ඇලෙක්ස් හේල්ස් ලෝක කුසලානය අත්හරී ද?

445
courtesey - The Independent

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවෙකු වන ඇලෙක්ස් හේල්ස් තාවකාලිකව ක්‍රිකට් පිටියට විවේකයක් ලබා දීමට තීරණය කර තිබේ.

“මම මේ තැනට ආවේ ක්‍රිස් ගේල් නිසා” – ඔන්ඩ්‍රේ රසල්

ඔහුගේ පෞද්ගලික කරුණක් මුල්කර ගෙන හේල්ස් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඇලෙක්ස් හේල්ස් එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කළ එංගලන්ත සංචිතයේ සිටින ක්‍රීඩකයෙකි.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගය සඳහා ඇලෙක්ස් හේල්ස් සිය ප්‍රාන්ත කණ්ඩායම වන නොටින්හැම්ෂයර් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වී නොමැත.

නොටින්හැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිල වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ ඇලෙක්ස් හේල්ස් එම තරගය සඳහා සහභාගී නොවන බව දැන්වූ බවත් කෙටි කලක් ඔහු විවේක ගැනීමට බලාපොරොත්තු වන බව දන්වා ඇති බවත්ය.

30 හැවිරිදි ඇලෙක්ස් හේල්ස් මේ වනවිට ලොව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 70කට සහභාගී වී තිබේ.

ඔහු සිය එක්දින ක්‍රිකට් දිවිය තුළ මේ වනවිට ශතක 6ක් රැස්කර ගෙන සිටින අතර පසුගිය වසරේදී ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව ට්‍රේන්ට් බ්‍රිජ් හිදී ලකුණු 147ක් රැස්කළේ ලෝක වාර්තාවකට හිමිකම් කියන ලද ලකුණු 481ක ප්‍රධාන ලකුණු පුවරුවකට එංගලන්තය ඔසවා තබමිනි.

අසරණ මොහොතක උදව්වට ආ අසල්වැසියෝ

1996 ලෝක කුසලානය ආරම්භ වීමට හරියටම සති දෙකකට කලින් කොළඹ…..


කෙසේ වෙතත් මෙම කෙටි විරාමය එළඹෙන ලෝක කුසලානයට බලපානවාද නැද්ද යන්න මෙතෙක්  ප්‍රකාශ කර නොමැත.

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක එංගලන්ත ක්‍රීඩකයින් දකුණු අප්‍රිකාව සමඟ තරග බිමට පිවිසීමට නියමිතය. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර එංගලන්ත ක්‍රීඩකයින් අයර්ලන්තය සමඟ එක් එක්දින තරගයකට, පාකිස්තානය සමඟ එක්දින තරග 5 කට  සහ එක් පන්දුවාර විස්සයි විස්ස තරගයකට සහභාගී වීමට නියමිතව ඇත.

මෙවර ලෝක කුසලානයට නම් කළ එංගලන්ත සංචිතයට මෙන්ම මෙම අයර්ලන්ත සහ පාකිස්තාන තරගාවලි සඳහා නම් කළ සංචිත සඳහා ද ඇලෙක්ස් හේල්ස් ඇතුළත්ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<