ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය පිළිබඳව බලාපොරොත්තුවක්

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

347
Sri Lanka tour despite lockdown

කොරෝනා වසංගතය නිසාවෙන් බංග්ලාදේශය නැවත වරක් වසාදැමීමට තීරණය කළ නමුත් මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිතව ඇති ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයට සහභාගි වීම පිළිබඳව මේ දක්වා කිසිදු බියක් නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියා.

Cricbuzz වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජික Nizamuddin Chowdhury ප්‍රකාශ කර සිටියේ රටේ ඉදිරි දිනයන්ගේ තත්වය මත රජයේ බලධාරීන් සමඟ තීරණය කිරීමෙන් පසුව මෙම තරගාවලිය පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවයි.

“තරගාවලිය සඳහා සියලුම කටයුතු සූදානම් නමුත් මේ වෙලාවේ අපේ ප්‍රධාන අවධානය තියෙන්නේ රටේ තත්වේ ගැනයි. නමුත් රජයේ රට වසා දැමීමේ නිවේදන පිළිබඳව බැලීමේ දී එය සැක සහිතයි කියලා මට කියන්න බැහැ.

ඉදිරි දින කිහිපය තුල දී අපට වර්තමාන තත්වය කෙසේ ද හැසිරෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉන් පසු අපගේ රජය සහ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරලා තීරණයක් ගන්න සූදානම්.”

ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වීමට නියමිතව ඇති මෙම තරගාවලිය දෙවතාවක්ම කල් දැමීමට සිදුවීමෙන් පසුව මෙම වසරේ අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට තීරණය කළා.

ටෙස්ට් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පුහුණු තරගයි අප්‍රේල් 17 සහ 18 යන දෙදින තුළ කටුනායක දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

එයින් පසු තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අප්‍රේල් 21 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර දෙවැනි තරගය එම ක්‍රීඩාංගණයේ දී ම අප්‍රේල් 29 වැනිදා සිට මැයි 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan සහ වේගපන්දු යවන ක්‍රීඩක Mustafizur Rahman සහභාගි නොවන අතර ඔවුන් එම කාලසීමාවේ දී ඉන්දියා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට සූදානමින් පසුවේ.

එමෙන්ම බංග්ලාදේශ කඩුලු රකින පිතිකරු Mushfiqur Rahim හට ද ආබාධයක් නිසාවෙන් බොහෝ විට මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇතැයි ද වාර්තා වේ.

දරුණු පසුබෑමකට ලක්වූ නවසීලන්ත තරග සංචාරයෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩකයන් හෙට (04) එරටට පැමිණීමට නියමිත අතර සිය පවුලේ සාමාජිකයන් සමඟ කෙටි දිනක් ගතකිරීමෙන් පසු ඔවුන් නැවතත් ක්‍රීඩක ජෛව ආරක්ෂිත බුබුලට එක්වීමට නියමිත වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<