ගිම්හානය මලල ක්‍රීඩාවට වෙන්වන ලකුණු

80

මලල ක්‍රීඩාවේ ස්වර්ණමය වසරක් වේ යැයි සැලකූ 2020 වසර මේ වන විට මලල ක්‍රීඩාවට පමණක් නොව ලොව සියලුම ක්‍රීඩාවන්ට තිත තැබූ වසරක් ලෙස සැලකෙන්නේ මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ලොව පුරා ක්‍රීඩා තරගවලින් කල් දැමීමට සිදු වී ඇති නිසාවෙනි.

ප්‍රංශ සංවිධායකයන් බලාපොරොත්තු අත්නොහරී

මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ලොව පුරා බොහෝ තරගාවලීන් කල් දැමීමට සංවිධායකයින්……

ඒ නිසාවෙන් මේ වසරේ ජූලි මස ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට තිබූ 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ද කල් දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කෙරූ අතර එම තරගාවලිය ලබන වසරේ ජූලි මස පැවැත්වෙන බව පසුගිය දා නිවේදනය කරන ලදි.

එම තීරණයත් සමඟම 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය තවත් වසරකින් කල් දැමීමට අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය තීරණය කරන ලදි. එම තරගාවලිය ද 2022 වසරේ ජූලි මාසයේ දී පැවැත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බව වාර්තා වේ.

එම තරගාවලියට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය ද එම වසරේ ජූලි 27 වැනිදා සිට එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර එයට දින කිහිපයකට පසුව එනම් අගෝස්තු 11 වැනිදා සිට යුරෝපානු ශූරතාවලිය ජර්මනියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. ඒ අනුව මුළු ගිම්හානයම මලල ක්‍රීඩා සැණකෙළියක් වීමට නියමිතව පවතී.

කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී සෙබස්තියන් කෝ ප්‍රකාශ කර සිටියේ ඔහුට මෙම තරගාවලීන් තුනම නිසි ආකාරව පැවැත්වීමට අවශ්‍ය බවයි. නමුත් එය ඉතාම අමාරු කාර්‍යයක් වන්නේ කාලය ඉතා සීමා සහිත වීම නිසාවෙනි.  

කෙසේ නමුත් මෙම වසරේ ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිතව ඇති යුරෝපානු මලල ක්‍රීඩා තරගාවලිය පිළිබඳව නිසි තීරණයක් තවමත් ගෙන නොමැති අතර මැයි මස 07 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගනු ඇතැයි වාර්තා වේ. එම තීරණය මත 2022 වසරේ එම තරගාවලිය පැවැත්වේ ද නැද්ද යන්න තීරණය වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<