පිට පිට සිව්වැනි වරටත් කිරුළ රැකගත් කුරුස හමුදාවේ විශිෂ්ඨ ජයග්‍රහණය!

168

Investec Super Rugby Aotearoa 2020 තරගාවලිය අවසන් වීමට තවත් එක් සති අන්තයක් ඉතිරිව තිබුණ ද මෙවර තරග වාරයේ ඉරණම විසඳීමට Crusaders ක්‍රීඩකයින් අද (09) සමත් වූයේ පිට පිට සිව්වැනි වරටත් නවසීලන්ත අන්තර් සමාජ රග්බි පිටියේ ශූරයින් ලෙස කිරුළු පළදමිනි.

Hurricanes වෙලින්ටන් පිටිය කළඹයි!

Highlanders සමඟ පැවති තරගයේ පළමු අර්ධය සත්කාරක Crusaders හට එතරම් සුබදායක නොවුනේ ප්‍රතිවාදීන් නොසිතූ අයුරින් ඔවුන්ගේ තරග රටාව වෙනස් කරමින් ආක්‍රමණශීලී උපායමාර්ගයන් අනුගමනය කිරීමට පෙලඹුණු නිසාවෙනි.

පළමු මිනිත්තුවේ දී ම Hurricanes කණ්ඩායමේ Shannon Frizell ප්‍රතිවාදී Crusaders ක්‍රීඩකයින් බිම හෙළමින් ධවල රේඛාව අභිබවා දිව ගියේ පළමු ප්‍රවර්තිත උත්සාහක දිනුමේ ගෞරවය තම කණ්ඩායම වෙත හිමිකර දෙමිනි. 

එල්ල වූ අභියෝගයට නිසි පිළිතුරු ලබා දුන් Crusaders කණ්ඩායමේ සුපිරි තරුව Richie Mo’unga, Bryn Hall නිර්මාණය කර දුන් අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත්තේ ලකුණු පුවරුවේ තම අන්තය ද ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් හැඩ ගන්වමිනි. (Crusaders 07 – 07 Highlanders)

22 වැනි මිනිත්තුවේ දී Crusaders ක්‍රීඩක Sanders off-side වරදට හසුවීමත් සමඟම ප්‍රධාන විනිසුරු Highlanders කණ්ඩායම දෙසට යොමු වූ අතර උදා වූ අවස්ථාවෙන් ලකුණු තත්වය ඉහළ නංවා ගත් Josh Ioane සාර්ථකව දඬුවම් පහර ගෝල කණු අතරින් ඉලක්කගත කළේය. එයින් සෑහීමකට පත් නොවූ Landers ක්‍රීඩකයින් තවත් ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් Crusaders කණ්ඩායමට සංග්‍රහ කළේ Jona Narekiගේ සුපිරි ධාවන කුසලතාවන් උපයෝගී කරගනිමිනි. (Crusaders 07 – 17 Highlanders)

ශූරතාවේ සිහිනය රැකගනිමින් Blues පියවරක් ඉදිරියට!

Crusaders නායක Codie Taylor 28 සහ 39 වැනි විනාඩියන්හී පන්දුව Richie Mo’unga හට භාර කළේ පහසු කෝණයන්ගෙන් උදා වූ දඬුවම් පහර අවස්ථාවන් නිවැරදිව ගෝල කණු අතරින් යොමු කරනු ඇතැයි දැඩි විශ්වාසයෙනි. නායකයා පැවරූ වගකීම අකුරටම ඉටු කළ Mo’unga විවේක කාලයට පෙරාතුව Crusaders ලකුණු පුවරුවට ලකුණු 6ක් එක් කරමින් පැවති ලකුණු පරතරය අවම කිරීමට සමත් විය. (Crusaders 13 – 17 Highlanders)

පළමු අර්ධය: Crusaders 13 (1T,1C,2P) – 17 (2T,2C,1P) Highlanders 

විවේක කාලයෙන් අනතුරුව ද ලකුණු පසුපස හඹා යාමේ දඩයමට මුල පිරූ Highlanders ක්‍රීඩක Michael Collins අපූර්ව උත්සාහක දිනුමක් වාර්තා කළේ  Crusaders කණ්ඩායම වෙත සම්පූර්ණ පීඩනයම යොමු කරමිනි. Ioaneගේ පා පහර ඉවතට ගිය නිසාවෙන් ප්‍රවර්තනයේ ලකුණු ද්විත්වය ඔවුන්ට අහිමි විය. (Crusaders 13 – 22 Highlanders)

ආන්දෝලනාත්මක විනිසුරු මැද Crusaders ජය තහවුරුයි!

එතෙක් වේලා Highlanders කණ්ඩායම දෙසට දෝලනය වූ තරගයේ ඉරණම උඩුයටිකුරු කරමින් Crusaders කණ්ඩායමේ George Bridge විනාඩි 2ක කාලයක් ඇතුළත උත්සාහක දිනුම් 2ක් වාර්තා කළේ Highlanders ක්‍රීඩකයින් ඇතුළු ඔවුන්ගේ ආධාරකරුවන් සියලු දෙනාම නිරුත්තර කරමිනි. ඒ අනුව තරගයේ පළමු වරට පෙරමුණ ගැනීමේ භාග්‍ය Crusaders කණ්ඩායම හට හිමි විය. (Crusaders 25 – 22 Highlanders)

Highlanders ක්‍රීඩකයින් යලිත් වතාවක් තරගයේ ආධිපත්‍යය තමන් සතු කරගැනීම සඳහා දැඩි සටනක නියැලෙනු දැකගන්නට ලැබුනත් ඔවුන් ගත් එම වෙහෙස වතුරේ හරිමින් Crusaders කණ්ඩායමේ Braydon Ennor ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කළේ තරගයේ පමණක් නොව සමස්ත තරගාවලියේම ශූරතාව තම කණ්ඩායම වෙත හිමිකර දෙමිනි. (Crusaders 32 – 22 Highlanders)

අවසන් ලකුණු තත්වය: Highlanders 22 (3T,2C,1P) – 32 (4T,3C,2P)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • Highlanders – Jona Nareki (1T), Shannon Frizell (1T), Michael Collins (1T), Josh Ioane (2C,1P)
  • Crusaders – George Bridge (2T), Richie Mo’unga (1T,3C,2P), Braydon Ennor (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <