ක්‍රිකට් පුහුණුකරුවන් යම් සහනයක් බලාපොරොත්තුවෙන්

146

මේ දිනවල පැතිර යන Covid-19 වසංගත තත්වය නිසාවෙන් පැවැත්වෙමින් තිබූ ක්‍රිකට් තරගාවලි මෙන්ම පැවැත්වීමට නියමිතව තිබූ මහා ක්‍රිකට් තරග සහ ක්‍රිකට් තරගාවලි නොපැවැත්වීම නිසා දැඩි ලෙස අසරණ තත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සංගමය පවසා සිටියි.

ලොව දිනූ වට්මෝර්ට ඉන්දීය ක්‍රිකට් සම්බන්ධ තනතුරක්

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම 1996 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කළ ඩේව් වට්මෝර් හට…

ශ්‍රී ලංකාව තුල ජනප්‍රියම හා ප්‍රධානම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ කොඳුනාරටිය වැනි පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යමින් එය රැක ගැනීමට වෙරදරණ පුහුණුකරුවන් මෙම කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලි නොපැවැත්වීම සහ තරග කල් යාම නිසාවෙන් බොහෝ ලෙස අසරණ වී ඇත. ඉන් බොහෝමයක් පුහුණුකරුවන්ට තම ආදායම් මාර්ග ද අහිමි වී ගොස් පවති.

“රට තුල උද්ගතවී ඇති තත්වයත් සමඟ ආර්ථික අපහසුතාවලට පත්ව ඇති පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් ගොඩක් අමාරුවෙන් ඔවුන්ගේ ජීවන තත්වය පවත්වා ගෙන යන්නේ. ඔවුන් හට සහන සලසා දීම වෙනුවෙන් ගරු ක්‍රීඩා ඇමතිතුමා, ගරු අධ්‍යාපන ඇමතිතුමා සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමන්ගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.” යැයි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සංගමයේ නීති උපදේශක එරංග ගුණරත්න මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසීය.

COVID නිසා ජීවිතය වෙනස් වූ අයුරු – පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ලිපියක්

මම මෙම ලිපිය ලියන්නේ (15/04/2020) මට එක්සත් රාජධානියට ක්‍රිකට් තරගාවලියක් සඳහා පියාසර කිරීමට නියමිතව තිබූ දිනකය. නමුත් අප කවුරුත්…

ඒ නිසාවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සංගමයේ ඉදිරි පෙළ නිලධාරීන් ඉදිරි දින කිහිපය තුල ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරුන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනයේ සභාපති යන මහත්වරුන් මුණගැසී ඔවුන්ට උද්ගතව තිබෙන පහත සඳහන් ගැටලු ඉදිරිපත් කිරීමට ඔවුන් සූදානමින් සිටියි.

· රජයෙන් ලබා දෙන යම් ආකාරයක දීමනාවක් මේ පුහුණුකරුවන්ට ද ලබා ගැනීම.

· පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තුල ලියාපදිංචි බලපත්‍ර හිමි පුහුණුකරුවන් වුවද ක්‍රිකට් ආයතනය තුලින් ද කිසිදු දීමනාවක් ඔවුන් වෙත හිමි වන්නේ නැත.

· පුහුණුකරුවන් වෙත රක්ෂණාවාරණයක් ලබා ගැනීම.

මේ සඳහා ගත හැකි යහපත් ප්‍රතිචාරයක් වේ නම් එය ලබාගෙන ක්‍රීඩාවේ අනාගතය සුබදායී කර ගැනීමට සියලුම දෙනා කැපවී කටයුතු කරනු ඇති, යන්න ThePapare.com පැතුමයි.