Home Sinhala සීකුගේ හයේ වැස්සෙන් Colombo Stars ජය ගනී

සීකුගේ හයේ වැස්සෙන් Colombo Stars ජය ගනී

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

1240

ලංකා ප්‍රිමි‍යර් ලීග් තරගාවලියේ 15 වැනි තරගයේ දී අද (14) Kandy Warriors සහ Colombo Stars කණ්ඩායම් තරග වැදුණා. එම තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට Colombo Stars සමත් වුනා.

කාසියේ වාසිය Colombo Stars නායක ඇන්ජලෝ මැතිව්ස් සතු වූ අතර ඔහු මුලින් පන්දු යැවීම තෝරාගත්තා. ඒ අනුව පිටියට පිවිසි Kandy Warriors කණ්ඩායමේ Kennar Lewis සහ චරිත් අසලංක පළමු කඩුල්ල සඳහා ලකුණු 77ක් එක් කළා.

ඔවුන්ගේ සාර්ථක ආරම්භය අවසන් කිරීමට Naveen-ul-Haq සමත් වුනේ චරිත් අසලංක ලකුණු 28කට දවා ගනිමින්. Kandy Warriors කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් වූ Ahmed Shehzad සහ ඇන්ජලෝ පෙරේරා එතරම් සාර්ථක වුනේ නැහැ.

Ahmed Shehzad ලකුණු 2කට දැවී ගිය අතර ඇන්ජලෝ පෙරේරා ද ලකුණු 2කට දැවී ගියේ Kandy Warriorsට විශාල පීඩනයක් එල්ල කරමින්. ලකුණු 77කට කිසිදු කඩුල්ලක් නොදැවී සිටි Kandy Warriors කණ්ඩායමේ මුල් කඩුලු 4 ම ලකුණු 103ක් වෙද්දී අහිමි වී තිබුණා.

Kennar Lewis ලකුණු 62ක් වාර්තා කළේ පන්දු 44ක් පමණක් වැය කරමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් වුනා.

Kandy Warriors කණ්ඩායමේ මැද පෙළ අසාර්ථක වීම මෙම තරගයේ දී ද කැපී පෙනුණු අතර වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 12 සීමාව පසු කර යාමට සමත් වුනේ නැහැ.

Kennar Lewis සහ චරිත් අසලංකගේ වේගවත් ආරම්භක සම්බන්ධතාවය අපතේ යවමින් Kandy Warriors ලකුණු 146කට සීමා කිරීමට Colombo Stars පන්දු යවන්නන් සමත් වුනා. පන්දු යැවීමේ දී දුශ්මන්ත චමීර කඩුලු 4ක් දවා ගත් අතර අශාන් ප්‍රියන්ජන්, ධනංජය ද සිල්වා, සීකුගේ ප්‍රසන්න සහ Naveen-ul-Haq එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා. මේ අනුව ඉනිම නිමා වෙද්දී Kandy Warriors ඉනිම දැක්වුණේ කඩුලු 9කට ලකුණු 146ක් ලෙසයි.

ලකුණු 147ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Colombo Stars කණ්ඩායමේ පළමු කඩුල්ල ඉනිමේ තුන්වැනි පන්දුවේ දී දවා ගැනීමට නිමේෂ් විමුක්ති සමත් වුනා. ඒ පැතුම් නිස්සංක ලකුණු නොලබා පිටියෙන් ඉවත් කරමින්.

Colombo Stars ඉනිම ලකුණු 23ක් වෙද්දී ලකුණු 15ක් ලබා සිටි තික්ෂිල ද සිල්වා දවා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වුනා. ඉන් අනතුරුව පිටියේ එක්වූ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ අශාන් ප්‍රියන්ජන් Colombo Stars ඉනිම තරමක් ස්ථාවර කිරීමට සමත්වුවද, ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ලකුණු 36කට සීමා කිරීමට නිමේෂ් විමුක්ති සමත් වුනා. ඉන්

අනතුරුව පිටියේ ස්ථාවරව සිටි ඇන්ජලෝ මැතිව්ස් දවා ගැනීමට චරිත් අසලංක සමත් වුනේ Colombo Starsට ඉලක්කය අසීරු බව පසක් කරමින්.

Colombo Stars කණ්ඩායමේ පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 49ක් එක් කිරීමට Sherfane Rutherford සහ දිනේශ් චන්දිමාල් සමත් වුනා. චන්දිමාල්ගේ ප්‍රවේගකාරී ඉනිමට ලකුණු 44ක් වාර්තා වුනේ පන්දු 27ක දීයි. Colombo Stars ඉනිම ලකුණු 110ක් බවට පත්වෙද්දී දිනේෂ් චන්දිමාල් දැවී ගියා.

ඒ වන විට Colombo Starsට හිමි වී තිබූ ඉලක්කය පන්දු 13ක් තුළ ලකුණු 37ක්. චන්දිමාල්ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පැමිණි සීකුගේ ප්‍රසන්න සිය ඉනිම ආරම්භ කළේ පළමු පන්දුවටම ලකුණු 6ක් වාර්තා කරමින්.

තරගයේ 19 වැනි පන්දුවාරයේ පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කිරීමට Sherfane Rutherford සමත් වූ අතර පස්වැනි පන්දුවට හයේ පහරක් එල්ල කළ සීකුගේ ප්‍රසන්න Colombo Stars ඉනිම ලකුණු 129ක් බවට පත්කිරීමට සමත් වුනා. ඒ අනුව ඔවුන්ට අවසන් පන්දුවාරයේ දී හිමි වූ ඉලක්කය ලකුණු 16ක්.

අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ ලහිරු කුමාර එල්ල කළ දෙවැනි පන්දුවම Fine leg කලාපයෙන් හයේ සීමාවට යැවීමට සීකුගේ ප්‍රසන්න සමත්වුනේ කොළඹ කණ්ඩායමට බලාපොරොත්තු එක් කරමින්.

ලහිරු කුමාරගේ තෙවැනි පන්දුව ද හයේ සීමාවට යැවීමට සීකුගේ ප්‍රසන්න සමත් වුනා. ඒ අනුව ඔවුන්ට අවසන් පන්දු 3 තුළ ජයග්‍රහණය සඳහා ලකුණු 3ක් අවශ්‍ය වුනා. කෙසේ වෙතත් මීළඟ පන්දුව ද හයේ සීමාවට එපිටින් පතිත කළ ප්‍රසන්න Colombo Stars ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා. ඔහු පන්දු 6ක් තුළ ලකුණු 32ක් රැස්කළේ 6 පහර 5ක් සමඟින්.

මේ අනුව පන්දුවාර 19 පන්දු 4ක් තුල ලකුණු 150ක් වාර්තා ක‍රමින් තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට Colombo Stars සමත් වුනා.

පන්දු යැවීමේ දී Kandy Warriors වෙනුවෙන් නිමේෂ් විමුක්ති කඩුලු දෙකක් දවා ගත් අතර කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක සහ සචිඳු කොළඹගේ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ වීරයා සම්මානය හිමි වුනේ සීකුගේ ප්‍රසන්න හටයි.

මෙම ජයග්‍රහණයත් සමඟින් Colombo Stars ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයට පත්වූ අතර Kandy Warriors පස්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.


Result


Kandy Falcons
146/9 (20)

Colombo Stars
150/5 (19.4)

Batsmen R B 4s 6s SR
Kennar Lewis c Dinesh Chandimal b Dushmantha Chameera 62 44 2 6 140.91
Charith Asalanka c Naveen Ul Haq b Ashan Priyanjan 28 18 3 1 155.56
Ahmed Shehzad c Seekkuge Prasanna b Dushmantha Chameera 2 7 0 0 28.57
Angelo Perera c Angelo Mathews b Dushmantha Chameera 2 3 0 0 66.67
Kamindu Mendis c Pathum Nissanka b Ravi Rampaul 8 12 0 0 66.67
Asela Gunarathne lbw b Seekkuge Prasanna 2 5 0 0 40.00
Nishan Madushka Fernando c Naveen Ul Haq b Ashan Priyanjan 1 3 0 0 33.33
Sachindu Colombage c & b Dhananjaya de Silva 6 12 0 0 50.00
Nimesh Vimukthi b Dushmantha Chameera 12 8 2 0 150.00
Binura Fernando not out 9 6 1 0 150.00
Lahiru Kumara not out 5 2 1 0 250.00


Extras 9 (b 4 , lb 0 , nb 0, w 5, pen 0)
Total 146/9 (20 Overs, RR: 7.3)
Fall of Wickets 1-77 (8.1) Charith Asalanka, 2-82 (9.6) Ahmed Shehzad, 3-97 (11.3) Angelo Perera, 4-103 (11.6) Kennar Lewis, 5-109 (13.5) Asela Gunarathne, 6-110 (14.2) Nishan Madushka Fernando, 7-120 (16.6) Sachindu Colombage, 8-120 (17.2) Kamindu Mendis, 9-136 (19.2) Nimesh Vimukthi,

Bowling O M R W Econ
Ashan Priyanjan 4 1 21 1 5.25
Seekkuge Prasanna 4 0 30 1 7.50
Ravi Rampaul 4 0 34 1 8.50
Naveen Ul Haq 3 0 17 1 5.67
Dushmantha Chameera 4 0 35 4 8.75
Dhananjaya de Silva 1 0 4 1 4.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka st Asela Gunarathne b Nimesh Vimukthi 0 3 0 0 0.00
Angelo Mathews c Sachindu Colombage b Nimesh Vimukthi 29 34 1 2 85.29
Thikshila de silva c Angelo Perera b Kamindu Mendis 15 17 1 1 88.24
Ashan Priyanjan c Sachindu Colombage b Nimesh Vimukthi 15 17 2 0 88.24
Sherfane Rutherford not out 12 14 1 0 85.71
Dinesh Chandimal c Nimesh Vimukthi b Sachindu Colombage 44 27 1 1 162.96
Seekkuge Prasanna not out 32 6 0 5 533.33


Extras 3 (b 1 , lb 1 , nb 0, w 1, pen 0)
Total 150/5 (19.4 Overs, RR: 7.63)
Fall of Wickets 1-1 (0.3) Pathum Nissanka, 2-23 (4.5) Thikshila de silva, 3-59 (11.3) Ashan Priyanjan, 4-61 (12.1) Angelo Mathews, 5-110 (17.5) Dinesh Chandimal,

Bowling O M R W Econ
Nimesh Vimukthi 4 1 11 2 2.75
Binura Fernando 4 1 34 0 8.50
Kamindu Mendis 4 0 29 1 7.25
Angelo Perera 1 0 8 0 8.00
Sachindu Colombage 4 0 34 1 8.50
Charith Asalanka 2 0 14 1 7.00
Lahiru Kumara 0.4 0 18 0 45.00



ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් ලෙස Galle Gladiators සහ Dambulla Giants අද (14) තරග වදිනවා.

තරගාවලියේ සියළු තොරතුරු ඔබ වෙත ගෙන thePapare.com ඒමට අප සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<