Blues නිලංකාර කරමින් Hurricanes වෙලිංටන් පිටිය කළඹයි

164
INVESTEC SUPER RUGBY AOTEAROA 2020

Investec Super Rugby Aotearoa 2020 තරගාවලියේ දෙවන අදියරේ පළමු තරගය අද (18) වෙලිංටන් නුවර දී ක්‍රියාත්මක වූයේ සත්කාරක Hurricanes කණ්ඩායමට තියුණු ජයක් අත්පත් කරදෙමිනි. ඔවුන් අතින් පරාජයට පත්වූයේ Auckland Blues කණ්ඩායමයි. අවසන් ලකුණු තත්වය දිස්වූයේ 29-27ක් ලෙසිනි.

Hurricane මාරුතයෙන් බැට කෑ Highlanders හිස් අතින් ගෙදර යයි

Investec Super Rugby Aotearoa 2020 තරගාවලියේ පස්වැනි සතිඅන්තය

ලකුණු සටහනේ පෙරමුණේ රැඳෙන ප්‍රබල Crusaders කණ්ඩායමට සටනක් ලබා දීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අතිශය තීරණාත්මක වූ අතර තරගයේ ආරම්භක මිනිත්තුවේ දී ම දඬුවම් පහරක් සාර්ථක කර ගත් Blues කණ්ඩායමේ Otere Black දිනයේ පළමු වරට ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ ගෞරවය තම කණ්ඩායම වෙත දිනා දීමට සමත් විය. (Hurricanes 00 – 03 Blues)

ඊට ප්‍රතිචාර වශයෙන් අපූර්ව ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් ප්‍රතිවාදීන් හට නිසි පිළිතුරු දුන් Hurricanes කණ්ඩායමේ Ngani Laumape විශිෂ්ට ධාවනයක යෙදෙමින් Blues ආරක්ෂක වැට සුනුවිසුනු කර දැමීමට සමත්කම් දැක්විය. කෙසේ නමුත් පසුගිය තරග කිහිපයේ දී තම සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ Beauden Barrett තරගයේ 10 වැනි මිනිත්තුවේ දී යලිත් වතාවක් Blues කණ්ඩායම ඉහළින් ඔසවා තැබීමට සමත් වූයේ දැකුම්කළු ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. (Hurricanes 07 – 10 Blues)

ඉන් අනතුරුව එළඹි විනාඩි 20ක පමණ කාලසීමාව තුල දෙපිලේම ක්‍රීඩකයින් කරට කර සටනක් ලබා දෙමින් උද්වේගකර අවසානයකට අවශ්‍ය අඩිතාලම සකසාලූ අතර Jordie Barrett අතින් ගිලිහී ගිය දඬුවම් පහර අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් Blues ක්‍රීඩක Dalton Papali’i උත්සාහක දිනුම් රේඛාව අභිබවා යමින් කණ්ඩායමේ ලකුණු තත්වය තවදුරටත් පෝෂණය කිරීමට දායක විය. එහි ප්‍රවර්තනයේ ලකුණු ද්විත්වය Blues කණ්ඩායමට අහිමි වූයේ Blackගේ පහර ඉලක්කයෙන් ඉවතට ඇඳී ගිය නිසාවෙනි. (Hurricanes 07 – 15 – Blues)

Blues අපරාජිත ගමන් මඟට තිත; Crusaders කෙමෙන් කිරුළට ළං වේ

Investec Super Rugby Aotearoa 2020 තරගාවලියේ තීරණාත්මක 5 වැනි සති

පළමු අර්ධය නිමා වීමට මත්තෙන් ලකුණු තත්වය 15-15ක් ලෙසින් සම කළ Hurricanes ක්‍රීඩකයින් විවේක කාලය වෙත ගමන් කළේ තවත් එක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරකින් ලකුණු පුවරුවේ ඔවුන්ගේ අන්තය වර්ණවත් කරමිනි. Reed Princep ධවල රේඛාව පසුකොට ගමන් කරද්දී Jordie Barret හට දඬුවම් පහරේ ලකුණු ත්‍රිත්වය තම කණ්ඩායම වෙත දිනා දීමට හැකි විය. (Hurricanes 15 – 15 Blues)

පළමු අර්ධය: Hurricanes 15 (2T,1C,1P) – 15 (2T,1C,1P) Blues

Hurricanes නායක Dan Coles දෙවන අර්ධයට සුපිරි ආරම්භයක් ලබා දෙමින් තම කණ්ඩායමට නැවතත් තරගයේ පෙරමුණ ලබා දීමට සමත් වූයේ ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් Blues ක්‍රීඩකයින්ට සංග්‍රහ කරමිනි. ඊට ක්ෂණික ප්‍රහාරයන් ද්විත්වයකින් ප්‍රතිප්‍රහාර දියත් කිරීමට Blues ක්‍රීඩකයින් වගබලා ගත්තේ තරගයේ ජයග්‍රහණය දෙපිලටම යලි විවෘත කරමිනි. (Hurricanes 22 – 15 Blues)

57 සහ 62 වැනි විනාඩියන්හී ජවසම්පන්න Blues ඉදිරිපෙළ ක්‍රීඩකයින් ඔවුන්ගේ උපායශීලී තරග උපක්‍රම උපයෝගී කරගනිමින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළේ Akira Ioane සහ Kurt Eklund ක්‍රීඩකයින් දෙදෙනාගේ වාසනවන්ත සුරතෙනි. නමුත් එහි දී අත්දැකීම් බහුල Beauden Barrett හට සාර්ථක කර ගැනීමට හැකි වූයේ ප්‍රවර්තන අවස්ථා දෙකෙන් එක් අවස්ථාවක් පමණි. (Hurricanes 22 – 27 Blues)

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ක්‍රීඩාවෙන් එක්වේ

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලංකා රග්බි

තරගයේ අවසානය ළංවත්ම යලි ජීවය ලැබූ Hurricanes ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණය නිසැකවම තමන් සතු කරගැනීමට සමත් වූයේ Asafo Aumua රැස්කළ අගනා උත්සාහක දිනුමත් සමඟිනි. අසීරු කෝණයකින් උදා වූ ප්‍රවර්තන අවස්ථාව නිවැරදිව ඉලක්කය වෙත යොමු කරමින් Jordie Barret Hurricanes කණ්ඩායම ජය කණුව වෙත රැගෙන යාමට සමත් විය. (Hurricanes 29 – 27 Blues)

අවසන් ලකුණු තත්වය: Hurricanes 29 (4T,3C,1P) – 27 (4T,2C,1P) Blues

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ:

  • Hurricanes – Ngani Laumape (1T), Dan Coles (1T), Reed Princep (1T), Asafo Aumua (1T), Jordie Barrett (2C,1P)
  • Blues – Beauden Barrett (1T,1C), Dalton Papali’i (1T), Otere Black (1C,1P), Akira Ioane (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<