වාර්තාගත IPL නැරඹුම් ප්‍රමාණය Star Sports මවිත කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

467

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ක්‍රියාත්මක වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය වර්තමානයේ දී පවතින කොරෝනා වසංගතය නිසාවෙන් ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව වුවද සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවති.

තරගාවලිය පැවැත්වීම සඳහා බාධක රැසක් එල්ල වූ නමුත් ඉන්දීය ක්‍රිකට් ආයතනය ඇතුළු තරග සංවිධායකයින් එම අභියෝග සියල්ල ජය ගනිමින් තරගාවලිය මේ වන විට සාර්ථක මට්ටමකට ඔසවා තබා තිබේ.

තවත් කියවන්න

2020 IPL තරගාවලිය ආරම්භ කරමින් වර්තමාන ශූර මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංස් අතර පැවති පළමු තරගය ලොව පුරා ටෙලිවිෂන් මිලියන 158ක පමණ නරඹා තිබෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. එම ප්‍රකාශය සිදු කර ඇත්තේ මෙවර IPL තරගාවලියේ නිල විකාශන අයිතිය හිමි Star Sports සමාගම විසිනි.

“අපි ඉතාමත් පුදුමයට පත්වුණා මේ වාර්තාව ගැන ඒ වගේම මෙච්චර නරඹන්නන් ප්‍රමාණයක් අතරට සාර්ථක ලෙස මේ තරගාවලිය රැගෙන යන්න පුළුවන් වුනු එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. මේක තමයි ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ හොඳම ටෙලිවිෂන් වාර්තාව. තාම තරගාවලියේ මූලික වටයේ තරග යන්නේ, තරග භාගයක්වත් තියෙක්ලා ඉවර නැහැ. IPL තරගාවලියේ ආරම්භක සතියේ ටෙලිවිෂන් වාර්තා පමණක් අරගෙන බැලුවොත් පසුගිය වසරට වඩා 30%ක පමණ ලොකු වැඩි වීමක් වෙලා තියෙනවා” යැයි Star Sports ප්‍රධාන විධායක නිලධාරි Gautam Thakar මහතා මාධ්‍ය වෙත පැවසීය.

13 වැනි වරට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය සැප්තැම්බර් 19 වැනිදා සිට නොවැම්බර් මස 10 වැනිදා දක්වා දින 53ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණය 3ක දී පැවැත්වීමට නියමිතව ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<