අවිශ්ක තරිඳු පාසල් ක්‍රිකට් පිටිය කළඹයි

162
Avishka-Tharindu

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (18) දින අවසන් වූ සාන්ත අන්තෝනි සහ ලුම්බිණි විද්‍යාලය අතර තරගයේ දී අවිශ්ක තරිඳු මෙම වයස් කාණ්ඩයේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු රැස්කර ගත් පෞද්ගලික වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට සමත් විය. 

අවිශ්ක තරිඳු පාසල් ක්‍රිකට් වාර්තා පොත් උණුසුම් කරයි

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ මෙන්ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

ඔහු මෙම තරගයේ පළමු ඉනිමේ දී මෙවර තරගවාරයේ වාර්තා වූ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමිකර ගත්තේ ලකුණු 350ක් රැස්කර ගනිමිනි. ඔහු ඒ සඳහා පන්දු 285කට මුහුණ දුන් අතර හතරේ පහර 56ක් සහ හයේ පහර 3ක් ඊට ඇතුළත් කර ගත්තේය. ඔහු ලුම්බිණි විද්‍යාලයට එරෙහිව දෙවැනි ඉනිමේ ද පිටියට පිවිසෙමින් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 79ක් රැස්කර ගැනීමට සමත් විය. 

මෙම තරගයේ ඉනිම දෙකේ දී ඔහු ලකුණු 429ක් රැස්කර ගත් අතර එය “පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් තරගයක දී පෞද්ගලිකව රැස්කර ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව” යන වාර්තාව ද ඔහු නමින් වේ දැයි වාර්තා පොත් පෙරළා බැලීමට සංවිධායකට බල කෙරුනි. කෙසේ වෙතත් ඔහුට මෙම තරගයේ දී ලකුණු 1000 වාර්තා කිරීමට නොහැකි වූයේ ලකුණු 5ක් අඩු වීමෙන් වීම තවත් කැපී පෙනුන සිදුවීමක් විය. 

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය 

වත්තල දී පැවති මෙම තරගය සංචාරක ලුම්බිණි ක්‍රීඩකයෝ අසරණ කළ තරගයක් වූ අතර පළමු ඉනිමේ ජයග්‍රහණය සත්කාකර ක්‍රීඩකයෝ සතු වූහ. 

තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට අවිශ්ක තරිඳු පත්වන විට සාන්ත අන්තෝනි විද්‍යාලයේ වමතින් දඟපන්දු යැවූ කවීශ දුලාංජන ලකුණු 37කට කඩුලු 7ක් දවා ගත්තේය. 

සාන්ත අන්තෝනි විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 92ක දී කඩුලු 8ක් දැවී 434) සියලු දෙනා දැවී 514 (113.1) අවිශ්ක තරිඳු 350, කනිශ්ක ගිම්හාන් 25, කවීෂ දුලාංජන 59, කනිශ්ක ගිම්හාන් 25, යසිරු යුගත් 3/131, සහන් කෞෂල්‍ය 2/119, කාවින්ද ප්‍රභාෂ්වර 2/88, තරිඳු ඒකනායක 2/89. සහ දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 175 (23) අවිශ්ක තරිඳු නොදැවී 79, දිනුක් විශාල් 26, ගිහාන් සත්මික 33. 

ලුම්බිණි විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 160 (45.2) හිරු චේතන 41, චලන චමෝද් 37, උෂාන් තමාෂ 19, කවීශ දුලාංජන 7/37, රොමේෂ් සුරංග 2/44. 


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය 

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.  

මහානාම විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 316 (83.3) පවන් රත්නායක නොදැවී 123, පුල්ශාන් රෝහණ 60, පවන්ත වීරසිංහ 34, සොනාල් දිනූෂ 29, උවිඳු විමලධර්ම 2/46, අභිෂේක් ආනන්දකුමාර් 2/56, රුවින් පීරිස් 2/59. සහ දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 115 (19) පවන්ත වීරසිංහ 59, පවන් රත්නායක නොදැවී 27, පුල්ශාන් රෝහණ 23, උවිඳු විමලධර්ම 2/34. 

