ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශුරතාවයට සියල්ල සූදානම්

213

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය Dialog Axiata සමාගමේ අනුග්‍රහකත්වය යටතේ සංවිධානය කරන ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවය මෙම සති අන්තයේ දී කොළඹ ඩී. එස්. සේනානායක ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයට අනුබද්ධ එක් සංගමයකින් කණ්ඩායම් දෙකක් මෙම තරගාවලියට සහභාගි කිරීමට හැකි අතර මේ වන විට කණ්ඩායම් 40ක් මෙම තරගාවලිය සඳහා සහභාගී වන බව තහවුරු කර තිබෙනවා.

තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල ලීග් ක්‍රමය යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් සඳහා සුවිශේෂී ඇගයීමක් ලබා දීමට ද නියමිතයි.

මෙවර තරගාවලියේ තීරණ ලබා දීම සඳහා  “A” ශ්‍රේණිය සඳහා සුදුසුකම් සැපිරූ විනිසුරුවන්ට අවස්ථාව ලබා දීමට ද කටයුතු කරන අතර ප්‍රවීණ විනිසුරුවන් සිව්දෙනකුගේ අධීක්ෂණ මත තරගාවලිය ක්‍රියාත්මක වෙනවා.

මෙම තරගාවලිය හා සමගාමීව වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හඳුනා ගැනීමේ තේරීම් පරීක්ෂණයක් ද පැවැත්වෙන අතර2025 වසර පැවැත් වෙන ආසියානු සහ ලෝක දැල්පන්දු ශූරතා ඉලක්ක කර ගනිමින් එය පැවැත්වෙනවා.

මෙම තරගාවලියේ අවසන් දිනයේ තරග සජීවීව ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare අප සූදානමින් සිටින අතර ඩයලොග් නාලිකා අංක 63 සහ ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ ඔබට තරග සජීවීව නැරඹීමේ හැකියාව ලැබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත්ක්‍රීඩාපුවත්සඳහාපිවිසෙන්න<<