දෙපසට දෝලනය වුනු ජය RCB සතු වෙයි; වනිඳුගෙන් ප්‍රබල අභියෝගයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2808

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් Royal Challengers Bangalore සහ Punjab Kings අතර පැවැත්වුනා. අද (20) පැවති එම තරගයෙන් ලකුණු 24ක ජයක් ලබා ගැනීමට Royal Challengers Bangalore සමත් වුනා.

මොහාලි හිදී පැවැත්වුණු මේ තරගයේ දී Punjab Kings වැඩ බලන නායක Sam Curran කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර Virat Kohli මේ තරගයේ දී Royal Challengers Bangalore කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස කටයුතු කළේ Faf du Plessis හට මතුව තිබෙන ආබාධයක් නිසා ඔහුට පන්දු රැකීමට නොහැකි නිසාවෙනුයි.

පළමුව පන්දුවට පහර දුන් RCB කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා. එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් වූ Virat Kohli සහ Faf du Plessis පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 16කුත් පන්දුවක් තුල ලකුණු 137ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

4 පහර 5ක් සහ 6 පහරක් සමඟ පන්දු 47ක් තුල ලකුණු 59ක් ලබා ගත් Kohli ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වන විට, Faf du Plessis 4 පහර 5ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් වේගවත් ලකුණු 84ක් ලබා ගත්තා. ඒ සඳහා ඔහුට වැය වුනේ පන්දු 56ක් පමණයි.

ඉන්පසුව RCB කණ්ඩායමේ ලකුණු සටහන සැලකිය යුතු මට්ටමකින් පාලනය කරන්න Punjab පන්දු යවන්නන් සමත් වුනු අතර RCB කණ්ඩායමට ඔවුන්ගේ අවසන් පන්දු 23 තුල කඩුලු 3ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 37ක් පමණයි. පන්දු යැවීමේ දී Harpreet Brar කඩුලු 2ක් දවාගත්තා.

ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය Punjab කණ්ඩායමට පන්දුවාර 18කුත් පන්දුවක් තුල සියල්ලන්ම දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 150ක් පමණයි. එහි දී වනිඳු හසරංග කඩුලු 2ක් සහ ප්‍රබල පිතිකරු Sam Curranගේ කඩුල්ල (Direct Hit) දුවද්දී දවා ගැනීමකට හසුකර ගනිමින් දවාගෙන RCB ජය තහවුරු කළා.

Mohammed Sirajගේ දක්ෂ පන්දු යැවීම සහ Virat Kohliගේ දක්ෂ විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථා ලබා ගැනීම නිසා Punjab පළමු කඩුලු 4 ලකුණු 43ක් තුල දවා ගන්නට RCB කණ්ඩායමට හැකියාව ලැබුණා.

ආරම්භක පිතිකරු ලෙස කණ්ඩායමට තරගය අතරතුර ආදේශ වූ (Substituted out) Prabhsimran Singh ලකුණු 46කට දැවී ගිය අතර, වනිඳු යැවූ පළමු පන්දුවෙන්ම Matthew Short දවාගන්නට RCB හට හැකි වුනා. Singh පන්දු 27ක් තුල 4 පහර 2ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් එම ලකුණු ප්‍රාමාණය ලබා ගත්තා.

ලකුණු 97කට කඩුලු 6ක් බිඳ වැටී අසීරු අඩියක සිටි Punjab ලකුණු සටහන සටන්කාමී මට්ටමක් දක්වා වර්ධනය කරන්නට Jitesh Sharma සමත් වුවත්, එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වුනේ නැහැ. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්  Mohammed Siraj කඩුලු 4ක් දවාගෙන සුපිරි දස්කම් දැක්වූවා.

ලකුණු සාරාංශය,

Royal Challengers Bangalore – 174/4 (20): Faf du Plessis 84, Virat Kohli 59, Harpreet Brar 2/31,

Panjab Kings – 150 (18.2): Prabhsimran Singh 46, Jitesh Sharma 41, Mohammed Siraj 4/21, Wanindu Hasaranga de Silva 2/39

Royal Challengers Bangalore කණ්ඩායමට ලකුණු 24ක ජයක්

තරගයේ වීරයා – Mohammed Siraj (RCB)

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

                                 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<