාදේශය, Manchester හී Old Trafford ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – බංග්ලාදේශය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 136ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් පමණක් දැවී තවත් පන්දු 19ක් ද ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය අභිබවා යමින් තරගය ජයග්‍රහණය කරනවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ Shafali Verma. ඇය පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා. එය ඇයගේ 110ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 18 වැනි අර්ධ ශතකයයි.

ඊට අමතර ව Jemimah Rodrigues පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද සහ Yastika Bhatia පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Ritu Moni ලකුණු 29කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර පහර දුන් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ Juairiya Ferdous. ඇය පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා ගන්නවා.

ඊට අමතර ව නායිකා Nigar Sultana පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ද සහ Sobhana Mostary පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Radha Yadav ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Shree Charani කඩුලු ද්විත්වයක් ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 136 (20.0) Juairiya Ferdous 33, Nigar Sultana 32, Shree Charani 2/21, Radha Yadav 3/28
  • ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 139 (16.5) Shafali Verma 53, Sobhana Mostary 22, Yastika Bhatia 23, Jemimah Rodrigues 26, Ritu Moni 2/29

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගයේ වීරයා – Shafali Verma (ඉන්දියාව)

  • 24 වැනි තරගය, 1 වැනි කාණ්ඩය, දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය, Bristol හී County ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – නෙදර්ලන්තය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ  ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 208ක් ලබා ගන්නවා.

එම ඉනිම වෙනුවෙන් Tazmin Brits පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 114ක් ලබා ගන්නවා. එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ 3 වැනි ශතකය වන අතර ඇය ගේ 82ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ මංගල ශතකයයි.

ඇය තම ඉනිම තුළ නායිකා Laura Wolvaardt සමඟ එක් වෙමින් 1 වැනි කඩුල්ලට පන්දු 81ක දී ලකුණු 121ක සබඳතාවක් ද සහ Annerie Dercksen සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 39ක දී නොදැවුණ ලකුණු 87ක සබඳතාවක් ද එක් කළා.

එහි දී Laura Wolvaardt පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟන් ලකුණු 45ක් ද සහ Annerie Dercksen පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ද ලබා ගත්තා.

ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Hannah Landheer සතු වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 120ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ ආරම්භක පිතිකාරිනී Phebe Molkenboer. ඇය පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

එම ඉනිම තුළ ඇය අනෙක් ආරම්භක පිතිකාරිනී Sanya Khurana සමඟ එක් වෙමින් පන්දු 47ක දී ලකුණු 58ක සබඳතාවක් ද සහ Sterre Kalis එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 42ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක වෙනවා.

එහි දී Sanya Khurana පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 36ක් ද සහ Sterre Kalis පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Ayabonga Khaka ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යෑවීම වාර්තා කරනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුල්ලක් දැවී 208 (20.0) Laura Wolvaardt 45, Tazmin Brits නොදැවී 114, Annerie Dercksen නොදැවී
  • නෙදර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 120 (20.0) Phebe Molkenboer 41, Sanya Khurana 36, Sterre Kalis 26, Ayabonga Khaka 3/19

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 88ක ජයක්.

තරගයේ වීරයා – Tazmin Brits (දකුණු අප්‍රිකාව)

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<