ලෝක සංගමයෙන් ශ්‍රී ලංකා රග්බි තහනම් කරයි

251
Sri Lanka Rugby suspended as a member of World Rugby

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ලෝක රග්බි සම්මේලනය විසින් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ පාලන ගැටලු නිසා මෙම තහනම පැනවීමට කටයුතු කරන බව ද ලෝක රග්බි සම්මේලනය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම ලෝක රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය එක්ව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සමඟ සම්බන්ධ පාර්ශව සමඟ සමීපව වැඩ කිරීමට ද බලාපොරොත්තු වන බව සඳහන්.

මෙහි ප්‍රධානතම කාර්යය වන්නේ සියලු පාර්ශව සමඟ එක්ව ඔවුන්ට බලපාන සියලු පාලන ගැටලු ඉතා ඉක්මනින් ම විසඳා ගැනීමයි.

එම ගැටලු ඉක්මනින් නිරාකරණය කිරීම තුළින් ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන් හට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු කලාපයේ තරග සහ තරගාවලි සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වෙනවා.

ලෝක රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය ඉතා ඉක්මනින් අදාළ පාර්ශවයන් සමඟ වැඩ කටයුතු කරමින් මෙම ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාව තුල වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කරන බව ද වාර්තා වෙනවා.

ලෝක රග්බි සම්මේලනය නිකුත් කළ නිවේදනයක් ඇසුරිනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<