මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලිය (TPBC) අඛණ්ඩව දෙවන වසරටත් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානමින් ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසැල් 28ක කණ්ඩායම් එකම කිරුළක් වෙනුවෙන් තරගාවලියේ දී සටන් වදිනු ඇත.

A කාණ්ඩයට එක්වූ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල

TPBC 2016 – සාරාංශයක්

ප්‍රෙස්බිටීරියන් කාන්තා පාසල පසුගිය වසරේ තරගාවලිය සඳහා සහභාගී වූයේ A කාණ්ඩයෙනි. එහි දී ඔවුන් අවසන් පූර්ව වටයේ දී සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයීය කණ්ඩායම හමුවේ ලකුණු 32-21ක් ලෙස පරාජයට පත්වෙමින් තරගාවලියෙන් ඉවත් විය. අනතුරුව ඔවුන් තරගාවලියේ 3 වන ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගය ද බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම හමුවේ ලකුණු 49-34ක් ලෙස පරාජයට පත්විය.

වැදගත් ක්‍රීඩිකාවන්

දිලක්ෂි ප්‍රනාන්දු

Dilakshi Fernandoප්‍රෙස්බිටීරියන් කාන්තා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇති දිලක්ෂි ප්‍රනාන්දු ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු කණ්ඩායමට ද මෙම වසර මුල භාගයේ දී නායකත්වය ලබා දුන්නා ය. පසුගිය වසරේ අත්විඳි අවසන් පූර්ව වටයේ පරාජය මකා දැමීම සඳහා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කණ්ඩායම තුළ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩිකාව වන දිලක්ෂි වටා එක්වෙනු ඇත. සමස්තයක් ලෙස ක්‍රීඩිකාවන්ගේ උස ප්‍රමාණය අතින් කණ්ඩායමට අවාසිදායක තත්වයක් ඇති නිසා දිලක්ෂි මූලික අවධානය යොමු කළ යුත්තේ කණ්ඩායමේ ආරක්ෂාකාරී උපාය මාර්ග වැඩිදියුණු කර ගැනීම උදෙසා ය.

Photos : TPBC17 | Presbyterian School – Colombo| Girls’ Basketball Team

කණ්ඩායම

කණ්ඩායමේ මූලික අවධානය යොමුව ඇත්තේ ඔවුන්ගේ ආරක්‍ෂාකාරී ක්‍රියාමාර්ග කෙරෙහි ය. ඒ අනුව හොඳ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් හොඳම ප්‍රහාරය ලෙස විශ්වාස කරන ඔවුන් ඔවුන්ගේ ආරක්ෂාකාරී උපක්‍රම මත තරග ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම ඔවුන්ට ක්‍රීඩිකාවන්ගේ උස අතින් අත්ව ඇති අවාසිදායක තත්වය මඟහරවා ගැනීමට ද මෙම ප්‍රබල ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශය ඉවහල් වේ.

ප්‍රෙස්බිටීරියන් කාන්තා පාසල නියෝජනය කරනු ලැබූ කණ්ඩායම් කිහිප වරක්ම තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ඇති අතර මෙවර තරගාවලියේ දී ඉන් පියවරක් ඉදිරියට යමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ අරමුණ ඇතිව ඔවුන් තරගාවලියට එක්වෙයි. එමෙන්ම කණ්ඩායමට පසුගිය වසරේ දුර්වලතා දැක්වූ අකාර්යක්‍ෂම පන්දු ප්‍රහාරය වැනි අංශ දියුණු කර ගැනීම සඳහා ඔවුන් මෙවර වැඩි අවධානයක් යොමුකර ඇත.

සාමාන්‍යයෙන් ඔවුන් සතියකට දවස් 3ක් පුහුණුවීම් කටයුතුවල නිරත වන නමුත් කණ්ඩායම තුළ ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් වැඩි දෙනෙක් වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩිකාවන් වන නිසා රජයේ විභාග හේතුවෙන් ඔවුන්ගේ සුපුරුදු පුහුණුවීම් කටයුතුවලට බාධා එල්ල වී ඇත. පුහුණුවීම් කටයුතුවල දී ඔවුන් ආරක්ෂාකාරී උපක්‍රම වෙත වැඩි අවධානයක් යොමු කරමින් පන්දු ප්‍රහාරය සහ ප්‍රහාරාත්මක උපක්‍රම ද දියුණු කර ගැනීමට අවධානය යොමු කර ඇත.

නායිකා දිලක්ෂි ප්‍රනාන්දු,

“මට මගේ කනිෂ්ඨ ක්‍රීඩිකාවන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා, ඔවුන්ට මට හොඳ සහයෝගයක් ලබා දීලා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්න පුළුවන් වෙයි කියලා. අපිට අවශ්‍ය තරගාවලිය ජයග්‍රහණය කරලා, අපිට කරන්න පුළුවන් දේ පෙන්නලා අපේ ගුරුවරුන්, පාසල වගේම අපිට උදව් කරපු හැමෝටම ගෞරවයක් අත්කරලා දෙන්න.”

ප්‍රධාන පුහුණුකරු තරිඳු ප්‍රනාන්දු,

“මට මේ කණ්ඩායම අවසන් මහා තරගයට ගෙනි යන හීනය තිබුණා ටික කාලයක ඉඳන්. අපි මෑත අතීතයේ දී ඒක සැබෑ කර ගන්න ඉතා ආසන්නයටම ආවා. නමුත් මම හිතනවා මේක තමයි ඒ අපේ ඉලක්කය සැබෑ වෙන වසර කියලා.”

සංචිතය

දිලක්ෂි ප්‍රනාන්දු (නායිකාව), ඉශාදි වත්සලා, ඉරුෂි ගිම්හාන්, තරීන්ද්‍යා කේෂාරි, සියුමි තත්සාරි, විශ්මි ලියනගේ, ඔශානි පෙරේරා, ඕෂධී පෙරේරා, තරණි නදෙව්නි, දිල්කි තක්‍ෂිලා, සමාජි විනෝද්‍යා, රොෂානි මිහිසාරි  

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට