Babar හා Imam පළමු ටෙස්ට් තරගයෙන් ඉවතට

236

Babar Azam හා Imam-ul-Haq පාකිස්තාන නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට සහභාගී නොවන බව වාර්තා වෙනවා. තරගය පැවැත්වෙන්නේ Mount Maunganui හිදීයි. Babar Azam මේ තරගයට සහභාගී නොවන නිසා Mohammad Rizwan මේ තරගයේ දී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි. පාකිස්තාන කණ්ඩායම මෙහෙයවන 33 වැනි ටෙස්ට් නායකයා ඔහුයි. 

Babar Azamගේ දකුණතේ මහපට ඇඟිල්ලේ ඇතිවූ ආබාධයක් නිසා ඔහුට පළමු ටෙස්ට් තරගය අහිමි වෙනවා. පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මඩුල්ල මේ ක්‍රීඩකයින් දෙදෙනා දැඩි නිරීක්ෂණයට ලක් කරමින් සිටින බව Cricbuzz පුවත් සේවය වාර්තා කර තිබුණා. ජනවාරි 3 වැනිදා Christchurch හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට ඔවුන් දෙදෙනාගේ සහභාගිත්වය තවමත් තහවුරු කර නැහැ.

Balochistan කණ්ඩායමේ ක්‍රීඩා කරන Imran Butt නවසීලන්ත ටෙස්ට් තරගාවලියට එක්වන 17 දෙනෙකුගෙන් සමන්විත පාකිස්තාන සංචිතයට නම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබුණා. 24 හැවිරිදි ඔහු Quaid-e-Azam තරග තුනක දී ලකුණු 191ක් රැස් කර ගෙන තිබීම විශේෂත්වයක්. ඔහු පසුගිය වසරේ පාකිස්තාන දේශීය තරග බිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව තිබුණේ ශතක හතරක්, අර්ධ ශතක තුනක් සමඟින් ලකුණු 934ක් රැස් කරමිනුයි.

තවත් ක්‍රිකට් පුවත්:

“විස්සයි විස්ස කණ්ඩායම වගේ නෙවෙයි ටෙස්ට් කණ්ඩායම හරිම සංවිධානාත්මකයි. අපිට අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සිටිනවා පිතිකරණයට වගේම පන්දු යැවීමටත්. දැන් මේ සංචාරයෙන් ගොඩක් අත්දැකීම් අපිට ලැබිලා තිබෙනවා, මම බලාපොරොත්තු වෙනවා අපි හොඳ ටෙස්ට් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරයි කියලා” පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු Misbah-ul-Haq පවසා සිටියා.

මේ තරගාවලිය සඳහා Abid Ali, Azhar Ali, Fawad Alam, Haris Sohail, Mohammad Abbas, Naseem Shah, Shan Masood, Sohail Khan හා Yasir Shah  නැවත පාකිස්තාන ටෙස්ට්  කණ්ඩායමට කැඳවා තිබෙනවා. Napier හි පැවැත්වෙන විස්සයි විස්ස තරග Imad Wasim හා Mohammad Hafeez මේ තරගාවලියේ දී සහභාගී වන අවසන් තරගයයි. Imad ඕස්ට්‍රේලියාව කර ගොස් Melbourne Renegades වෙනුවෙන් BBL තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිත අතර Mohammad Hafeez නැවතත් පාකිස්තානය බලා පිටත්ව යනු ඇත.

නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලියට නම් කර ඇති පාකිස්තාන ටෙස්ට් සංචිතය මෙසේයි,

Mohammad Rizwan (පළමු තරගයට නායක), Abid Ali, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Sohail, Imran Butt, Mohammad Abbas, Naseem Shah, Sarfaraz Ahmed, Shadab Khan, Shaheen Afridi, Shan Masood, Sohail Khan හා Yasir Shah. (Babar Azam හා Imam-ul-Haq පළමු තරගයට සහභාගී නොවේ.)

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<