වයසට යන තරමට රස “දිනේෂ් කාර්තික්” නම් වයින් පානය

470

සිහින සැබෑ වේ” යැයි ඔහු Twitter මත සඳහන් කොට තිබිණි. ඒ පසුගිය දා ඔහුව ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතයට ඇතුළත් කිරීමෙන් පසුවයි.

මේ වන විට 37 හැවිරිදි දිනේෂ් කාර්තික් ඉන්දීය කණ්ඩායමේ තමන්ට ගැළපෙන හිඩැස සොයා ගත් අයුරු අපව පුදුම කළ කතා පුවතකි. 2022 IPL තරගාවලියේ දී තරග අවසන් කරන්නෙකු ලෙස කරළියට ආ ඔහු ඉන් සාර්ථක වූවා පමණක් නොව, නැවත ඉන්දීය කණ්ඩායම වෙත කැඳවීමක් ලබා ගන්නට තරම් විශ්වසනීය අවසන් කරන්නෙකු විය.

කියවන්න – IPL 2022 හි කාර්තිකාගමනය

ආරම්භයේ දී සඳහන් කළ Twitter පණිවුඩය ඔහු විසින් සටහන් කොට තිබුණේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔහුව ඉන්දීය කණ්ඩායමට තෝරාගැනීමෙන් පසුවයි. ආසියානු කුසලාන තරගාවලියේ දී රිෂාබ් පන්ට්ගේ පිත්තෙන් බලාපොරොත්තු වූ වේගවත් ලකුණු නොලැබීම හේතුවෙන් බොහෝ දුරට කාර්තික් ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය පිතිකරුවෙකු වන්නට ද ඉඩ තිබේ.

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය පරාජය වීමෙන් පසුව දිනේෂ් කාර්තික් ඉන්දීය කණ්ඩායම නියෝජනය කර නොතිබිණි. එහෙත් ඔහුගේ නොපසුබස්නා උත්සාහය විසින් ඔහුව යළි කණ්ඩායම වෙත හරවනු ලැබීය. පසුගිය වසරේ පැවති එක්තරා සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ විස්සයි විස්ස සඳහා විශේෂිත ක්‍රීඩකයෙකු වශයෙන් නැවත ඉන්දීය කණ්ඩායමට ඇතුළත් වීම ඔහුගේ බලාපොරොත්තුව බවයි.

Courtesy – Indianexpress.com
Caption – දිනේෂ් කාර්තික් 2022 IPL තරගාවලියේ දී

2022 IPL තරගාවලිය තුළ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ක්‍රීඩා කළ සියලු තරග අවසන් වුනේ කාර්තික්ගේ අවසන් කිරීම් වලිනි. ඉන් බොහොමයක් ඉනිම් විශිෂ්ට ඉනිම් බව සඳහන් කළ හැකිය.

ඉන්දියානු කණ්ඩායම විසින් බලාපොරොත්තු වූ අවසන් කරන්නාටත් වඩා ඉහළ දස්කම් ඔහු විසින් දක්වා තිබිණි. වයස අවුරුදු 35 ඉක්මවා තිබිය දී පවා ඉන්දීය තේරීම් කමිටුව විසින් ඔහු කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ එබැවිනි.

ඉන්පසුව ඔහුව දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරනු ලැබිණි.

කියවන්න – කාර්තික්ගේ සිහින සැබෑ වෙමින් ආ හැටි

දකුණු අප්‍රිකාවට එරෙහි සිව්වැනි තරගයේ දී කාර්තික් විසින් පන්දු 27ක දී ලකුණු 55ක් වාර්තා කරමින් ඉන්දීය කණ්ඩායමට තරගාවලිය සමකර ගැනීමට අවශ්‍ය සවිය ලබා දුන්නේය. පසුව පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී පන්දු 19ක දී නොදැවී ලකුණු 41ක් ලබාගෙන ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කළේය.

2022 ආසියානු කුසලාන තරගාවලියේ දී කාර්තික් හට ක්‍රීඩා කරන්නට ලැබුණේ එක් පන්දුවක් පමණි. පාකිස්තානයට එරෙහිව පැවති එම තරගය ඉන්දියාව විසින් ජය ගත්තේය.

පසුව පැවති හොංකොංට එරෙහි තරගයේ දී ඔහුට පිතිකරණයේ යෙදිය නොහැකි විය. ඉන්පසුව ඔහුව අතිරේක බංකුවට යවන ලද අතර එහි විපාකය ඉන්දියාවට විඳින්නට සිදු විය. ඒ කාර්තික් වෙනුවට ක්‍රීඩා කළ රිෂාබ් පන්ට් පන්දු 13කදී ලකුණු 17ක් පමණක් ලබාගෙන ඉනිම පීඩනයට ලක් කළ නිසයි.

කාර්තික් කුඩා ශරීරයක් සහිත ක්‍රීඩකයෙකු වුවත් වේගවත් පහරවල් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ඔහුගේ කඩුලු අතර දිවීම ද වේගවත් ය. එමෙන්ම පිතිකරුවෙකු ලෙස තරග කියවීම ඔහුගේ අත්දැකීම්වලින්ම ශක්තිමත් වූවකි.

දිනේෂ් කාර්තික්ගේ මංගල ටෙස්ට් තරගය ක්‍රියාත්මක වී මේ වන විට වසර 18කි. ඔහු 2007 ලෝක කුසලාන තරගාවලිය ද නියෝජනය කළේය. දැනට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ එම ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ දෙදෙනෙකු පමණි. ඒ නායක රෝහිත් ෂර්මා සහ දිනේෂ් කාර්තික් ය. ඉන් කාර්තික් ක්‍රීඩා කරන ආකාරය දෙස බැලීමේ දී පෙනී යන්නේ පරණ වයින් වඩාත් රසවත් බව ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<