Home Sinhala ශෙනාල් සහ ළහිරු සාන්ත පීතර ගෞරවය රැක ගනී

ශෙනාල් සහ ළහිරු සාන්ත පීතර ගෞරවය රැක ගනී

87 වැනි සාන්තුවරුන්ගේ මහා ක්‍රිකට් ගැටුම

951

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර 87 වැනි වරටත් පැවති මහා ක්‍රිකට් සංග්‍රාමය අද (14) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී නිමාවට පත්වුනා.

වර්ෂාව නිසාවෙන් තරගයේ පළමු දිනයෙන් අඩක් අහිමි වීම නිසාවෙන් මෙම තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සිදු වුනේ සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට තරගයේ වැඩි වාසි ගෙන දෙමිනි.

ඊයේ (13) ඇද හැළුණු මහා වර්ෂාව නිසාවෙන් තරගයේ පළමු දිනය පන්දුවාර 55.3කට සීමා වෙද්දී, සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් ක්‍රීඩකයන් කඩුලු 6ක් දැවී ලකුණු 233ක් රැස් කරගෙන සිටියා.

පළමු ඉනිමේ ඉතිරිව තිබූ පන්දුවාර 5.3ට මුහුණ දීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයේ 7 වැනි කඩුල්ල ලෙස ලකුණු 8ක් රැස්කර සිටි සහන් දාබරේ ලකුණු 8කට දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයන්ට හැකි වුනා.

නමුත් සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ හිරාන් ජයසුන්දර නොදැවී ලබා ගත් ලකුණු 53 සහ දේශාන් සෙනවිරත්න වාර්තා කළ ලකුණු 14 නිසාවෙන් පළමු ඉනිමේ නියමිත පන්දුවාර 60 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 261ක් රැස් කිරීමට සාන්ත ජෝසප් කණ්ඩායමට හැකි වුනා.

සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් නිමාන් උමේෂ් ලකුණු 56කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර ශෙලෝන් රොද්‍රිගෝ කඩුලු දෙකක් සහ චමෙල්ක ද සිල්වා එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සාන්ත පීතර කණ්ඩායමේ විශේන් හැලඹගේ ලකුණු 5කට සහ ළහිරු දෙවටගේ ලකුණු 12කට දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් පන්දු යවන්නන්ට හැකි වුනා.

ඉන්පසු පිටියට පිවිසි නිමුතු ගුණවර්ධන ලකුණු 15කට හිරාන් ජයසුන්දරගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ශෙරාන් ෆොන්සේකාගේ පන්දුවක් හමුවේ පීතර නායක නිපුනක ෆොන්සේකා දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව දැක්වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 91ක් ලෙසයි.

පස්වැනි කඩුල්ල සඳහා ශෙනාල් බොතේජු සමඟින් එක්ව ලකුණු 28ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 7ක් ලබා සිටි වින්දු ලියනගේ දැවී ගියේ ශේනුක ද සිල්වාගේ පන්දුවක් හමුවේයි.

දනාල් හේමන්ද ලකුණක් ලබා සිටිය දී දවා ගැනීමට ළහිරු අමරසේකරට හැකි වූ අතර සාන්ත පීතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 149ක දී ලකුණු 62ක් රැස්කළ ශෙනාල් බොතේජු ශේනුක ද සිල්වාගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වෙද්දී ලකුණු පුවරුව දැක්වුණේ 128/7ක් ලෙසයි.

ඉන්පසු පිටියට පිවිසි කිසිදු සාන්ත පීතර පිතිකරුවෙක්ට සාර්ථක වීමට ඉඩක් ලබා නොදුන් සාන්ත ජෝසප් පන්දු යවන්නන් පන්දුවාර 56.3ක් අවසානයේ සාන්ත පීතර ඉනිම ලකුණු 130කට සීමා කළා.

පන්දු යැවීමේ දී ශේනුක ද සිල්වා ලකුණු 25කට කඩුලු 3ක් සහ ළහිරු අමරසේකර ලකුණු 40කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර යෙසිත් රූපසිංහ, මිතිර තේනුර, දේශාන් සෙනවිරත්න සහ යෙනුල දෙව්තුස අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Follow-on අවස්ථාවෙන් නිදහස් වීම සඳහා අවශ්‍ය තිබූ ලකුණු 162ක ඉලක්කය ලබා ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසා සාන්ත ජෝසප් කණ්ඩායමේ ආරාධනාවෙන් දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට ඔවුන්ට සිදු වුනා.

ලකුණු 123ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ සාන්ත පීතර ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භ පිතිකරු විශේන් හැලඹගේ ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට ශෙනුක ද සිල්වාට හැකි වුනා.

දෙවැනි කඩුල්ල සඳහා ළහිරු දෙවටගේ සමඟ එක්ව ලකුණු 43ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් පසු ආරම්භක පිතිකරු ශෙනාල් බොතේජු දැවී යන විට පන්දු 35ක දී ලකුණු 23ක් රැස්කර සිටියා.

