ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව ස්කොට්ලන්තයේ සංචාරයක

1095

2019 මැයි මස 18 සහ 21 දෙදින ශ්‍රී ලංකා කණ්ඩායම ස්කොට්ලන්තයේ දී ජාත්‍යන්තර එක්දින තරග දෙකක් සඳහා සහභාගී වීමට නියමිතයි.

“තවත් පූර්ණ සාමාජිකයෙක් සමඟ අපිට මෙම එක්දින තරග ක්‍රීඩා කරන්න ලැබීම ගැන අපි සතුටට පත් වෙනවා. මේ වසරේ දී දැක්වූ දක්‍ෂතාවලින් පස්සේ කණ්ඩායම බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී තවත් අභියෝගවලට මුහුණ දෙන්න. ස්කොට්ලන්තයේ මෙන්ම ලෝකය පුරා සිටින ක්‍රිකට්ලෝලීන් ද ඒක බලාපොරොත්තුවෙන් ඉන්නේ.” ස්කොට්ලන්ත නායක කයිල් කෝට්සර් අදහස් දක්වමින් පැවසීය.

එංගලන්තය පළමු වතාවට ශ්‍රී ලංකාව white wash කරයි

සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර කොළඹ SSC පිටියේ දී අද (26) නිමා…

කණ්ඩායම් දෙක මීට පෙර අවස්ථා දෙකක දී එක්දින තරගවල දී එකිනෙකා මුණගැසී ඇති අතර එම අවස්ථාවන් දෙකේ දීම ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කෙසේ නමුත් 2017 වසරේ දී ස්කොට්ලන්ත කණ්ඩායම සහභාගී වූ නිල නොවන එක්දින තරග දෙකෙන් බර්මිංහැම් හිදී පැවති පළමු තරගයේ දී කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කරගැනීමට සමත් වීම නිසා ඔවුන් සිය දක්‍ෂතා පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවනු ඇත.

“ස්කොට්ලන්ත ක්‍රීඩාලෝලීන් රැසක් ඉදිරියේ අපේ රටේ තරගයක් ක්‍රීඩා කරන කොට දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන්න බැහැ. අපි මේ වන විට දක්වපු දක්‍ෂතා තවදුරටත් ඉහළ නංවාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මෙම තරග ජයග්‍රහණය කිරීම සඳහා හොඳින් පුහුණුවෙලා ඊට සහභාගී වෙනවා.” කෝට්සර් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

“පසුගිය වසරේ එක්දින තරගාවලිය 1-1ක් ලෙස අවසන් කරගැනීමෙන් පස්සේ මෙම තරගාවලිය ජයග්‍රහණය කරන එක අපිට ලොකු අභියෝගයක් වෙයි.”

මෙම එක්දින තරග දෙක පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ පිළිබඳව ස්කොට්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එළඹෙන දෙසැම්බර් මාසයේ දී දැනුම් දෙනු ඇත.    

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<