කඩුලු 14ක් බිඳ වැටුණු දා; Bonnerගේ හිසේ පන්දුවක් වදියි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

141

සංචාරක දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද (11) අලුයම නිමා වුනා. 

ඒ වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලකුණු 128ක් ලබාගෙන සිටියේ කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 31ක වාසියක් ද ලබා ගෙනයි.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගයක් ලෙස St Lucia හිදී පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළ නමුත් එම කාසියේ වාසිය සහ .සත්කාරක වාසිය ලබාගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ Lungi Ngidi (කඩුලු 5) සහ Anrich Nortjeගේ (කඩුලු 4)අභියෝගාත්මක පන්දු යැවීම හමුවේ කොදෙව් පළමු ඉනිම ලකුණු 97කට සීමා වුනු නිසයි.

තවත් ක්‍රිකට් පුවත්:

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු Jason Holder ලකුණු 20ක් රැස් කළ අතර, නායක Kraigg Brathwaite සහ Shai Hope ලකුණු 15 බැගින් ලබා ගත්තා. ඒ අතර වාරයේ දී Anrich Nortj එවූ වේගවත් පන්දුවක් කොදෙව් අංක තුන පිතිකරු ලෙස ක්‍රීඩා කළ Nkrumah Bonnerගේ හිසේ වැදීම නිසාවෙන් යම් වෙලාවක් ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව අවධානය යොමු කිරීමට සිදු වුණු අතර ඉන් මොහොතකට පසුව ඔහු දැවී ගියා.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමක් 2010 වසරෙන් පසුව කොදෙව් දේශයේ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව මෙය වන අතර මෙම තරගයේ දී Keegan Petersen  සහ Kyle Verreynne දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වුනා.

ඉන් පසුව දකුණු අප්‍රිකානුවන් සිය පළමු ඉනිම දියත් කළ අතර එහි දී Aiden Markram දකුණු අප්‍රිකාව සඳහා සාර්ථක අඩිතාලමක් සකස් කළ අතර ඔහුගේ ඉනිම ලකුණු 60කට සීමා වුනා. තරගයේ පළමු දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Rassie van der Dussen සහ Quinton de Kock පිළිවෙළින් ලකුණු 34*ක් සහ ලකුණු 4*ක් ලබාගෙන සිටිනවා.

පන්දු යැවීමේ දී සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ 19 හැවිරිදි Jayden Seales කඩුලු 3ක් බිද හෙළමින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

කෙසේ නමුත් දකුණු අප්‍රිකානු පළමු ඉනිම ආරම්භයේ දී Nkrumah Bonner වෙනුවෙන් Kieran Powell ආදේශ කිරීමට කොදෙව්වන් තීරණය කළේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට මෑතක දී හඳුන්වා දෙනු ලැබූ concussion substitute අවස්ථාව ප්‍රයෝජනයට ගෙනයි. කෙසේ නමුත් Nkrumah Bonner හට දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉතිරි දිනයන් ද මඟ හැරී යන බව වාර්තා වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා ලොව තතු රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<