20-20 අාරම්භක තරගයේ ජය ත්‍රිවිධ හමුදා සෙබලියන්ට

309
Sri Lanka womens t20 match

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් සංවිධානය කරන ලද 20-20 කාන්තා තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩා පිටියේදි සහ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදි අද (04) පැවැත් විය.

A කණ්ඩායම B කණ්ඩායම
නාවික ක්‍රී. ස –  A ගුවන් හමුදා ක්‍රී.ස – A
ගුවන් හමුදා ක්‍රී.ස B යුධ හමුදා ක්‍රී.ස –  B
යුධ හමුදා ක්‍රී.ස  –  A නාවික ක්‍රී. ස   -B
මාතර ක්‍රී.ස කෝල්ට්ස් ක්‍රී. ස  

A කාණ්ඩයේ තරග

‍නාවික හමුදා ක්‍රීඩා සමාජ A කණ්ඩායමට එරෙහිව මාතර ක්‍රීඩා සමාජය

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවති තරගයේ මාතර ක්‍රීඩිකාවෝ කාසියේ වාසිය දිනාගනිමින් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. නියමිත පන්දුවාර 20 නිමාවන විට මාතර ක්‍රීඩකාවෝ කඩුළු 8ක් දැවී ලකුණු 72ක් ලබා ගැනීමට සමත් විය.

මධුරි සමුද්දිකා කඩුළු 3ක් ලබා ගැනීමට සමත් වන අතර ඉනෝකා රනවීර සහ චන්දි වික්‍රමසිංහ කඩුළු දෙක බැඟින් දවා ගැනීමට සමත් විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ප්‍රසාදි වීරක්කොඩි ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වු අතර හසිනි පෙරේරා ලකුණු 25ක් නාවික හමුදා දිනුම වෙනුවෙන් රැස් කිරීමට සමත් විය.

මාතර ක්‍රීඩා සමාජය: 72/8 (20) – පියුමි වත්සලා 23, මධුරි සමුද්දිකා 3/19, ඉනෝකා රනවීර 2/12, චන්දි වික්‍රමසිංහ 2/12

නාවික හමුදා A කණ්ඩායම: 74/1 (7.3) ප්‍රසාදිනි වීරක්කොඩි 37, හසිනි පෙරේරා 25, අප්සරා දසුනි 1/31

නාවික හමුදාව කඩුළු 9කින් ජයග්‍රහණය වාර්තා කලේය.


යුධ හමුදා ක්‍රීඩා සමාජය A  එදිරිව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය B

කොල්ට්ස් පිටියේදි පැවති මෙම තරගය ලකුණ 28කින් ජය ගැනීමට යුධ හමුදා ක්‍රීඩකාවෝ සමත් වුහ. යුධ හමුදාව වෙනුවෙන් ඉමල්කා මෙන්ඩිස් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වන අතර නියමිත පන්දුවාර ගණන අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 127 රැස් කිරීමට ඔවුන් සමත් විය.

ක්‍රිකට් පිටියේ පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කල චතුරාණි ගුණවර්ධන විසින් ලකුණු 20ක් ගුවන් හමුදාව වෙනුවෙන් රැස් කළාය. පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 දැවි ලකුණු 88 ලබා ගැනීමට ඔවුන් සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය A – 127/4 (20) ඉමල්කා මෙන්ඩිස් 35, නිලූකා කරුණාරත්න 32, නිපුනි හංසිකා 23, චතුරාණි ගුණවර්ධන 2/19

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය B – 88/9 (20) චතුරාණි ගුණවර්ධන 20, ශෙරීනා රවිකුමාරි 3/11, නිලූකා කරුණාරත්න 2/5

යුධ හමුදාව ලකුණු 28කින් ජයග්‍රහණය වාර්තා කලේය


B කාණ්ඩයේ තරග

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය A එදිරිව කොල්ට්ස් ක්‍රීඩා සමාජය

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදි පැවති මෙම තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වුහ. නියමිත පන්දුවාර ගණන අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 118ක් ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් විය.

එහිදි යසෝධා මෙන්ඩිස් විසින් ලකුණු 44ක් වාර්තා කරන අතර ඒ.ඩ්. ජනකාන්තිමාලා ලකුණු 16කට කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

කොල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් අමාෂා අංජලි ලකුණු 20 පමණක් රැසි කරන අතර ඔ්ෂදි රණසිංහ ලකුණු 19කට කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය A : 118/7 (20) යසෝදා මෙන්ඩිස් 44, සදුනි අබේවික්‍රම 29, ඒ.ඩි. ජනකාන්තිමාලා 3/16,

කොල්ට්ස් ක්‍රීඩා සමාජය : 70/8 (20) අමාෂා අංජලි 19, චමාසි අතපත්තු 2/5, චාමරි පොල්ගම්පොල 2/11, ඔ්ෂදි රණසිංහ 2/19

ගුවන් හමුදාව ලකුණු 48කින් ජයග්‍රහණය වාර්තා කලේය


නාවික හමුදා ක්‍රීඩා සමාජය B එරෙහිව යුධ හමුදා ක්‍රීඩා සමාජය B

නාවික හමුදා ක්‍රීඩා පිටියේදි පැවැත් වු තරගයේ කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදා කණ්ඩායම සියළු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 72කි. ඒ ඔ්වර 16 පන්දු  2 දීය.

පහසු ජයක් හඹා යෑමට පිටියට පිවිසි යුධ හමුදා සෙබලියන්ට සිතූ තරම් තරගය ලෙහෙසි නොවු අතර පන්දුවාර 18 පන්දු 3කදි ඉලක්කය සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

නාවික හමුදා ක්‍රීඩා B : 72 (16.2) ශානිකා ලිඳගෙදර 27, ලනේෂා චාමරි 3/16, අයේෂා ප්‍රබෝදිනි 2/15

යුධ හමුදා B : 73/3 (18.3) නිමාලි පෙරේරා 38, සචිනි ජයවර්ධන 1/1

යුධ හමුදාව කඩුළු 7කින් ජයග්‍රහණය වාර්තා කලේය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට