කොරෝනා මැද තවමත් පාපන්දු ක්‍රීඩා කරන රටක්

131
Alexander Hleb says Belarus plays football amidst Corona

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරයන නව කොරෝනා වෛරස තත්වය හේතුවෙන් ලොවපුරා ක්‍රීඩා ඉසව් දින නියමයකින් තොරව කල් යන විට තවමත් පාපන්දු ලීගයක් සුපුරුදු පරිදි පවත්වාගෙන යන රටක් පිළිබඳව වාර්තා වේ. 

සහිරා “Super 16” ජය සාන්ත ජෝසප්වරුන් දිනා ගනියි

සහිරා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය නායකයින්ගේ සංගමය 15 වන වරටත් සංවිධානය කළ “සහිරා Super 16 සත්සාමාජික….

මේ වන විට ගෝලීය වසංගතයක් බවට නම් කර ඇති මෙම නව කොරෝනා වෛරසය ලෝකය පුරා ක්‍රීඩාවට ද තදින්ම බලපෑවේ ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන් ද රැසක් ඊට ගොදුරු කරමින් සහ ක්‍රීඩා ඉසව් විශාල සංඛ්‍යාවක් කල් දැමීමට සංවිධායකයින් හට සිදුවීමත් සමඟ ය. ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙස සැලකෙන පාපන්දු ක්‍රීඩාවට ද එහි බලපෑම ඒ ආකාරයටම එල්ල වන්නට වූ අතර ඒ අනුව යුරෝපයේ දැවැන්තම පාපන්දු තරගාවලිය ලෙස සැලකෙන UEFA Champions League තරගාවලිය මෙන්ම UEFA Europa League තරගාවලියත් දින නියමයකින් තොරව කල් දමන්නට සංවිධායකයින් තීරණය කළේ එහිදී වෛරසය පැතිරයාමේ දැඩි අවදානම හේතුවෙනි. 

තවදුරටත් යුරෝපයේ ප්‍රමුඛ පෙළේ ලීග් තරගාවලි වන එංගලන්තයේ Premier League තරගාවලිය, ස්පාඤ්ඤයේ La Liga තරගාවලිය ආදී එම කලාපයේ සෑම ලීග් තරගාවලියක්ම සහ ලොවපුරා අනෙක් රටවල ලීග් තරගාවලිද සෑම එකක්ම පාහේ දින නියමයකින් තොරව හෝ වෛරසයේ බලපෑම පහව යනු ඇතැයි අපේක්ෂාවෙන් කිසියම් ඉදිරි දිනකට කල් දැමීමට අදාළ බලධාරීන් තීරණය කර අවසන්ය. 

Messi විසින් Ronaldinhoගේ ණය නොගෙවන ලකුණු

Ronaldinho ව නිදහස් කරගැනීම සඳහා ඔහුගේ ණය මුදල් සියල්ල Messi විසින් ගෙවා දැමීමට සූදානම් බවට පැතිරී ගිය….

මෙවන් තත්වයක් හමුවේ අපට Belarus රාජ්‍යයෙන් වාර්තා වන්නේ එරට පාපන්දු ලීග් තරගාවලිය මෙම වසංගත තත්වය මධ්‍යයේ වුවද සුපුරුදු පරිදි මේ වන විට පවත්වා ගෙන යන බවයි. ඒ අනුව යුරෝපා කලාපයේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින එකම පාපන්දු ලීග් තරගාවලිය වන්නේ එරට ‘Belarusian Premier League’ තරගාවලිය යි. 

යුරෝපයේ පාපන්දු ක්‍රීඩාවේ පාලක සංවිධානය වන ‘UEFA’ විසින් පවතින තත්වය යටතේ මෙම තරගවාරයේ ඉදිරි තරග පවත්වා අවසන් කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳව පසුගිය බ්‍රහස්පතින්දා (19) තීරණාත්මක සාකච්ඡාවක නිරත වන පසුබිමක Belarus රාජ්‍යයේ Minsk අගනුවර දී ‘Belarusian Premier League’ තරගාවලියේ 2020 තරග වාරය ආරම්භ වන්නට වූයේ ප්‍රේක්‍ෂකයින් 730ක ප්‍රමාණයකගේ ද සහභාගීත්වය සහිතව ය. ඒ Energetik-BGU සහ BATE Borisov අතර තරගයත් සමඟ යි. එම තරගයෙන් Energetik-BGU කවුරුත් බලාපොරොත්තු නොවූ පරිදි ගෝල 3 – 1ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට සමත් වූහ. පසුගිය ඉරිදා (22) වන විට සැලසුම් කර තිබූ පරිදි එම තරගාවලියේ පළමු තරග දිනයේ තරග සියල්ලම පවත්වා අවසන් කරන්නට ද සංවිධායකයෝ සමත් වූහ. 

