‘Corona’ නීති කැඩූ Real Madrid ක්‍රීඩකයා හිරේට?

98
Luka Jovic

Real Madrid සහ සර්බියානු ජාතික පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක Luka Jovic විසින් ‘Coronavirus’ තත්වයට අදාළ නිරෝධායන නීති කඩකිරීමේ සිදුවීමකට අදාළව ඔහුව සිරගත කිරීමේ ඉඩකඩක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

කොරෝනා මැද තවමත් පාපන්දු ක්‍රීඩා කරන රටක්

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරයන නව කොරෝනා වෛරස තත්වය හේතුවෙන් ලොවපුරා ක්‍රීඩා

Real Madrid ක්‍රීඩා සමාජයේ පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ‘Coronavirus’ ආසාදිත බව පසුගිය දිනෙක අනාවරණය වීමත් සමඟ ක්‍රීඩා සමාජයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය එහි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් ද ඇතුළුව සියලුම ක්‍රීඩකයින් හට දින 14ක ස්වයං නිරෝධායන කාල සීමාවක් පනවනු ලැබීය. 

කෙසේ නමුත් එම කාල සීමාව සර්බියාවේ තම නිවසේ ගතකිරීමට Jovic විසින් අවසරය ලබාගැනීමත් සමඟ ඔහු සිය මව් රට බලා පෞද්ගලික යානයකින් ගමන් කරනු ලැබූ අතර ‘Coronavirus’ තත්වය පැතිර යාම පාලනය කිරීම සඳහා සර්බියාවේ ක්‍රියාත්මක නීතිවලට අනුව ඔහු දින 28ක කාලයක් එහි දී සිය නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක්විය යුතු නමුත් ඔහු ඊට පටහැනිව කටයුතු කළ සිදුවීමකට අදාළව පරීක්ෂණයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. 

ඒ ඔහු එම නීති උල්ලංඝණය කරමින් සිය නිවසෙන් පිටතට යාමේ සිදුවීමක් පාදක කරගෙනයි. පසුගිය දිනෙක යෙදී තිබූ Jovicගේ පෙම්වතිය වන Sofija Milosevicගේ 29 වැනි උපන් දිනය සැමරීම සඳහා ඔවුන් දෙදෙනා පිටතට ගොස් Belgrade අගනුවර විනෝදයෙන් කාලය ගතකරන ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වූ අතර ඒ හේතුවෙන් ඔහු මේ වන විට එරට ජනාධිපති සහ අගමැතිවරයාගේ මෙන්ම මහජනතාවගේ ද දැඩි දෝෂාරෝපණයට ලක්ව සිටී. 

ඔහු ඊට වැරදිකරුවෙකු බව ඔප්පු වුවහොත් පවතින නීති තත්වය යටතේ ඔහුව සිරගත කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර එසේ සිදුවුවහොත් ‘Coronavirus’ තත්වයට අදාළ නීති කඩකිරීම හේතුවෙන් සිරගත කිරීමකට ලක්වන පළමු පාපන්දු ක්‍රීඩකයා ඔහු වනු ඇත. 

සහිරා “Super 16” ජය සාන්ත ජෝසප්වරුන් දිනා ගනියි

සහිරා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය නායකයින්ගේ සංගමය 15 වන වරටත් සංවිධානය කළ “සහිරා Super 16 සත්සාමාජික

කෙසේ නමුත් මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් Jovicගේ පියා පවසා සිටියේ Sofija මේ වන විට ගැබිණියක් වන බැවින් ඔවුන් දෙදෙනා හට නිවසින් පිටතට ගොස් උපන් දිනය සැමරීමට හැකියාවක් නොතිබුණු බවත් ඔවුන් දෙදෙනා පිටත සිටින ඡායාරූප ස්පාඤ්ඤයේ දී ලබා ගත් ඒවා බවත් ය. 

“මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා අපේ ජනාධිපති සහ අගමැතිවරයා එක්ක. නමුත් ඒ ඔහු වැරැද්දක් කරලා තියෙනවා නම් විතරයි. නමුත් ඔහු Belgrade වලට ආවට පස්සේ නිවස තුළට වෙලාමයි හිටියේ. Jovicගේ පෙම්වතිය Sofija මේ වන විට ගර්භණී තත්වයක ඉන්නේ. ඒ නිසා ඔවුන් දෙදෙනාට නිවසින් එළියට ගිහින් උපන් දිනය සමරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔවුන් දෙදෙනා එළියේ විනෝදයෙන් කාලය ගතකරන ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණා. නමුත් ඒවා මීට මාස ගාණකට කලින් ස්පාඤ්ඤයේ දී ලබා ගත් ඡායාරූප කිහිපයක්.”

