අප්‍රසාදයට ලක්වූ ලක්නව්ට ක්‍රීඩා කළ රාජස්තානයේ රහස් නියෝජිතයා

IPL 2023

1720

Lucknow Super Giants නායක KL Rahul විසින් ඊයේ (19) Rajasthan Royals කණ්ඩායමේ Trent Boult විසින් යොමු කළ ආරම්භක පන්දුවාරයේ දී කිසිදු ලකුණක් ලබා නොගැනීම බොහෝ ක්‍රිකට් රසිකයින්ගේ අප්‍රසාදයට හේතු වී තිබෙනවා.

2023 IPL තරගාවලියේ 26 වැනි තරගය ලෙස ඊයේ පැවැත්වුණු මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට අවස්ථාව ලැබුණේ Lucknow කණ්ඩායමටයි.

ඒ අනුව තරගයේ පන්දු යැවීම ආරම්භ කළ Boult විසින් Rahul වෙත යොමු කළ සිය ආරම්භක පන්දුවාරයේ දී එකඳු ලකුණක් හෝ ලබා නොදුන් අතර අනෙක් Lucknow ආරම්භක පිතිකරුවා වන Kyle Mayers හට යොමු කළ සිය දෙවැනි පන්දුවාරයේ දී ද Boult ලබා දුන්නේ ලකුණු දෙකක් පමණයි.

ඒ සමඟින් Boult විසින් Bhuwaneshwar Kumar සතු විශේෂ IPL වාර්තාවක් ද සම කිරීමට සමත් වුනේ IPL ඉතිහාසයේ වැඩිම නිලකුණු ආරම්භක පන්දුවාර ප්‍රමාණයක් (8) යැවූ පන්දු යවන්නා බවට පත් වෙමිනුයි. ඔවුන් දෙදෙනාට පිටුපසින් තවත් හිටපු විශිෂ්ට වේගපන්දු යවන්නෙකු වන Praveen Kumar එවැනි අවස්ථා හතක් සමඟින් රැඳී සිටිනවා.

කෙසේ වෙතත් ඊයේ මෙම වාර්තාව පිහිටුවීම සඳහා Boult හට සිය සහය ලබා දුන් KL Rahul හට නම් සමාජ මාධ්‍ය වලින් ලැබුණේ ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නොවෙයි.

“ඔබ KL Rahulගෙන් තරගය ආරම්භ කරනවා නම් ඔබට පිතිකරණයේ යෙදෙන්න වෙන්නේ පන්දුවාර 19ක් විතරයි.”

මේ Rahulට එරෙහිව එසේ පළ වුනු එක් අදහසක්. එමෙන් ම තවත් එවැනි අදහස් කිහිපයක් පහතින් දැක්වෙනවා.

“KL Rahul නැවතත් Powerplay නිලකුණු පන්දුවාරයකින් ආරම්භ කළා.”

“උණුසුම් පුවත් – KL Rahul සිය හත්වැනි පන්දුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළා. මෙය ඔහුගේ තෙවැනි වේගවත් ම ආරම්භක ලකුණයි.”

“Rajasthan Royals කණ්ඩායමේ රහස් නියෝජිතයා”

” 2014 සිට IPL වල දී නිලකුණු ආරම්භක පන්දුවාර 27ක් යොමු වෙලා තියෙනවා.

KL Rahul එයින් 11කට ක්‍රීඩා කරලා තියෙනවා.”

මෙම තරගයේ දී Rahul විසින් පන්දු 32කින් ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වූ අතර එයට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා. එමෙන්ම මෙම තරගයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Trent Boult සිය පන්දුවාර 4 තුල දී ලකුණු 16ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ Rahul විසින් මෙහෙයවනු ලැබූ Lucknow Super Giants කණ්ඩායමටයි.

එහි දී Rahulගේ ඉනිමට නොදෙවෙනි ඉනිමක් Rajasthanයේ Jos Buttler විසින් ද දියත් කළ අතර ඔහු පන්දු 41ක් වැය කර ලකුණු 40ක් ලබා ගත්තේ Rajasthanය ලද ලකුණු 10 පරාජයේ සෑහෙන්න තරම් වගකීමක් සියතේ දරා ගනිමිනුයි.

මෙවර IPL තරගාවලියේ සියලු ම  තරග සජීවී ව නැරඹීමට අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. එමෙන්ම සියලු තරග විස්තර සවිස්තරාත්මක ව ඔබට සමීප කිරීමටත් ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<