අගහිඟකම් මැද කණ්ඩායම අත්නොහරින බංග්ලාදේශ ක්‍රීඩාලෝලියා

168
බංග්ලාදේශයේ ශොයාබ් අලී හා ඉන්දියාවේ සුදීර් ගෞතම් තරගයක් අතරතුර Image Courtesy- Sportstar - The Hindu

2019 ලෝක කුසලාන ක්‍රිකට් වසන්තය මේ වන විට ආරම්භ වී අවසන්. ක්‍රීඩකයන් හා ක්‍රීඩාලෝලීන් පවා උරෙන් උර ගැටෙන ක්‍රිකට් වසන්තය සැබැවින්ම වසන්තයක් වනු නොඅනුමානය.

ක්‍රිකට් හා බැදී ඇති ප්‍රේක්ෂකයන් ද මේ ක්‍රිකට් ලෝක කුසලාන සමයේ ප්‍රධාන තැනක් උසුලයි. රටෙන් රටට ආවේණික ක්‍රීඩාලෝලීත්වයක් සහිත ක්‍රීඩාලෝලීන් කිහිප දෙනෙකුම මේ ලෝක කුසලාන තරගාවලියේ සුලබ දසුනක් වනු ඇත.

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පිළිකාවක්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන ගැවින් රොබර්ට්සන් හට මොළය ආශ්‍රිතව පිළිකාවක් වැළඳී…

බංග්ලාදේශයේ එවන් ක්‍රීඩාලෝලියෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන ශොයාබ් අලී තම ක්‍රිකට් කතාව පසුගිය දා හෙලි කළේය. එතරම් වත්පොහොසත්කම් නොමැති ශොයාබ් ක්‍රිකට් සඳහා තම ජීවිතයේ කොටසක් වෙන්කර ඇති ආකාරය සැබවින්ම පුදුමාකාරය.

ශොයාබ් අලී මේ වන විට 31 වැනි වියෙහි පසුවන අතර ඔහු වෘත්තියෙන් මෝටර් කාර්මික ශිල්පියෙකු වේ. බංග්ලාදේශය ක්‍රීඩා කරන සෑම තරගයක්ම අත්නොහරින ඔහු කොටියෙකු ලෙස තම ශරීරය හැඩගන්වා ගෙන සිටින අතර ඔහු බංග්ලාදේශ ප්‍රේක්ෂකයන් අතර මහත් ප්‍රසිද්ධියක් උසුලයි.

2019 ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශයට සහය පලකරමින් එංගලන්තය බලා ඒමට ඔහු තීරණය කරන්නේ අගහිඟකම් මධ්‍යයේයි. ඒ අනුව ඉරිදා පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු තරගයට ඔහු සහභාගි වනු ඇත.

ශොයාබ්ගේ ක්‍රිකට් ජීවිතයේ ඇරඹුම ද අහඹු සිදුවීමකි. බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශහදත් හොසේන්ගේ මෝටර් රථය අලුත්වැඩියා කිරීමෙන් පසු ශහදත් විසින් ඔහු වෙත ක්‍රිකට් තරගයක් නැරඹීමට ටිකට්පතක් ලබා දී ඇති අතර එම තරගයෙන් පසු ඔහු බංග්ලාදේශයේ ප්‍රධානම ක්‍රීඩාලෝලියා බවට ඔහු පත්වී ඇත.

ශොයාබ්ගේ පළමු තරගය ඉතාමත් සුවිශේෂී එකක් බවට පත්වූයේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් එම තරගයේ දී ඔහුගේ සියවැනි ශතකය වාර්තා කිරීම නිසාවෙනි. බංග්ලාදේශය එම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ක්‍රිකට් කෙරෙහි වූ ශොයාබ්ගේ ඇල්ම තවත් වැඩි කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය

දිනය 1996 වසරේ මාර්තු 17 වැනිදා ය. පාකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රියාත්මක වෙමින් තිබුණේ ලෝක කුසලානයක අවසන්…

“බංග්ලාදේශය ජයග්‍රහණය කරාට පස්සේ මම ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් ගොඩක් වෙලා ඇඬුවා. මම දැක්කා ප්‍රසිද්ධ ඉන්දීය ක්‍රීඩාලෝලියා සුදීර් ගෞතම්” ශොයාබ් තම පළමු තරග අත්දැකීම විස්තර කරමින් පවසා සිටියා. ඉන්දීය ක්‍රීඩාලෝලී සුදීර් ගෞතම් ද තම ශරීරයේ ඉන්දීය ධජයේ වර්ණ ආලේප කරගෙන ලොව වටා ඉන්දීය තරග නැරඹීමට පැමිණෙන අතර ලොව වටා සිටින ක්‍රීඩාලෝලීන් අතර ප්‍රසිද්ධ අයෙකි.

