Ronaldinhoගේ උපන් දිනයට බන්ධනාගාරයේ සාදයක්

104
Ronaldinho

ඊයේ (21) දිනට යෙදී තිබුණු Ronaldinhoගේ 40 වැනි උපන් දිනය සඳහා ඔහු මේ වන විට සිරගතකර සිටින බන්ධනාගාරයේ රැඳවියන් ඔහුට කුඩා සාදයක් ලබා දී තිබෙනවා. 

පැරගුවේ රාජ්‍යයට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඇතුළු වීමට තැත්කිරීමේ සිදුවීමකට අදාළව බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක Ronaldinho සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා මේ වන විට එරට බන්ධනාගාර ගතකර සිටී. ඒ ඊට අදාළ අධිකරණ කටයුතු විභාග කළ විනිසුරුවරයා විසින් ඇප ලබාදීම සහ නිවාස අඩස්සියට ලක්කිරීම ප්‍රතික්‍ෂේප කරමින් එම සිදුවීම සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් මාස 6ක කාලයක් ඔවුන් දෙදෙනාව බන්ධනාගාර ගතකිරීමත් සමඟ යි. 

Ronaldinhoට වැඩ වරදී

බ්‍රසීලයේ හිටපු පාපන්දු සුපිරි තරුවක් වන Ronaldinho දකුණු ඇමරිකානු රටක් වන පැරගුවේ හිදී

ඒ අනුව Ronaldinhoගේ 40 වැනි උපන් දිනය ඊයේ දිනට යෙදී තිබූ අතර ඒ සඳහා එම බන්ධනාගාරයේ ම සිටින අනෙක් රැඳවියන් ඔහුට කුඩා සාදයක් සූදානම් කර ඇත.  සිය සෑම උපන් දිනයක් ම පාහේ විශාල සාද සංවිධානය කරමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් සැමරීමට පුරුදුව සිටි Ronaldinho හට මෙම වසරේ දී කුඩා සාදයකින් සෑහීමකට පත්වීමට සිදු විය. 

ඒ අනුව ඔහුත් සමඟ සිටින අනෙක් රැඳවියන් විසින් ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ඔහුට බ්‍රසීල ආරයට සකස් කරන ලද BBQ එකක් සහ churrascaria සූදානම් කර තිබුණේ 40 සටහන් කර තිබූ කේක් එකක් ද පිරිනමමිනි. 

Iván Leguizamón on Twitter

Literalmente, le cagaron a Ronaldinho en Paraguay. Pero al menos sus compañeros de celda tienen detalles amigables con él, como esta torta que le obsequiaron esta noche.

මේ පිළිබඳ වාර්තා කර තිබූ විදෙස් මාධ්‍ය සටහන් කර තිබුණේ මෙය ඉතා කුඩා සූදානමක් වුවත් Ronaldinho ඉන් මහත් සතුටට පත්වූ බවයි. 

Ronaldinho බන්ධනාගාරයේත් වැඩ පෙන්වයි

මේ වන විට පැරගුවේ රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටින බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක

ඊට අමතරව ඔහුත් සමඟ බ්‍රසීල කණ්ඩායමේ මෙන්ම පාපන්දු සමාජ තුළ ද ක්‍රීඩා කළ ක්‍රීඩකයින් රැසක් මෙන්ම ඔහු නියෝජනය කළ පාපන්දු සමාජ කිහිපයක් ද සමාජ මාධ්‍ය ජාලා හරහා ඔහුට උපන් දින සුබපැතුම් එක්කිරීමට අමතක කර තිබුණේ නැත. 

Parabéns Xará! Que você vença essa etapa difícil da sua vida com a mesma alegria de sempre! #Ronaldinho40 @ronaldinho

1.1m Likes, 17k Comments – Ronaldo (@ronaldo) on Instagram: “Parabéns Xará! Que você vença essa etapa difícil da sua vida com a mesma alegria de sempre!…”

Muitas felicidades amigo @ronaldinho 40 anos #happybirthday my friend .

261k Likes, 1,437 Comments – Roberto Carlos 罗伯特卡洛斯 (@oficialrc3) on Instagram: “Muitas felicidades amigo @ronaldinho 40 anos #happybirthday my friend .”

Parabéns meu amigo @ronaldinho era muito fácil jogar ao seu lado. Jamais esquecerei esses momentos. Que Deus te abençoe grandemente e te dê muita força para passar por esse momento tão difícil. Orando e torcendo sempre por ti. ???????????

119.2k Likes, 1,600 Comments – Rivaldo Ferreira (@rivaldo) on Instagram: “Parabéns meu amigo @ronaldinho era muito fácil jogar ao seu lado. Jamais esquecerei esses momentos….”

Feliz Cumpleaño Hermano❤️❤️❤️???????joyeux Anniversaire mon frère ❤️❤️❤️❤️ @ronaldinho adrénaline ?????? @fcbarcelona

35.5k Likes, 832 Comments – Samuel Eto’o (@setoo9) on Instagram: “Feliz Cumpleaño Hermano❤️❤️❤️???????joyeux Anniversaire mon frère ❤️❤️❤️❤️ @ronaldinho adrénaline…”

?⚫ When he played, you smiled ? ? #HBD @ronaldinho: 4⃣0⃣ ? #SempreMilan

163.6k Likes, 947 Comments – AC Milan (@acmilan) on Instagram: “?⚫ When he played, you smiled ? ? #HBD @ronaldinho: 4⃣0⃣ ? #SempreMilan”

??? 40 anos do Bruxo! Parabéns, @ronaldinho! Saúde, paz e alegria! Aqui é #Galo, P*&&@! ⚫️⚪️ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ Campeão da Libertadores (2013), Recopa (2014) e Mineiro (2013), R10 jogou pelo Atlético de 2012 a 2014 e conquistou diversos prêmios individuais, como melhor jogador da Libertadores 2013, Bola de Ouro Placar e Craque da Galera do Brasileirão 2012, e Rei da América 2013. Em 88 jogos com o manto alvinegro, o craque marcou 28 gols. ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ Deixe aqui sua mensagem de parabéns para o Bruxo! ??

44.6k Likes, 1,369 Comments – Clube Atlético Mineiro (de ?) (@atletico) on Instagram: “??? 40 anos do Bruxo! Parabéns, @ronaldinho! Saúde, paz e alegria! Aqui é #Galo, P*&&@! ⚫️⚪️…”

මේ වන විට අනෙක් රැඳවියන් සමඟ හොඳින් කතාබහ කරමින් පාපන්දු ක්‍රීඩා කරමින් ඔහු බන්ධනාගාරය තුළ ජීවිතයට සෙමින් හැඩගැසෙමින් සිටින බව වාර්තා වන නමුත් ‘Coronavirus’ තත්වය හේතුවෙන් අධිකරණ කටයුතු කල් යාමත් සමඟ නියමිත මාස 6ක කාලයට වඩා වැඩි කාලයක් ඔහුටත් ඔහුගේ සොහොයුරාටත් ගතකිරීමට සිදුවනු ඇති බව ද වාර්තා වේ.  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<