කුසල් සහ ධනුශ්කගෙන් සාර්ථක අාරම්භයක්

307
Kusal, Danushka

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟාවලියට සමගාමීව අයර්ලන්තය සමඟ පැවැත්වෙන, අන්තර් ජාතික එක්දින තරඟ දෙකේ දෙවන හා අවසන්  තරඟය අද (18) අයර්ලන්තයේ ඩබ්ලින් හිදී පැවැත්විණි. මෙම තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 136 කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ප්‍රථම දිනයේ ලිපිය: චන්දි සමඟ නැගී ආ යොවුන් පිතිකරණය

තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කරන ලදි. ආරම්භක මොහොතේ පටන්ම දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වූ කුසල් පෙරේරා හා ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල සදහා ලකුණු 147 ශතක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එය අනාගත අාරම්භක පිතිකරණයක බලාපොරොත්තුව වැඩි කිරීමට සමත් විය. ධනුෂ්ක 4 පහරවල් 6 ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 63 කට දැවී යන ලදි. අනතුරුව පිතිකරණයේ උසස් වීමක් ලබා පිටියට පැමිණි සීකුගේ ප්‍රසන්න උසස් වීමට වටිනාකමක් එක් කරමින් තම පළමු අර්ධ ශතකය ලබන අතර ඔහු  පන්දු 46 කදී 4 පහරවල් 5 ක් හා දැවැන්ත 6 පහර 9 ක් සමඟ වේගවත් ලකුණු 95 ක් ලකුණු පුවරුවේ සටහන් කරමින් දැවී යන ලදි. දෙවන කඩුල්ල සදහා ලකුණු 161 ක් විශිෂ්ට සබඳතාවයක් එක් කරමිනි. කලකට පසු පිටියට පැමිණි පෙරේරා තම තෙවන ශතකය වාර්තා කල අතර ඔහු 4 පහරවල් 16 ක් හා 6 පහරවල් 2 ක් සමඟ ලකුණු 135 කට දැවී යන ලදි. ඒවන විට ලකුණු පුවරුව ලකුණු 309 කට කඩුලු 3 ක් ලෙස දිස්විය. කෙසේ වෙතත් මැද පෙල පිතිකරුවන් ලකුණු ලබාගන්නා වේගය තව තවත් වැඩි කල අතර එම නිසා ඉක්මනින් කඩුලු කිහිපයක්ම දැවී යන ලදි. නමුත් අවසානයේ විශාල ලකුණු ප්‍රමාණයකට ලඟාවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිණි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම – 377-8 (50) කුසල් පෙරේරා 135, සීකුගේ ප්‍රසන්න 95, ධනුෂ්ක ගුණතිලක 63, ෆර්විස් මහරෑෆ් 29, ඇන්ජලෝ මැතිව්ස් 24 , ජේම්ස් මර්ටාග් 3/66, ජෝන් මැකාති 2/52

ලකුණු 378 දැවැන්ත හා අභියෝගාත්මක ලකුණු ප්‍රමාණයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත ආරම්භක පිතිකරුවන් ලකුණු 26 සබඳතාවයක් ගොඩනැංවූ අතර පෝල් ස්ටයරින් ලකුණු 22 ක් ලබාගැනීමට සමත් විය. 4 වන කඩුල්ල සඳහා ලකුණු 30 සබඳතාවයක් ගොඩනැංවීමට හැකි විය. තවද 7 වන කඩුල්ල සදහා ලකුණු 45 සබඳතාවයක් ගොඩනැංවීමට ඇන්ඩෘ මැක්බ්‍රයන් හා විලියම් පොයින්ටර් සමත් විය. පොයින්ටර් ලකුණු 36 කට දැවී යන ලදි. තවද ජෝන් ඇන්ඩරසන් 4 පහරවල් 6 ක් සමඟ ලකුණු 34 ක් අයර්ලන්ත ලකුණු පුවරුවේ සටහන් කිරීමට සමත් විය. අයර්ලන්ත කණ්ඩායමේ සාර්ථක වූ එකම පිතිකරු වූ මැක්බ්‍රයන් තම ප්‍රථම අර්ධ ශතකය ලබාගැනීමට සමත් විය. අවසන් කඩුල්ල සදහා මැක්බ්‍රයන් හා විලියම් රැන්කින් ආක්‍රමණශීලී පිතිකරණයක නිරත විය. එය ජයග්‍රහණය කරා ප්‍රමාණවත් නොවීය. තවද සෑම පන්දු යවන්නෙකු ම එක් කඩුල්ලක් හෝ දවාලීමට සමත් වීමද විශේෂත්වයකි.

අයර්ලන්ත කණ්ඩායම – 241 -10 (45) ඇන්ඩෲ මැක්බ්‍රයන් 79, විලියම් පොයින්ටර් 36, ජෝන් ඇන්ඩරසන් 34, පෝල් ස්ටයිරින් 22 සුරංග ලක්මාල් 4/38 , සීකුගේ ප්‍රසන්න 2/32

තරගයේ වීරයා සම්මානය කුසල් පෙරේරා දිනාගත් අතර තරගාවලියේ වීරයා සම්මානය  දසුන් ශානකට හිමි විය.

අනුව එම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත එක්දින තරගාවලිය ආරම්භ කරමින් ලබන 21 වැනිදා එංගලන්තයේ නොටින්හැම් හිදී පළමු එක්දින තරඟය ඇරඹේ

තවත් ක්‍රීඩා පුවත් කියවන්න – පිවිසෙන්න මුල් පිටුවට

SL - INN

IRE - INN