Home Sinhala වනිඳුගේ තනි කකුලේ මෙහෙයුමෙන් Kandy අවසන් තරගයට!

වනිඳුගේ තනි කකුලේ මෙහෙයුමෙන් Kandy අවසන් තරගයට!

7054
Wanindu Hasaranga 48 runs

ආබාධ මැද වුවද තුන් ඉරියව්වෙන්ම අතිවිශිෂ්ට දස්කම් පෑ B-Love Kandy නායක වනිඳු හසරංග ඊයේ (19) තම කණ්ඩායම අවසන් මහා තරගය කරා රැගෙන ගියා.

ඒ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් Galle Titans කණ්ඩායම ලකුණු 34කින් පරාජය කරමින්.

ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ තරගය වූ මෙය ක්රියාත්මක වුනේ කොළඹ ආර් ප්රේමදාස ක්‍රීඩාංගණයේ දීයි. සති අන්ත දිනයක් වූ ඊයේ දිනයේ දී විශාල ප්රේක්ෂක පිරිසක් තරග අසිරිය විඳ ගැනීම වෙනුවෙන් පැමිණ සිටියා. කාසියේ වාසිය දිනා ගත් වනිඳු B-Love කණ්ඩායමට පිතිකරණ අවස්ථාව ලබා ගැනීමත් සමඟින් තරගය ආරම්භ වුනා. 

නමුත් ඔවුන්ට තරගයේ පළමු අඩ හෝරාව වාසනාව ගෙන ආවේ නැහැ. ලකුණු 20ක් වෙද්දී Kandy මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකුම තරග නරඹන්නන් බවට පත්ව සිටියා. තමන්ට ලැබුණු අවස්ථා කිහිපයේ දී ම කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කළ ලහිරු කුමාර ඊයේ Titans ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම පිටියෙන් ඉවත් කිරීමට සමත් වීම විශේෂත්වයක්. 

අතරට Jaffna කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ පාකිස්තානු ක්රීඩක Mohommad Harisගේ කඩුල්ල ද ඇතුළත් වුනා. සහන් ආරච්චිගේ ඊයේ පන්දු 4ක දී කිසිදු ලකුණක් රැස් කිරීමට අපොහොසත් වූ අතර Shakib Al Hasan ගුවනට මුසුකර යැවූ පන්දුවකට ඉදිරියට පැන පහර දෙන්නට යාමේ දී පන්දුව මගහැරී ස්ටම්ප් කිරීමකට ලක්වුනා. 

මේ මොහොතේ නැවතත් කණ්ඩායමේ බර ඇදීමට සිදු වුනේ තරගාවලියේ ලකුණු අතර සිටි පිතිකරුවන් දෙදෙනා වන වනිඳු හසරංගට සහ දිනේෂ් චන්දිමාල්ටයි. විශේෂයෙන්ම වනිඳු හසරංග පාදයේ ආබාධයක් නිසා දැඩි වේදනාවක් සඟවා ගෙන පන්දුවට පහර දුන්නේ මෙය අනිවාර්යයෙන්ම ජය ගත යුතු වූ තරගයක් නිසයි. එම අධිෂ්ඨානශීලී ඉනිම අද ලකුණු 48ක් දක්වා ඉහළ නැගුණා. 

පන්දු 30ක් පමණක් වැය වුනු වනිඳුගේ ප්රවේගකාරී ඉනිම හතරේ පහර 3කින් සහ දැවැන්ත හයේ පහර 4කින් හැඩගැන්වුනා. ඔහු කලක් ජාත්යන්තර විස්සයි විස්ස පිටියේ තම ප්රබලතම ප්රතිවාදියා වූ Tabraiz Shamsi පිට පිටම හයේ පහර 2ක් එල්ල කිරීමට සමත් වීම ද විශේෂත්වයක්. අවසානයේ යොවුන් ක්රීඩක සොනාල් දිනූෂ මෙම සබඳතාවයට හවුල් වූ දෙදෙනාවම පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනා. 

දැවී යද්දී දිනේෂ් චන්දිමාල් තම ලකුණු 38 වෙනුවෙන් පන්දු 37ක්ම වැය කර තිබුණ ද, ඔහු හසරංගට දැක්වූ සහයෝගය තරගය නැවතත් B-Love Kandy දෙසට යොමුකර ගැනීමට හේතු වුනා.

