IPL තරගාවලියට තවත් කණ්ඩායම් දෙකක් ගේන්න යෝජනා

288
IPL expansion plans
Image Courtesy : twitter.com/mipaltan

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ 89 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අද (24) Ahmedabad හිදි අද පැවැත්වෙන අතර එහි දී ප්‍රධාන වශයෙන් ඉදිරි ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා කණ්ඩායම් දෙකක් එක් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

එනමුත් Cricbuzz වෙබ් අඩවියට අනුව 2021 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කුඩා එකක් වීමට බොහෝ ඉඩක් ඇති නිසාවෙන් මීළඟ තරග වාරයේ දී තරගාවලියේ කණ්ඩායම් ගණනෙහි විශාල වෙනසක් සිදු නොවනු ඇත.

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස හිටපු ක්‍රීඩක Sourav Ganguly පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන දෙවන වාර්ෂික මහා සභා රැස්වීම මෙය වන අතර එය සඳහා සංගම් 28ක් නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි වන නමුත් Punjab, Rajasthan, Odisha, Tripura, Jammu සහ Kashmir, Meghalaya, Nagaland, Railways, Services සහ All India Universities නියෝජනය කරමින් කිසිවෙක් සහභාගි නොවීම විශේෂත්වයකි.

එමෙන්ම මෙහි දී 2021 පන්දුවාර 20 ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලබා දී තිබෙන න්‍යාය පත්‍රවල එහි සත්කාරක ස්ථාන ලෙස Ahmedabad, Bengaluru, Chennai Delhi, Mohali, Dharamsala, Kolkata and Mumbai නම් කර තිබුණි.

කෙසේ නමුත් සංගම් කිහිපයක් එයට විරුද්ධ වීමට ඉඩක් ඇති අතර මීට පෙර ද Saurashtra Cricket සංගමය ඇතුළු සංගම් කිහිපයක්ම 2021 පන්දුවාර 20 ලෝක කුසලානයේ තරග පවත්වන ක්‍රීඩාංගණ ගණන වැඩි කරන ලෙස ඉල්ලා තිබුණි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලිය සඳහා සත්කාරකත්වය ක්‍රීඩාංගණ තුනකට සීමා කරමින් තරග කාලසටහන නිකුත් කිරීමෙන් පසු එලෙස අනෙකුත් සංගම් සත්කාරක ස්ථාන වැඩි කරන ලෙස ඉල්ලා සිටින්නට විය.

එම ඉල්ලීම් සහ විරෝධතා පිළිබඳව සිය අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී Sourav Ganguly ප්‍රකාශ කර සිටියේ නිරන්තරයෙන් වෙනස් වෙන කොරෝනා වසංගත තත්වය මත එම සත්කාරක ස්ථාන ඉදිරියේ දී වෙනස් විය හැකි බවයි.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<