IPL ක්‍රීඩකයෙකුට තරග පාවා දීමේ යෝජනාවක්

278
IPL player
@CricInfo

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුට තරග පාවා දීමේ යෝජනාවක් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන ප්‍රධානි අජිත් සිං මහතා පවසා සිටිනවා. එම ක්‍රීඩකයාගේ හා කණ්ඩායමේ විස්තර තවමත් මාධ්‍යයට හෙළිදරව් කර නොමැති අතර කණ්ඩායම් සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක සිටින නිසා මෙම යෝජනාව කළ පුද්ගලයා එම ක්‍රීඩකයා මුහුණට මුහුණ හමු වී නැති බව ද අජිත් සිං පවසා සිටියා.

“ඔව් ක්‍රීඩකයෙක් අපිට දැනුම් දුන්නා. අපි ක්‍රීඩකයාට එම යෝජනාව කළ පුද්ගලයා හඹා යනවා. එකට ටික කාලයක් ගත වෙන්න පුළුවන්” දූෂණ මර්දන ප්‍රධානියා පවසා සිටියා.

කණ්ඩායම් සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක සිටින නිසා දූෂණ මර්දන ඒකකය අන්තර්ජාලය ඔස්සේ විවිධ දූෂණ ක්‍රීඩා වැළැක්වීම ගැන ක්‍රීඩකයින් දැනුවත් කර තිබුණා. තරගාවලියට පෙර BCCIය විසින් Sportradar ආයතනය විසින් ගිවිසුම් ගත වී තිබුණේ ද ක්‍රීඩා දත්ත, ක්‍රීඩාවේ විශ්වසනීයත්වය ආරක්ෂා කරන සමාගමක් ලෙස ඔවුන් නමක් දිනාගෙන සිටි පසුබිමකයි. ඔවුන් දූෂණ මර්දන ඒකකය සමඟ එක්ව මෙම තරගාවලියේ දූෂණ ක්‍රියා පිළිබඳ සොයා බැලීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

“අප ආයතනයේ වංචා හඳුනා ගැනීමේ පද්ධතිය විවිධ රටවල, විවිධ ප්‍රදේශවල, විවිධ ආකාරයේ වගේම නිත්‍යානුකුල නොවන ක්‍රිකට් ඔට්ටු තබන්නන්ගේ ඔට්ටු ද නිරීක්ෂණය කරනවා” Sportradar ආයතනයේ ප්‍රධානියෙක් වන ටොම් මේස් පවසා තිබුණා.

මෙම පද්ධතිය විසින් සැක සහිත ඔට්ටු පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කරන අතර ඉන් පසුව දත්ත විශ්ලේෂකයින් ඒ පිළිබඳව සොයා බලනවා. එම ආයතනය ද IPL ක්‍රීඩකයින් සමඟ සැප්තැම්බර් 15 වැනිදා වැඩසටහනක් පවත්වා තිබුණා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බුකීකරුවන්ට විරුද්ධව පුළුල් පියවරක් ගත් පළමු අවස්ථාව මෙය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මේ වන තුරු නීත්‍යනුකූල නොවන බුකීකරුවන්ට විරුද්ධව පරීක්ෂණ කටයුතු කළේ දූෂණ මර්දන ඒකකය හා ඉන්දීය පොලිසියයි.

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<