Home Sinhala සහෝදරයින්ගේ සටනේ පළමු දිනයේ ගෞරවය ඉසිපතනයට

සහෝදරයින්ගේ සටනේ පළමු දිනයේ ගෞරවය ඉසිපතනයට

60 වැනි සහෝදරයින්ගේ සංග්‍රාමය

141

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වෙන 60 වැනි සහෝදරයින්ගේ සංග්‍රාමය අද (24) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ඉසිපතන විද්‍යාලය තර්ස්ටන් පළමු ඉනිමට වඩා ලකුණු 84ක් පසුපසින් සිටිනවා. කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන විද්‍යාලයීය නායක නවීන් කනිෂ්ක පළමුව පන්දු රැකීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • තර්ස්ටන් විද්‍යාලය – තනුජා රාජපක්ෂ, තනුග පලිහවඩන, ශානික්‍ය දේශප්‍රිය (නායක/කඩුලු රකින්නා), තේනුක දේවප්‍රිය, විහාස් තෙව්මික, නවිඳු දුලාන්, අසීම් මොහොමඩ්, උෂාන් ඉමේෂ්, විශ්ව දනංජය, ගගන පෙරේරා, තලීෂ නානායක්කාර
  • ඉසිපතන විද්‍යාලය – නවීන් කනිෂ්ක (නායක), තරුෂ නෙත්සර (කඩුලු රකින්නා), තරුෂ්ක අශෙල්, යෙසිත් කළුපහන, යුනෙත් සෙනෙවිරත්න, තේමියගුණරත්න, කෙවින් සැමුවෙල්, දුශාන් මාලිංග, සිතුක ගුණවර්ධන, දසිත් සේනාල්, සහන් විරාජ්

ඉසිපතන ආරාධනයෙන් පළමු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි තර්ස්ටන් විද්‍යාලයේ ආරම්භක පිතිකරු තනුජ 4 පහර 3ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් ලකුණු 56ක් ලබාගෙන මංගල තරගයේ දී ම අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. ලකුණු 11කට කඩුලු 2ක්  බිඳ වැටී තිබුණු අවස්ථාවේ දී නායක ශානික්‍ය සහ තනුජ එක්ව ලකුණු 65ක සබඳතාවයක් ගොඩනංවමින් යම් ස්ථාවරත්වයක් ගොඩනැංවූවා.

තර්ස්ටන් ප්‍රධාන පිතිකරුවන් වුනු තේනුක සහ විහාස් හට විශාල ලකුණු සටහන් නිර්මාණය කරගැනීමට හැකියාවක් නොලැබුනු නිසාවෙන් තර්ස්ටන් ලකුණු සටහන එක් අවස්ථාවක 106/7ක් ලෙස සටහන් වුනා. අනතුරුව 8 වැනි කඩුල්ලට ලකුණු 71ක සබඳතාවයක් ගොඩනැංවූ උෂාන් සහ නවිඳු තර්ස්ටන් පසුපෙළ ලකුණු සටහන සවිමත් කළා. එහි දී උෂාන් 4 පහර 7ක් සහ 6 පහරක් එල්ල කරමින් පන්දු 51ක දී ලකුණු 57ක් ලබා ගැනීම තර්ස්ටන් කණ්ඩායමට විශාල සහනයක් වුනා.

ප්‍රධාන ක්‍රීඩකයින් අසාර්ථක වුවත් මංගල මහා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අර්ධ ශතක ලබා ගැනීම නිසාවෙන් තර්ස්ටන් කණ්ඩායමට ඔවුන්ගේ පළමු ඉනිම යම් ස්ථාවර සහ අභියෝගයක් ගොඩනැංවිය හැකි මට්ටමකට රැගෙන එන්නට හැකි වුනා.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක සහන් දැක්වූ දක්ෂතාවය ඉසිපතනයට විශාල සවියක් වුනු අතර ඔහු සිය මංගල මහා තරගයේ දී ම කඩුලු 5ක් දවා ගත්තා. මෙහි දී සහන්ට අමතරව ඉසිපතන වේගපන්දු යවන්නන් වන නායක නවීන් සහ සැමුවෙල් ඇතුළු වේගපන්දු යවන්නන් කඩුලු 9ක් දවා ගත්තා. අවසානයේ දී තර්ස්ටන් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 186ක් පමණයි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ඉසිපතන කණ්ඩායම පළමු දිනය අවසන් වන විට, කඩුලු 2ක් දැවී ලකුණු 102ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවරයක් ගොඩනංවාගෙන තිබෙනවා. නොදැවී කඩුල්ලේ රැඳී සිටින තරුෂ්ක අශෙල් නොදැවී ලකුණු 47*ක් ලබාගෙන සිටින අතර යෙසිත් කළුපහන ලකුණු 26යි.