ඉනිමේ අවසන් කොටසේ දී ඇන්ජලෝ මැතිව්ස් (24) සහ චතුරංග සිල්වා (15*) ක්රීඩා කළ වේගවත් ඉනිම් දෙකේ පිහිටෙන් ප්රතිවාදීන්ට ලකුණු 158 ඉලක්කයක් ලබා දෙන්නට Kandy කණ්ඩායමට හැකි වුනා.

කඩුලු 2ක් දවා ගත්ත ද 18 වැනි පන්දුවාරය යැවූ සොනාල් දිනූෂ එහි දී ප්රතිවාදීන්ට ලකුණු 25ක්ම ලබා දීම ද තරගයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි. සොනාල්ගේ අතිරේක ලකුණු රැසක් ඇතුළත් පන්දුවාරයේ සහයෝගය නොවන්නට B-Love කණ්ඩායමට ලකුණු 150 පසුකර යාම සිහිනයක් වන්නට ඉඩ තිබුණා 

මෙම ඉනිම හඹා යාමට පිටියට පිවිසි Galle Titans වරෙක කිසිවෙකු නොදැවී ලකුණු 38ක් ලබාගෙන ශක්තිමත් ස්ථානයක පසුවුනා. විශේෂයෙන්ම ඔවුන් තරගාවලිය පුරාම ප්රවේශමෙන් පන්දු යැවූ මැතිව්ස්ට සහ Mujeeb Ur Rahman පවර්ප්ලේ අවස්ථාව තුල දැඩි ප්රහාරයක් එල්ල කිරීමට සමත් වුනා 

අවසානයේ අවශ්යම මොහොතේ දී බංග්ලාදේශ ක්රීඩක Litton Dasගේ කඩුල්ල බිඳ දැමීමට චතුරංග සිල්වා සමත් වුනා. පන්දු 19කින් ලකුණු 25ක් ලබා සිටි Das වන විට Kandy කණ්ඩායමට හොඳ පීඩනයක් එල්ල කරමින් සිටියා. ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් Mujeeb අනෙක් අන්තයේ සිට කැරම් පන්දුවක් යොමු කරමින් නවක ක්රීඩක සොහාන් ලිවේරාව පිටියෙන් ඉවත් කළා. 

තම සහෝදරයා නායකත්වය දරන කණ්ඩායම අවසන් මහා තරගයට ගෙන යාම වෙනුවෙන් තම උපරිමය ලබා දුන් චතුරංග සිල්වා නැවතත් ක්රියාත්මක වෙමින් ලසිත් කෲස්පුල්ලේව දවා ගත්තේ Titans ඉනිම ලකුණු 45කට කඩුලු 3ක් බවට පත් කරමින්.

ඉන්පසු Shakib Al Hasan සහ සොනාල් දිනූෂ සබඳතාවයක් ගොඩ නැගූව ද, Kandy කණ්ඩායම පහසු ලකුණුවලට ඉඩ ලබා නොදී ප්රතිවාදීන්ට අවශ් කරන ලකුණු වේගය ඉහළ දමා ගත්තා. 

මේ මොහොතේ Titans කණ්ඩායමට අනතුරුදායක පහරවල් කරා යොමුවීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරිව තිබුණේ නැහැ. නමුත් ඊට උත්සාහ කරන සෑම අවස්ථාවකම කඩුලු දවා ගැනීමට Kandy කණ්ඩායම දක්ෂ වුනා. බොහෝ දුරට තනි කකුලක් ආධාරයෙන් පන්දු යැවූ වනිඳු හසරංග එහි දී පන්දුවාර 4 ක්රියාත්මක කරමින් නායක දසුන් ශානක සහ සීක්කුගේ ප්රසන්න දවා ගැනීම විශේෂත්වයක්. 

ඉදිරියේ පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගාවලිවල දී සාර්ථක වීමට නම් ශ්රී ලංකා නායක දසුන් ශානක මෙම පා දඟපන්දු යවන්නන් ඉදිරියේ පෙන්නුම් කරන කැපී පෙනෙන දුර්වලතාවය මග හරවා ගැනීම අතිශය වැදගත් වනවා. B-Love Kandy අතිසාර්ථක පන්දු යැවීම අවසන් වුනේ Galle Titans ලකුණු 123කට සීමා කරමින්. 

