ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (03) දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනා.
උමේෂ්ක මොරිස්ගේ සුපිරි පන්දු යැවීම නිසා Bloomfield ක්‍රීඩකයන් ලකුණු 190කින් පරදවා දැවැන්ත ජයක් ලබා ගන්නට BRC සමත් වුනා. BRC ක්‍රීඩක දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 100යි.
මිලින්ද සිරිවර්ධනගේ (112) සහ නිමන්ද මධුශංකගේ (80) පිතිකරණයත් අසංක සිල්වාගේ (2/14) සහ බුද්ධික සංජීවගේ පන්දු යැවීමත් 2/25 නිසා Kandy Customs අතර පැවති තරගයෙන් ලකුණු 91ක ජයක් ලබා ගන්නට බදුරලිය ක්‍රීඩකයන්ට හැකි වුනා.
Sebastianites පරදවා කඩුලු 5ක ජයක් ලබා ගන්නට Kurunegala Youth ක්‍රීඩකයන්ට හැකි වුනා. කේෂාන් වන්නිආරච්චී ලකුණු 64ක් ලබා ගත්තා.
තවත් ක්‍රිකට් පුවත්:
- දවස අවසානයේ ශතක 9ක්; වනිඳු සහ අසෙල් පන්දුවෙන් දස්කම් අතරට
- බිනුර ප්‍රනාන්දුගේ සුපිරි පන්දු යැවීමෙන් රාගමට පහසු ජයක්
- තිසර පෙරේරාගේ වේගවත් ඉනිමට වර්ෂාව හරස් වෙයි
Moors SC ක්‍රීඩක සචිත්‍ර සේරසිංහගේ (32 & 5/24) අගනා තුන් ඉරියව් දස්කම් නිසාවෙන් පොලිස් ක්‍රිකට් කණ්ඩායම පරදවා ලකුණු 162ක පහසු ජයක් ලබා ගන්නට Moors ක්‍රීඩකයන් සමත් වුනා.
මහීෂ් තීක්ෂණගේ පන්දු යැවීම (4/40) සහ අශාන් රංදිකගේ අගනා අර්ධ ශතකයත් (54*) නිසා ගුවන් හමුදා ක්‍රීඩකයන් පරදවා කඩුලු 8ක ජයක් ලබා ගන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.
දිනයේ කෙටි ලකුණු සටහන,
Group – A
- Venue – Navy Ground, Welisara
- Toss – KCSC
Badureliya Cricket Club- 258 (46.2): මිලින්ද සිරිවර්ධන 112, නිමන්ද මධුශංක 80, දුනිත් ජයතුංග 24, උමේග චතුරංග 4/54, සචිත්‍ර පෙරේරා 2/51
Kandy Customs Sports Club – 167 (45): හසිත නිර්මාල් 39, චානක විජේසිංහ 38, ශෙහාන් වීරසිංහ 34, අසංක සිල්වා 2/14, බුද්ධික සංජීව 2/25, තිලකරත්න සම්පත් 2/34, රුචිර කෝශිත 2/48
බදුරලිය කණ්ඩායමට ලකුණු 91ක ජයක්
Group – D
- Venue – De Soysa International Cricket Stadium
- Toss – Sebastianites C & AC
Sebastianites C & AC – 221 (49.5): මනිල්කර් ද සිල්වා 54, සුචිර පරන්තල 51, සමීන් කන්දරආරච්චී 26, විහාන් ගුණසේකර 26, සච් ද සිල්වා 23, නවීන් ගුණවර්ධන 3/38, රංදීර රණසිංහ 3/47
Kurunegala Youth CC – 222/5 (48): කේශාන් වන්නිආරච්චී 64, දුලාජ් රණතුංග 39, ගයාන් මනීෂාන් 34, සමීර සඳමල් 33, රවින්ද්‍ර කරුණාරත්න 27, රවීන් පෙරේරා 2/35
Kurunegala Youth කණ්ඩායමට කඩුලු 5ක ජයක්
Group – A
- Venue – Bloomfield Ground, Colombo
- Toss – BRC
Burgher Recreation Club – 353/5 (50): දුෂාන් හේමන්ත 100*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 82, අනුක් ප්‍රනාන්දු 64*, ළහිරු සමරකෝන් 36, ශශීන් ප්‍රනාන්දු 30, නිසල් ෆ්‍රැන්සිස්කෝ 29, දිලුම් ප්‍රනාන්දු 2/76
Bloomfield C & AC – 163 (29.4): කසුන් ඒකනායක 49, නිපුන් ගමගේ 27, නිපුන් හග්ගල්ල 25, සචින් ජයවීර 25, උමේෂ්ක මොරිස් 7/46
BRC කණ්ඩායමට ලකුණු 190ක ජයක්
Group – D
- Venue –SSC Ground, Colombo
- Toss – SSC
Sinhalese Sports Club – 232 (49.1): ලක්සිත මුණසිංහ 53, ධනුෂ්ක ගුණතිලක 51, ක්‍රිශාන් සංජුල 24, ප්‍රබාත් ජයසූරිය 23, ජෙෆ්රි වැන්ඩසේ 21, හශේන් රාමනායක 3/42, උදිත් මධුශාන් 3/37, චමින්ද බණ්ඩාර 2/66
Saracens Sports Club – 183/7 (50): නවිදු විතානගේ 50*, චරිත කුමාරසිංහ 41, ප්‍රමෝද් මධුවන්ත 32, අයන සිරිවර්ධන 20, ප්‍රබාත් ජයසූරිය 2/30, ලක්ශිත මුණසිංහ 2/36
SSC කණ්ඩායමට ලකුණු 49ක ජයක්
Group – A
- Venue – Army Ground, Panagoda
- Toss – Army CC
Air Force SC – 110 (32): අශින්ත මල්ෂාන් 26*, මහීෂ් තීක්ෂණ 4/40, සීක්කුගේ ප්‍රසන්න 3/11, දුෂාන් විමුක්ති 3/19
Army Cricket Club – 114/ 2 (13.4): අශාන් රංදික 54*
යුද හමුදා කණ්ඩායමට කඩුලු 8ක ජයක්
Group – D
- Venue – Police Park, Colombo
- Toss – Moors SC
Moors Sports Club – 262 (49.1): මහේල උඩවත්ත 89, සචිත්‍ර සේරසිංහ 32, රනිත ලියනආරච්චි 29, පබසර වඩුගේ 27, පසිඳු සූරියබණ්ඩාර 27, මොහොමඩ් ශමාස් 24, මලිත් ද සිල්වා 2/41, අසෙල් සිගේරා 2/44, සුජාන් මයුර 2/57
Police Sports Club – 100 (28.1): අසෙල් සිගේරා 31, මලිත් ද සිල්වා 23, සචිත්‍ර සේරසිංහ 5/24, ප්‍රවීන් ජයවික්‍රම 4/17
Moors කණ්ඩායමට ලකුණු 162ක ජයක්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<