ත්‍රිත්ව විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 9ක දී කිසිවෙකු නොදැවී 37) සියලු දෙනා දැවී 264 (86.4) ශේන් ගුණතිලක 40, රනුද සෝමරත්න 60, දිනිත සිරිවර්ධන 44, අභිශේක් ආනන්දකුමාර් 29, දීමන්ත බණ්ඩාර 35, පවන් රත්නායක 2/42. 

අවිශ්ක තරිඳු ත්‍රිත්ව ශතකය අභියස

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ


මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 

මාතර උයන්වන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ සංචාරක ක්‍රීඩකයෝ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 193ක් හඹා යන ගමනේ දී කඩුලු 6කට ලකුණු 147ක් රැස්කර ගෙන සිටිය දී තරගය නතර වීමත් සමඟිනි. 

සාන්ත තෝමස් විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 195 (53) හිරුෂ ජීවදිත් 60, සන්චිත රණසිංහ 35, සචිර රශ්මික 33, නිපුන සමරසිංහ 22, කසුන් එදිරිතිලක 4/70, ශෂික බස්නායක 3/49, නවීන් බණ්ඩාර 2/26. සහ දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 128 (37.3) සචිර රශ්මික 28, විහඳු රුවින් 25, නිමන්තක භාශණ 22, ශෂික බස්නායක 5/62, කසුන් එදිරිතිලක 3/43. 

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 40ක දී කඩුලු 8ක් දැවී 101) සියලු දෙනා දැවී 131 (51.2) චන්දුල ජයකොඩි 42, මික්ඩෑඩ් මොහොමඩ් 24, නවීන් බණ්ඩාර 21, සිනෙත් සිතාර 3/28, සතිර තීක්ෂණ 3/31, සචිර රශ්මික 2/19. සහ දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 147 (44) මලීෂ සිල්වා 33, අභිෂේක් කුමාර් නොදැවී 30, කසුන් එදිරිතිලක 30, සදීප හලංගොඩ 21, සිනෙත් සිතාර 3/34, සචිර රශ්මික 2/41. 


අද දින ආරම්භ වූ තරග 

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානානයක විද්‍යාලය 

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලු දෙනා දැවී ලකුණු 226ක් රැස්කර ගත්තේ ලොහාන් අරෝෂණ වාර්තා කළ ලකුණු 93 ද සහයක් කර ගනිමිනි.  

ධර්මාශෝක විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 226 (64.5) ලොහාන් අරෝෂණ 93, සනුල ගුණරත්න 33, චානක ජනාන්ග 30, සෙනිත් හැළඹගේ 20, සෙනුර දිසානායක 4/31, ධනංජය දාබරේ 4/39. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය : පළමු ඉනිම කඩුල්ලක් දැවී 73 (28) අනිශ්ක කල්පන නොදැවී 37. 

ඩිවිලියර්ස් ආයෙත් එයි ද?

දකුණු අප්‍රිකානු පුහුණුකරු මාක් බවුචර්ට අනුව දකුණු අප්‍රිකාවට මෙවර විස්සයි විස්ස තරගාවලිය සඳහා සුදුසුම ක්‍රීඩකයා පසුගිය දා නිමා


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය 

මීගමුව කදිරාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 105ක් රැස්කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සත්කාරක ක්‍රිඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 167ක් රැස්කර ගෙන සිටියහ. 

දේවපතිරාජ විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 105 (42.2) ජීවක ශෂීන් 30, මෙනුෂ පෙරේරා 4/29, ශෝන් සෙනි 2/08, තරුෂ ප්‍රනාන්දු 2/15. 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 5ක් දැවී 167 (54) නිපුන් ධනංජය 37, අචින්ත දේශාන් 32, දිනෙත් උෂාර නොදැවී 25, චමත් ප්‍රනාන්දු 22, පසිඳු දසනායක 27, ඉරුෂ්ක තිමිර 4/44. 

අද දින ආරම්භ වූ මෙම තරග හෙට (18) දින දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<