“මම තීරණය කරා ඒ වගේ බංග්ලාදේශයේ හැම තරගයක්ම බලන්න.”

වසර 13 දී පාසල් ජීවිතයට සමුදෙන ශොයාබ් අලීට මේ දක්වා බංග්ලාදේශය සත්කාරකත්වය දැරූ තරග එකක් පමණක් මගහැරී ඇත. ශොයාබ්ගේ මේ තරග අත්දැකීම නම් එතරම් පහසු එකක් නොවන්නට ඇත.

ශොයාබ් අලී සහභාගි වූ පළමු විදෙස් තරගය 2013 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති අතර එම තරගය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට බංග්ලාදේශය සමත් විය. බංග්ලාදේශය ඒ වන විට ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග 8කට සහභාගි වී එම තරග 8 ම පරාජය වී සිටි අතර එහි තරග 7ක්ම ඉනිමකින් පරාජය වීමට බංග්ලාදේශයට සිදු වී තිබුණි.

ඇමරිකානු ඩොලර් 250 රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ශොයාබ් මුල් දින කිහිපයේ දී ශ්‍රී ලාංකිකයෙකුගේ නිවසේ රැඳී සිට ඇති අතර පසුව බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් හා නිලධාරීන් විසින් ඔහුට අවශ්‍ය පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇත.

ප්‍රහාරාත්මකව පහර දීලා තරග දිනන්න ටිකක් අමාරුයි – තිරිමාන්න

වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාව තුල 300ට අඩු ලකුණු ප්‍රමාණයක් වාර්තා කරගෙන තරගයක් ජය ගැනීම තරමක්…

එම වසරේ දී බංග්ලාදේශය සිම්බාබ්වේ තරග සංචාරයකට එක්වූ අතර එම තරගාවලිය නැරඹීමේ අදහසින් ඩකා ගුවන්තොටුපොළට පැමිණි ශොයාබ් තම වීසා හා අනෙක් සියලුම තොරතුරු සහිත ලිපිගොනු සියල්ල ගුවන්තොටුපොළේ දමාගොස් තිබුණි. සිම්බාබ්වේහි හරාරේ හිදී එරට බලධාරීන් විසින් ඔහුව නැවතත් හරවා එවීමට තීරණය කර තිබේ.

“මම ඒ නිලධාරියෙකුට ඩොලර් 10ක් දීලා ඇමතුමක් ගත්තා බංග්ලාදේශ කණ්ඩායමට. ඊට පස්සේ මම මගේ තත්වය කිව්වා. එතකොට එයාලා පුහුණුවීම් වලට ගිහින් හිටියේ. එයාලා මේක ගැන හොයලා බලන්නම් කිව්වා.”

“පස්සේ මට හිතුණා ආගමන විගමන කාර්‍යාලයක් රෝගියෙක්ව නැවත යවන්නේ නෑ කියලා. මම මගේ ඔලුව බිත්තියේ ගහගෙන රඟපෑවා රෝගියෙක් විදිහට. ඒකෙන් මම වෙලාව ලබා ගත්තා. පස්සේ ගුවන්තොටුපොළේ රෑ ඉන්න දුන්නා. බංග්ලාදේශ නිලධාරීන් මගේ ලිපිගොනු ඇරගෙන ඇවිල්ලා මාව නිදහස් කරගත්ත.”

ඕස්ට්‍රේලියාව විසින් 2015 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට ශොයාබ් හට වීසා ලබා නොදුන් අතර මේ වන විට බංග්ලාදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම ශොයාබ් හට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටී. තම පැමිණීම කණ්ඩායම ශක්තිමත් කරනු ඇතැයි ශොයාබ් අලී විශ්වාස කරයි.

“බංග්ලාදේශය මම බලපු ගොඩක් තරග දිනලා තියෙනවා. මම හිතන්නේ ලෝක කුසලානයටත් ඒ වාසනාව මට ගේන්න පුළුවන් වෙයි.”

ශොයාබ් මුහුණ පින්තාරු කිරීමට භාවිතා කරන තීන්ත නිසා ඔහුට රෝගාබාධවලට ලක්වීමේ අවදානමක් සහිත බව අනතුරු අඟවා තිබුණ ද ඔහු එය නතර නොකරන බවත් පවසා ඇත.

“ගොඩක් මිනිස්සු මාව බය කරනවා සමේ පිළිකා තත්ව ගැන කියලා. ඒත් මම ඒවා ගණන් ගන්නේ නෑ. මගේ රට තරම් වටිනා දෙයක් මට නෑ” තවදුරටත් අදහස් දක්වමින් ශොයාබ් පවසා සිටියේය.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<