Ronaldinhoගේ උපන් දිනයට බන්ධනාගාරයේ සාදයක්

ඊයේ (21) දිනට යෙදී තිබුණු Ronaldinhoගේ 40 වැනි උපන් දිනය සඳහා ඔහු මේ වන විට සිරගතකර සිටින බන්ධනාගාරයේ….

මේ පිළිබඳව අදහස් දක්වමින් Belarus ජාතික පාපන්දු කණ්ඩායම මෙන්ම එංගලන්තයේ Arsenal සහ ස්පාඤ්ඤයේ FC Barcelona කණ්ඩායම් ද නියෝජනය කළ හිටපු ක්‍රීඩක Alexander Hleb ප්‍රකාශ කර සිටියේ එරට කිසිවෙකු මෙම නව කොරෝනා වෛරස තත්වය පිළිබඳව දැඩි තැකීමක් නොකරන බවයි. 

“මෙහේ කිසිම කෙනෙක් මෙම නව කොරෝනා වෛරසය ගණන් ගන්නේ නැහැ.”

ඒ අනුව ඔවුන් මේ ආකාරයට සුපුරුදු පරිදි තරග පවත්වා ගෙන යන්නේ එරටින් වෛරසය ආසාදිත රෝගීන් 81 දෙනෙක් ඊයේ (23) දිනය වන විට වාර්තා වූ පසුබිමක් යටතේ වීම විශේෂත්වයකි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ Alexander Hleb ප්‍රකාශ කර සිටියේ පාපන්දු කණ්ඩායම් තම පුහුණුවීම් කටයුතු සුපුරුදු පරිදි සිදුකර ගෙන යන බවත් රට තුළ අනෙක් සෑම කටයුත්තක්ම පාහේ ද මේ වන විටත් සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතින බවත්ය. 

“හැමෝම කලින් විදිහටම මේ වන විටත් පුහුණුවීම් කටයුතු සිදුකර ගෙන යනවා. ඒ නව තරගවාරයට සූදානම් වෙමින්. ඔවුන්ට මේ තත්වය පිළිබඳව කිසිම ගාණක් නැහැ.” 

“අපේ රටේ ජනාධිපති ඇතුළු බලධාරීන් සිතන්නේ ප්‍රවෘත්ති වල පළවෙන තරමට තත්වය භයානක නැහැ කියලා. ගොඩක් තරුණයෝ මෙන්ම ශිෂ්‍යයෝත් හිතන්නේ එහෙමයි. මම නම් මගේ පවුලේ ඇය සමඟ නිවස තුළට වෙලා ඉන්නේ. නමුත් මම එළියට ගියාම පාරවල් වගේම අවන්හලුත් වෙනදා වගේම හොඳට කාර්යබහුලයි.”

Virgil van Dijk: මරු කටේ සිට ශ්‍රේෂ්ඨත්වය කරා

Virgil van Dijk මීට දශකයකට පමණ පෙර මාරයා සමඟ දැඩි සටනක නිරත වන අතරතුර සිය අවසන් කැමති පත්‍රය…..

තවදුරටත් Hleb හාස්‍යජනක ලෙස ප්‍රකාශ කර සිටින්නේ මෙය යුරෝපයේ මේ වන විට පැවැත්වෙමින් තිබෙන එකම තරගාවලිය වීම හේතුවෙන් Lionel Messi සහ Cristiano Ronaldo සුපිරි ක්‍රීඩකයින් දෙපළත් පාපන්දු ක්‍රීඩා කිරීමට එරටට පැමිණිය හැකි බවයි. 

“ලෝකේ වටේම ප්‍රේක්ෂකයෝ දැන් Belarusian Premier League’ තරගාවලිය බලනවා. හැමෝම රූපවාහිනිය ඉස්සරහට ගිහින් අපිව බලන්න ඕනේ. සමහරවිට Messi සහ Ronaldoත් මෙහේට එන්න ඉඩ තියෙනවා ක්‍රීඩා කරන්න. අද වන විට යුරෝපයේ පාපන්දු ක්‍රීඩා කරන්න පුළුවන් එකම රට Belarus රාජ්‍යය. ඒකෙන් අඩුම තරමේ අපේ රටේ මිනිස්සුන්ට හරි සතුටින් ඉන්න පුළුවන්.”

කෙසේ නමුත් පසුගිය තරගවාරයේ එරට Isloch Minsk ක්‍රීඩා සමාජයට සමුදුන් Hleb මෙම තරග ක්‍රීඩාංගණයට ගොස් නැරඹීම සඳහා එක්වී නොමැත. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<