Result


B-Love Kandy
157/7 (20)

Galle Titans
123/8 (20)

Batsmen R B 4s 6s SR
Mohammad Haris c Kasun Rajitha b Lahiru Kumara 7 7 1 0 100.00
Thanuka Dabare c Najibullah Zadran b Lahiru Kumara 5 8 1 0 62.50
Dinesh Chandimal c Lasith Croospulle b Sonal Dinusha  38 37 3 1 102.70
Sahan Arachchige st Sohan de Livera b Shakib Al Hasan 0 4 0 0 0.00
Wanindu Hasaranga c Kasun Rajitha b Sonal Dinusha  48 30 3 4 160.00
Angelo Mathews run out (Sohan de Livera) 24 17 2 1 141.18
Asif Ali c Dasun Shanaka b Kasun Rajitha 10 11 0 1 90.91
Chaturanga de Silva not out 15 6 1 1 250.00
Lahiru Madushanka not out 1 1 0 0 100.00


Extras 9 (b 0 , lb 0 , nb 1, w 8, pen 0)
Total 157/7 (20 Overs, RR: 7.85)
Bowling O M R W Econ
Kasun Rajitha 4 0 27 1 6.75
Lahiru Kumara 4 0 21 2 5.25
Shakib Al Hasan 4 0 24 1 6.00
Tabraiz Shamsi 2 0 22 0 11.00
Seekkuge Prasanna 2 0 19 0 9.50
Dasun Shanaka 1 0 12 0 12.00
Sonal Dinusha  3 0 32 2 10.67


Batsmen R B 4s 6s SR
Liton Das b Chaturanga de Silva 25 19 4 0 131.58
Lasith Croospulle c Lahiru Madushanka b Chaturanga de Silva 14 13 1 0 107.69
Sohan de Livera c Mohammad Hasnain b Mujeeb ur Rahman 1 4 0 0 25.00
Shakib Al Hasan c Mohammad Haris b Sahan Arachchige 17 15 2 0 113.33
Sonal Dinusha  c Dinesh Chandimal b Mohammad Hasnain 28 32 0 1 87.50
Dasun Shanaka c Dinesh Chandimal b Wanindu Hasaranga 4 8 0 0 50.00
Najibullah Zadran c Mujeeb ur Rahman b Mohammad Hasnain 1 5 0 0 20.00
Seekkuge Prasanna c Angelo Mathews b Wanindu Hasaranga 1 2 0 0 50.00
Kasun Rajitha not out 10 14 1 0 71.43
Lahiru Kumara not out 10 8 0 1 125.00


Extras 12 (b 0 , lb 3 , nb 0, w 9, pen 0)
Total 123/8 (20 Overs, RR: 6.15)
Bowling O M R W Econ
Angelo Mathews 3 0 31 0 10.33
Mujeeb ur Rahman 3 0 29 1 9.67
Wanindu Hasaranga 4 0 21 2 5.25
Chaturanga de Silva 4 0 16 2 4.00
Sahan Arachchige 2 0 10 1 5.00
Mohammad Hasnain 3 0 8 2 2.67
Lahiru Madushanka 1 0 5 0 5.00



පිට පිටම දෙවැනි වතාවටත් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ වනිඳු හසරංග ත්යාග ප්රදානෝත්සවයට සහභාගි වෙමින් ප්රකාශ කළේ තමන් පසුදින පැවැත්වෙන අවසන් මහා තරගයටත් ක්රීඩා කිරීමට තරම් ශාරීරික යෝග්යතාවයකින් පසුවන බව විශ්වාස කරන බවයි. 

අනුව අද (20) රාත්රී 7.30 වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් B-Love Kandy සහ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් හෙබි Dambulla Aura කණ්ඩායම් කොළඹ ආර්. ප්රේමදාස ක්‍රීඩාංගණයේ දී සිව්වැනි LPL කුසලානය වෙනුවෙන් විශිෂ්ට තරගයක නිරත වනු ඇති 

එම සටනින් කවුරුන් ජයග්රහණය කළ ද නව ශූරයෙකුට මංගල LPL කුසලානය දෝත දැරීමට මෙවර අවස්ථාව උදාවී තිබෙනවා. අතිඋද්වේගකර අවසන් මහා තරගයේ මිහිර සජීවීව විඳ ගැනීමටත්, එහි ඡායාරූප සහ වාර්තා ඔබට සමීප කිරීමටත් ThePapare.com වෙබ් අඩවිය සැදී පැහැදී සිටිනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම! 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<