Jovic ස්පාඤ්ඤයේ දී මෙන්ම සර්බියාවට පැමිණීමෙන් පසුව ද ‘coronavirus’ පරීක්ෂණවලට ලක්කර තිබූ අතර එම පරීක්ෂණ දෙකෙන්ම අනාවරණය වූයේ ඔහු එහි ආසාදිතයෙක් නොවන බවයි.

Messi විසින් Ronaldinhoගේ ණය නොගෙවන ලකුණු

Ronaldinho ව නිදහස් කරගැනීම සඳහා ඔහුගේ ණය මුදල් සියල්ල Messi විසින් ගෙවා දැමීමට සූදානම් බවට පැතිරී

නමුත් Jovic මේ පිළිබඳව Instagram හි ‘story’ එකක් පළකරමින් මෙම සිදුවීමට අදාළව සියලු දෙනාගෙන් සමාව ගනිමින් ප්‍රකාශ කර සිටියේ එරට අදාළ බලධාරීන් විසින් ඔහුට නිසි ලෙස ස්වයං නිරෝධායනය විය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් සිදුනොකිරීම ඊට හේතු වූ බවයි.

“මගේ අතින් ස්වයං නිරෝධායන නීතීන් උල්ලංඝණය වුනේ මම ඒවා ගැන දැනගෙන හිටියේ නැති නිසා. මම දන්නවා ඒක විශ්වාස කරන්න අමාරු දෙයක් කියලා. නමුත් ඒක තමයි ඇත්තටම වුනේ. මම ස්පාඤ්ඤයේ ස්වයං නිරෝධායනයේ දී ඉදිද්දී අවශ්‍ය දේවල් ගන්න ‘pharmacy’ සහ ‘supermarket’ වලට යන්න අවසරය තිබුණා. ඉතාලියේ වුනත් එහෙමයි. නමුත් සර්බියාවේ තත්වය වෙනස්. මේක හරිම අවාසනාවන්තදායක සිදුවීමක්. මොකද සමහර නිලධාරීන් මට හරි උපදෙස් ලබා දුන්නේ නැහැ මම මෙහේ ස්වයං නිරෝධායනයේ දී ඉන්න ඕනේ කොහොමද කියලා.”

“මම සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටිනවා මම ඔවුන්ව කොයි විදිහකින් හරි අනතුරක දැම්මා නම්. මම හිතනවා අපි හැමෝටම එකතු වෙලා මේ තත්වයෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා අපි හැමෝම එකාවන්ව ඉඳලා සර්බියාවට සහයෝගය ලබාදෙමු.”

Ronaldinhoගේ උපන් දිනයට බන්ධනාගාරයේ සාදයක්

ඊයේ (21) දිනට යෙදී තිබුණු Ronaldinhoගේ 40 වැනි උපන් දිනය සඳහා ඔහු මේ වන විට සිරගතකර සිටින බන්ධනාගාරයේ

එමෙන්ම Jovic මෙන්ම ඔහුගේ පියා ද මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඊට අදාළව ඔහුට දඬුවමක් පැනවෙන්නේ නම් එය බාරගැනීමට ඔවුන් සූදානම් බවයි. 

“මගේ අතින් වැරැද්දක් වෙලා තියෙනවා නම් ඊට අදාළ ප්‍රතිවිපාක විඳින්න මම සූදානම්.”

“ඔහුව සිරගත කිරීමට තීරණය වුණොත් ඔහු සිරගත විය යුතුයි.”

මේ වන විට 22 වන වියේ පසුවන Jovic 2018-19 තරග වාරයේ දී ජර්මනියේ Eintracht Frankfurt පාපන්දු සමාජයට ක්‍රීඩා කරමින් එහි දී දැක්වූ සුපිරි දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඔහුව යූරෝ මිලියන 60ක මුදලකට Real Madrid මිලට ගත් නමුත් මෙම තරග වාරයේ දී සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත්ව සිටින ඔහු එහි දී මේ දක්වා තරග 24කට ක්‍රීඩා කරමින් වාර්තා කරගැනීමට සමත්ව ඇත්තේ ගෝල 2ක් සහ පන්දු පිරිනැමීම් (assists) 2ක් පමණි.  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<