රමේෂ් මෙන්ඩිස් අභියෝගාත්මක ඉනිමක

SLC National Super League 4 Day Tournament 2024

110
Ramesh Mendis

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League ක්‍රිකට් තරගාවලියේ ගාල්ල සහ මහනුවර කණ්ඩායම් සහභාගී වන අවසන් මහා තරගයේ දෙවැනි දිනයට (01)  තරගය නතර කරන විට ගාල්ල ක්‍රීඩකයෝ ප්‍රතිවාදී මහනුවර ක්‍රීඩකයන් ලබා ගත් ලකුණු ප්‍රමාණයට වඩා තවත් ලකුණු 69ක් පසු පසු පසින් පසු වෙති.  

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 316ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 247ක් ලබා සිටියේ ය.  

පළමු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් ගාලු ක්‍රීඩකයෝ තවත් ලකුණු 69ක් පසු පසින් පසුවෙන අතර මේ වෙද්දී නොදැවී පිටියේ රැඳී සිටින ගාලු කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් තවත් කඩුලු 2ක් පමණක් අතැතිව එම අභියෝගයට මුහුණ දෙමින් සිටී.  

අවසන් මහා තරගය, පල්ලෙකැලේ, අප්‍රේල් 30 – මැයි 03, 2024, National Super League 4 Day Tournament 

  • කාසියේ වාසිය – Galle 
  • ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ 

තරගය අද ආරම්භ වෙන්නේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ගේ ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 279ක් පවතිද්දීය. ඔවුන් අද තම ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 316ක් දක්වා රැගෙන යෑමට සමත් වූහ.  

එම ඉනිම වෙනුවෙන් පෙර දින පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා සිටි අශේන් ඩැනියෙල් අද තම පළමු පෙළ ක්‍රිකට් දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනි. ඔහු 99කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේ ය.  

දිනයේ පළමු කඩුල්ල ලෙසින් නායක ලසිත් ඇඹුල්දෙණිය පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා සිටිය දී දැවී යන්නේ ය. අනතුරු ව නිම්සර අතරගල්ල (8) සහ සිතුම් දිසානායක (9) ද තම ඉනිම් හැර යන්නේ ය.  

කඩුලු දවා ගැනීමේ දී අසංක මනෝජ ලකුණු 46කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනි. ඊට අමතර ව රමේෂ් මෙන්ඩිස්, ටිලංග උදේශන සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2ක් බැගින් ද සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුල්ලක් ද දවා ගත් හ.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයන්ගේ ඉනිම ද එතරම් ම සශ්‍රීක තත්වයේ නොපැවැතිණි. ඔවුන් ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 28ක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදී මහනුවර පන්දු යවන්නෝ සමත් වූහ. 

එහි දී ඊට බිලි වූයේ ඔෂද ප්‍රනාන්දු (0) සහ සංගීත් කුරේ (12) ය. ඉන් අනතුරු ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවක් ගොඩ නැගීමට ශෙහාන් ප්‍රනාන්දු සහ ධනංජය ලක්ෂාන් සමත් වූහ. 

ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා ගනිමින් තම ඉනිම හැර ගියේ ය. ඔහුගේ පුරප්පාඩුව වෙනුවෙන් පිටියට පිවිසයේ ලක්ශාන් එදිරිසිංහ ය. නමුත් ඔහුට ද එතරම් ම දායකත්වයක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට හැකි වෙන්නේ නැත.  

ඔහු ඉනිමේ සිවු වැනි කඩුල්ල ලෙසින් පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටිය දී ඉනිම හැර යන්නේ ය. අනතුරු ව විශාද් රන්දික ද පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටිය දී තම ඉනිම හැර යන්නේ ය. 

ඒ සියලු දේ බලා සිටි ධනංජය ලක්ෂාන් ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් තම ඉනිම හැර යද්දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියේ ය. අනතුරු ව නිශාන් පීරිස් ද පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා ගන්නේ ය.  

ඊට පසුව පිටියට පිවිසි ප්‍රවීන් ජයවික්‍රම කිසිඳු ලකුණක් නොලබා ඉනිම හැර යද්දී ඊට පසුව පිටියට පිවිසි ටිලංග උදේශන පන්දු 30කට මුහුණ දෙමින් ලකුණු නොලබා මේ වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටින්නේ ය.  

තරගය පළමු දිනයට අවසන් වෙද්දී ගාලු කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් තම පසු පෙළ ක්‍රීඩකයන් හා එක් වෙමින් තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් සටන්කාමී ඉනිමක නිරත වීම කැපී පෙණුනි. ඔහු තරගය පළමු දිනයට අවසන් වෙද්දී පන්දු 118කට මුහුණ දී හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 79ක් ලබා සිටියේ ය.  

කඩුලු දවා ගැනීමේ දී නිම්සර අතරගල්ල ලකුණු 47කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී සිතුම් දිසානායක සහ නායක ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 බැගින් දවා ගත් හ. ඊට අමතර ව පුලින් තරංගට ද කඩුල්ලක් හිමි වුණි.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 316 (99.0) පවන්ත වීරසිංහ 27, සහන් කෝසල 84, සිතාර ගිම්හාන් 90, අශේන් ඩැනියෙල් නොදැවී 50, ධනංජය ලක්ෂාන් 2/74, ටිලංග උදේශන 2/56, අසංක මනෝජ් 3/46, රමේෂ් මෙන්ඩිස් 2/47

 

Galle – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 247 (70.0) ෂෙහාන් ප්‍රනාන්දු 33, ධනංජය ලක්ෂාන් 47, ලක්ශාන් එදිරිසිංහ 19, විශාද් රන්දික 19, රමේෂ් මෙන්ඩිස් නොදැවී 79, සිතුම් දිසානායක 2/48, නිම්සර අතරගල්ල 3/47, ලසිත් ඇඹුල්දෙණිය 2/65

 

මෙම තරගය හෙට (02) 3 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.  

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<