ධනුෂ්කගෙන් සුපිරි පිම්මක්

39

ශ්‍රී ලාංකික දුර පැනීමේ ක්‍රීඩකයෙකු වන ධනුෂ්ක සඳරුවන් ඇමරිකාවේ පැවති විවෘත තරගාවලියකට සහභාගී වෙමින් ඉහළ දක්ෂතා සමඟින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

දැඩි ශීත කාලගුණයක් යටතේ පැවති මෙම තරගයේ දී මීටර් 7.87ක දක්ෂතාවයක් වාර්තා කිරීමට ඔහු සමත් වූ අතර මේ එළිමහන් ඉසව්ව ආරම්භ කරමින් පැවති පළමු තරගාවලිය වීම විශේෂත්වයක්.

මීට සති කිහිපයකට පෙර ඔහු වසර 27ක ගෘහස්ථ ජාතික දුර පැනීමේ වාර්තාව බිඳ හෙළමින් මීටර් 7.82ක දක්ෂතාවක් සමඟින් ඇමරිකාවේ පැවති තරගාවලියක දී ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

ඇමරිකාවේ Texas A&M සරසවිය නියෝජනය කරමින් තරග කරන ධනුෂ්ක පසුගිය වසරේ ද දුර පැනීම ඉසව්වෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔහු 2021 වසරේ දී මීටර් 7.84ක දස්කමක් දක්වමින් ඇමරිකාවේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ද සමත් වුනා.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<