ජාවෙඩ් ඕමාර්ව බංග්ලාදේශය ප්‍රතික්ෂේප කරයි

64

බංග්ලාදේශයේ හිටපු දක්ෂ ආරම්භක පිතිකරුවෙකු වන ජාවෙඩ් ඕමාර් මින් ඉදිරියට පැවැත්වෙන කිසිදු ICC තරග ඉසව්වක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නියෝජිතයෙක් ලෙස නම් නොකරන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ICCයෙන්  ඉල්ලීමක් කර ඇත. 

ක්‍රිකට් පුහුණුකරුවන් යම් සහනයක් බලාපොරොත්තුවෙන්

මේ දිනවල පැතිර යන Covid-19 වසංගත තත්වය නිසාවෙන් පැවැත්වෙමින් තිබූ ක්‍රිකට් …….

පසුගිය තරගාවලි කිහිපය පුරාවට බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස ජාවෙඩ් ඕමාර් කටයුතු කළ අතර පසුගිය දා ඕස්ට්‍රේලියාවේ දී නිමාව දුටු කාන්තා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ද ඔහු කළමනාකරු ලෙස කටයුතු කළේය. 

කෙසේ නමුත් ඕමාර් එම තරගාවලි කිහිපය අතරතුර කණ්ඩායම තුල කතාබහට ලක්වන ඉතාමත් වැදගත් තරග සැලසුම් ඇතුළු රහස්‍ය කතා බස් කණ්ඩායමෙන් ඉවතට රැගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි ද ඔවුන් සතු බවට බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනය ICCය වෙත දන්වා තිබේ.

“ඔව් අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඒ සිදුවීම ගැන දැනුම් දුන්නා. ඒ වගේම අපි ICCයට කිව්වා ඔහුව කිසිදු ICC තරග ඉසව්වක් සඳහා සහභාගී කරගන්න එපා කියලා.” යැයි බංග්ලාදේශ ක්‍රිකට්  ඉහල පෙළේ නිලධාරියෙක් Cricbuzz වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා ඇත.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලියටත් කොරෝනා හරස් වෙයි

මේ දිනවල පැතිර යන Covid-19 වසංගත තත්වය නිසාවෙන් එළඹෙන ජුනි මස ආරම්භයේ .

මෙම වසංගත තත්වය අවසන් වූ හෝ පාලනය වූ වහාම ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 40ක් සහ එක්දින තරග 59ක් ක්‍රීඩා කර තිබෙන ඕමාර් බංග්ලාදේශය වෙනුවෙන් සිය පළමු ජාත්‍යන්තර තරගය සඳහා සහභාගී වන්නේ 1995 වසරේ දීයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<