Result

Match drawn

Thurstan College
186/10 (52.5) & 140/2 (36.4)

Isipathana College
211/10 (78.5)

Batsmen R B 4s 6s SR
Thanuga Palihawadana lbw b Sahan Viraj 4 14 0 0 28.57
Thanuja Rajapaksha c Sithuka Gunawardane b Naveen Kanishka 56 75 3 4 74.67
Thenuka Dewappriya c Sithuka Gunawardane b Kevin Samuel 0 3 0 0 0.00
Shanikiya Deshapriya c Tharusha Nethsara b Naveen Kanishka 27 26 6 0 103.85
Vihas Thewmika c Tharusha Nethsara b Sahan Viraj 10 39 1 0 25.64
Navindu Dulan c Themiya Gunarathne b Sahan Viraj 22 94 1 0 23.40
Azeem Mohomed c Sithuka Gunawardane b Sahan Viraj 0 1 0 0 0.00
Ushan Imesh c Tharushka Ashel b Naveen Kanishka 57 51 7 1 111.76
Vishwa Dhananjaya c Naveen Kanishka b Dasith Senal 0 6 0 0 0.00
Gagana Perera c Dushan Malinga b Sahan Viraj 0 8 0 0 0.00
Talisha Nanayakkara not out 1 2 0 0 50.00


Extras 9 (b 0 , lb 5 , nb 2, w 2, pen 0)
Total 186/10 (52.5 Overs, RR: 3.52)
Bowling O M R W Econ
Sahan Viraj 11.5 4 44 5 3.83
Kevin Samuel 9 1 43 1 4.78
Sithuka Gunawardhana 8 2 22 0 2.75
Yesith Kalupahana 1 0 8 0 8.00
Naveen Kanishka 14 0 32 3 2.29
Dasith Senal 9 0 32 1 3.56
Batsmen R B 4s 6s SR
Tharusha Nethsara c Navindu Dulan b Vihas Thewmika 12 28 1 0 42.86
Naveen Kanishka c Shanikiya Deshapriya b Vihas Thewmika 10 28 1 0 35.71
Tharushka Ashel c Thenuka Dewappriya b Vihas Thewmika 72 149 8 0 48.32
Yesith Kalupahana st Shanikiya Deshapriya b Ushan Imesh 51 97 2 2 52.58
Sithuka Gunawardane c Azeem Mohomed b Vihas Thewmika 6 18 0 0 33.33
Yuneth Senevirathne lbw b Vihas Thewmika 13 21 2 0 61.90
Themiya Gunarathne c Ushan Imesh b Vihas Thewmika 5 14 1 0 35.71
Dushan Malinga c Shanikiya Deshapriya b Vishwa Dhananjaya 10 56 1 0 17.86
Kevin Samuel lbw b Vihas Thewmika 21 52 3 0 40.38
Dasith Senal c Ushan Imesh b Azeem Mohomed 1 17 0 0 5.88


Extras 10 (b 3 , lb 1 , nb 6, w 0, pen 0)
Total 211/10 (78.5 Overs, RR: 2.68)
Bowling O M R W Econ
Gagana Perera 9 3 17 0 1.89
Vishwa Dhananjaya 15 3 58 1 3.87
Vihas Thewmika 31.5 6 67 7 2.13
Talisha Nanayakkara 2 0 7 0 3.50
Thanuga Palihawadana 12 3 31 0 2.58
Azeem Mohomed 3 0 8 1 2.67
Ushan Imesh 6 0 20 1 3.33


Batsmen R B 4s 6s SR
Thanuja Rajapaksha c Themiya Gunarathne b Sithuka Gunawardane 36 57 5 0 63.16
Thanuga Palihawadana c Tharusha Nethsara b Sahan Viraj 27 82 3 0 32.93
Shanikiya Deshapriya not out 53 42 9 0 126.19
Thenuka Dewappriya not out 12 40 1 0 30.00


Extras 12 (b 0 , lb 2 , nb 1, w 4, pen 5)
Total 140/2 (36.4 Overs, RR: 3.82)
Bowling O M R W Econ
Sahan Viraj 9.4 0 52 1 5.53
Kevin Samuel 1 0 8 0 8.00
Tharushka Ashel 9 0 22 0 2.44
Sithuka Gunawardhana 8 1 18 1 2.25
Dasith Senal 2 0 8 0 4.00
Naveen Kanishka 5 1 18 0 3.60
Themiya Gunarathne 2 0 7 0 3.50




දෙවැනි දිනයට පැවැත්වෙන මේ තරගය හෙට (25) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන  අතර හෙටත් උදෑසන 9 සිට ThePapare.com,  Dialog TV නාලිකා අංක 22 සහ Dialog ViU App හරහා සජීව ලෙස නැරඹීමට හැකියාව තිබෙනවා.

පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු තතු විත්ති දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<