ඉන්පසු පිටියේ එක්වූ ළහිරු දෙවටගේ සහ සාන්ත පීතර නායක නිපුනක ෆොන්සේකා එක්ව ගොඩනැගූ ලකුණු 39ක නොබිදුණු සම්බන්ධතාව නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ඔවුන්ට හැකි වුනා.

සාන්ත පීතර දෙවැනි ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ළහිරු දෙවටගේ පන්දු 76ක් තුළ නොදැවී ලකුණු 50ක් රැස්කිරීමට සමත් වූ අතර තරගය නතර කරන විට සාන්ත පීතර ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 2ක් දැවී ලකුණු 82ක් ලෙසයි.

පන්දු යැවීමේ දී සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් යෙසිත් ලියනගේ ලකුණු 19කට එක් කඩුල්ලක් සහ ශෙනුක ද සිල්වා ලකුණු 21කට එක් කඩුල්ලක් දවාගෙන තිබුණා.

Add the scorecard here

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත සාන්තවරුන්ගේ සටනේ සීමිත පන්දුවාර එක්දින තරගය බ්‍රහස්පතින්දා (16) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ සියලූම තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.


Result

Match drawn

St. Joseph’s College
261/7 (60)

St. Peter’s College
138/10 (56.3) & 82/2 (22)

Batsmen R B 4s 6s SR
Sheran Fonseka lbw b Chamelka De SIlva 52 142 0 0 36.62
Yesith Rupasinghe lbw b Niman Umesh 57 88 0 0 64.77
Hiran Jaysundara not out 53 98 0 0 54.08
Mithira Thenura b Shelon Rodrigo 22 18 0 0 122.22
Keneth Liyanage st b Niman Umesh 12 24 0 0 50.00
Hirun Kapurubandara c & b Niman Umesh 4 14 0 0 28.57
Shenuka De Silva c & b Shelon Rodrigo 21 16 0 0 131.25
Sahan Dabare run out () 8 13 0 0 61.54
Deshan Seneviratne not out 14 9 0 0 155.56


Extras 18 (b 4 , lb 4 , nb 10, w 0, pen 0)
Total 261/7 (60 Overs, RR: 4.35)
Bowling O M R W Econ
Danal Hemananda 12 0 60 0 5.00
Chamelka De SIlva 9 0 32 1 3.56
Vinuda Liyanage 5 0 27 0 5.40
Niman Umesh 16 0 56 3 3.50
Lashane Rodrigo 9 0 48 2 5.33
Minol Silva 9 0 30 0 3.33
Batsmen R B 4s 6s SR
Shenal Boteju lbw b Shenuka De Silva 62 149 0 0 41.61
Vishen Halambage b Mithira Thenura 5 13 0 0 38.46
Lahiru Dewatage c & b 12 18 0 0 66.67
Nimuthu Gunawardene c & b Hiran Jaysundara 15 27 0 0 55.56
Nipunaka Fonseka c Deshan Seneviratne b Sheran Fonseka 19 56 0 0 33.93
Vinuda Liyanage b Shenuka De Silva 7 26 0 0 26.92
Danal Hemananda st b Lahiru Amarasekara 1 2 0 0 50.00
Niman Umesh b Lahiru Amarasekara 12 32 0 0 37.50
Shelon Rodrigo st Sheran Fonseka b Shenuka De Silva 0 8 0 0 0.00
Monil Silva b Lahiru Amarasekara 0 4 0 0 0.00
Chamelka De SIlva not out 0 4 0 0 0.00


Extras 5 (b 0 , lb 0 , nb 3, w 2, pen 0)
Total 138/10 (56.3 Overs, RR: 2.44)
Bowling O M R W Econ
Mithira Thenura 5 0 25 1 5.00
Deshan Seneviratne 4 1 14 1 3.50
Yenula Dewthusa 8 0 25 1 3.12
Lahiru Amarasekara 20.3 5 40 3 1.97
Yesith Rupasinghe 7 3 8 1 1.14
Shenuka De Silva 12 1 25 3 2.08


Batsmen R B 4s 6s SR
Shenal Boteju c Sahan Dabare b Yesith Rupasinghe 23 35 0 0 65.71
Vishen Halambage c Dinal Anuradha b Shenuka De Silva 0 1 0 0 0.00
Lahiru Dewatage not out 50 76 0 0 65.79
Nipunaka Fonseka not out 4 23 0 0 17.39


Extras 5 (b 0 , lb 0 , nb 5, w 0, pen 0)
Total 82/2 (22 Overs, RR: 3.73)
Bowling O M R W Econ
Shenuka De Silva 7 0 21 1 3.00
Yenula Dewthusa 3 1 13 0 4.33
Yesith Rupasinghe 6 2 19 1 3.17
Lahiru Amarasekara 3 1 6 0 2.00
Deshan Seneviratne 2 0 12 0 6.00
Mithira Thenura 1 0 9 0 9.00



>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<