පළමු තරගයේ දී ම තිසර දස්කම් අතරට

පාකිස්තානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

189

මෑතක දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ඊයේ (10) පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ දී Karachi Kings වෙනුවෙන් ක්‍රීඩා කළා. එම තරගයේ දී පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට තිසර සමත් වුනා.

කාසියේ වාසිය ජය ගනිමින් පළමුවෙන් පන්දු රැකීමට Karachi Kings තීරණය කළ අතර Multan Sultans නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 175ක් රැස් කරගත්තා. 

එම තරගයේ දී 11, 13 සහ 15 වැනි පන්දුවාර යොමු කරමින් (පන්දුවාර 3කට) ලකුණු 12ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු දෙකක් දවා ගැනීමට තිසර සමත් වුනා. සිය පළමු පන්දුවාරයෙන් ලකුණු 44ක් ලබාගෙන සිටි Rilee Rossouw දවා ගත් තිසර Shimron Hetmyerගේ කඩුල්ල ද ඉතාමත් ඉක්මනින් සිය කණ්ඩායමට ලබා දුන්නා.   

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් Karachi Kingsට නියමිත ඉලක්කය නිසි ලෙස සම්පූර්ණ කරගැනීමට නොහැකි වුනු අතර ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 164ක් පමණයි. මේ තරගයේ දී පිතිකරණයෙන් සාර්ථක වීමට පෙරේරාට අවස්ථාවක්  ලැබුණේ නැහැ.

වයස අවුරුදු 32ක් වන පෙරේරා මීට පෙර පැවති පාකිස්තානු සුපර් ලීග් තරගාවලිවල දී Quetta Gladiators සහ Multan Sultans යන කණ්ඩායම් නියෝජනය කළා.

මේ තරගාවලියේ තොරතුරු වගේම තවත් දෙස් විදෙස් ක්‍රීඩා ලොව තතු රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<