ශ්‍රී ලංකා සංචාරය අවසන් වන තෙක් Jon Lewis කාලය දීර්ඝ කරයි

640

බංග්ලාදේශ කණ්ඩායමේ වර්තමාන පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන Jon Lewisගේ සේවා ගිවිසුම් කාලය මෙම මාසයේ පැවැත්වීමට නියමිතව ඇති ශ්‍රී ලංකා තරග සංචාරය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී Nizamuddin Chowdhury ප්‍රකාශ කර සිටියා.

“අපි ඔහුගේ ගිවිසුම් කාලය ශ්‍රී ලංකා සංචාරය වන තෙක් දීර්ඝ කරලා තියෙන්නේ, ඒ සංචාරයෙන් පස්සේ අපේ ඊළඟ ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කරන්න සූදානම්” යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

Neil McKenzie ගේ ඉවත් වීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්වූ Craig McMillan පෞද්ගලික හේතූන් නිසා එම තනතුරට පැමිණීමට නොහැකි බව දැන්වීමෙන් පසු නිමා වූ බටහිර ඉන්දිය කොදෙව් සහ නවසීලන්ත තරග සංචාර සඳහා පිතිකරණ පුහුණුකරු ලෙස Jon Lewis පත්කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කළා.

තවත් ක්‍රිකට් පුවත්:  

පුහුණුකාර ධුරයෙහි හසල අත්දැකීම් සහිත Jon Lewis මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇත.

එමෙන්ම 2013 වසරේ දී එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන Durham කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ ඔහු එම කණ්ඩායම 2013 වසරේ County Championship තරගාවලියේ ශූරතාවය දක්වා මෙහෙය වීමට සමත් වුනා. 

1990 වසරේ සිට 2006 දක්වා පළමු පෙල තරග 205කට සහභාගි වූ Jon Lewis එහි දී ශතක 16ක් ද සමඟින් ලකුණු 10,821ක් රැස් කිරීමට සමත්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<