සාන්ත ජෝසප් මෙහෙයුමෙන් කිංග්ස්වුඩ් බලාපොරොත්තු බිඳ වැටේ

784

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (23) මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්විය. පෙරළිකාර මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරාජය කරමින් ලකුණු 23-10ක පෙරළිකාරී ජයක් වාර්තා කිරීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

ඒ අනුව මයිලෝ ජනාධිපති  කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ගියවර ශූරයින් වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් මෙව රද අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගන්නා ලදි.

ඉසිපතන ක්‍රීඩකයින්ට ජනාධිපති කුසලානයේ දොරටු වැසේ

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවන අර්ධ අවසාන පූර්ව තරගය අද (18) කොළඹ ඉසිපතන විද්‍යාලයත්, කොළඹ වෙස්ලි…

මලියදේව විද්‍යාලය පරාජය කරමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අවසාන පූර්ව වටයට තේරී පත්වුණු අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් කිංග්ස්වුඩ් විද්‍යාලය අවසන් පූර්ව වටයට පිවිසෙන ලදි.

පළමු අර්ධය පුරා ප්‍රබල සාන්ත ජෝසප් කණ්ඩායමට එකදු වතාවක් හෝ උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යන්නට ඉඩ ලබා නොදෙන්නට අධිෂ්ඨානශීලී මහනුවර ක්‍රීඩකයෝ සමත්වූ අතර සිය පසුපෙළ විශිෂ්ට ලෙස යොදා ගත් ඔවුන් දෙවරක්ම උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යන්නට ඔවුන් සමත් විය.

කෙසේ වෙතත් කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් දිගින් දිගටම ලබා දුන් දඬුවම් පහරවලින් උපරිම ප්‍රයෝජන ගන්නට සාන්ත ජෝසප් විද්‍යාලයේ සංතුෂ් අල්ගම සමත් වූයේ තෙවරක්ම පන්දුව ගෝල කණු අතරින් යවමිනි. නමුත් දෙවන අර්ධයේ පිටියට පිවිසුණු සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සම්පූර්ණයෙන් වෙනස් ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ අතර නායක සමිෂ විරංගනගේ මෙහෙයවීමෙන් පිටියේ ස්ථාවර වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ දෙවන අර්ධය සම්පූර්ණයෙන් තමන්ගේ ග්‍රහණයට ගැනීමට සමත් විය.

තරගය ආරම්භයේ දී කණ්ඩායම් දෙකම සුළු සුළු අතපසු කිරීම් සිදු කළ අතර එක් කණ්ඩායමක් වත් හරිහැටි පන්දුව උපයෝගී කර ගනිමින් ක්‍රීඩා කළේ නැත. 3 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් විද්‍යාලයට මීටර 40 සීමාව ආසන්නයේ දඬුවම් පහරක් හිමි වූ අතර සංතුෂ් අල්ගම විශිෂ්ට පා පහරකින් ලකුණු රැස් කළේ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවමිනි. (කිංග්ස්වුඩ් 00-03 සාන්ත ජෝසප්)

09 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කළේ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට අමතර වාසියක් ලබා දෙමිනි.

කෙසේ වෙතත් තරගයේ පළමු වතාවට ‘phases’ කිහිපයක් පන්දුව තමන් වෙතම රඳවා ගනිමින් ඉදිරියට ගිය කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ සිය පසුපෙළ යොදා ගනිමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ පිටිය තුමුල වැලිගම්පොලගේ සුරතිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වූයේ නැත. (කිංග්ස්වුඩ් 05-03 සාන්ත ජෝසප්)

19 වන මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් පසුපෙළ විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් සාන්ත ජෝසප් අර්ධය ආක්‍රමණය කළ අතර අලංකාර පන්දු යොමු කිරීම් කිහිපයකට පසුව 20 වන මිනිත්තුවේ දී හිරුෂ සම්පත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ සාන්ත ජෝසප් කණ්ඩායම දැඩි පීඩනයකට ලක්කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වූයේ නැත. (කිංග්ස්වුඩ් 10-03 සාන්ත ජෝසප්)   

ThePapare.com ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා කවුද?

පිට පිටම තෙවන වතාවටත්, 2018 පාසල් රග්බි ලීග් තරගාවලියේ ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා තේරීමට ThePapare.com අප සූදානම්. දිනෙන් දින උණුසුම්…

අනතුරුව පන්දුව නිදහස් නොකර රඳවා ගෙන සිටීම නිසා (holding on) සාන්ත ජෝසප් විද්‍යාලයට 28 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් හිමි වූ අතර අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් යවමින් ලකුණු පරතරය අඩු කරන්නට ඔවුන් සමත් විය. (කිංග්ස්වුඩ් 10-06 සාන්ත ජෝසප්)

33 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් විද්‍යාලයට දඬුවම් පහරක් හිමි වූ අතර සංතුෂ් අල්ගම ඉතා පහසුවෙන් එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් විය. (කිංග්ස්වුඩ් 10-09 ජෝසප්)         

පළමු අර්ධය අවසානයේ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සිය ඉදිරිපෙළ යොදා ගනිමින් පන්දුව උත්සාහක දිනුම් සීමාව අසලටම ගෙන යාමට සමත්වුවද උත්සාහක දිනුම් සීමාව පෙනෙන මානයේ ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වූයේ ඔවුන් සාන්ත ජෝසප් විද්‍යාලයට දඬුවම් පහරක් ලබා දුන් නිසාවෙනි.

පළමු අර්ධය: කිංග්ස්වුඩ් විද්‍යාලය 10 (2T) – 09 (3P) සාන්ත ජෝසප් විද්‍යාලය

දෙවන අර්ධය අරම්භයේ සාන්ත ජෝසප් විද්‍යාලයේ නායක සමීෂ විරංගනගේ අනගි පන්දු යොමු කිරීමක් ලබාගෙන ගැමුණු චේතිය විශිෂ්ට ධාවනයක නිරත වුවද කිංග්ස්වුඩ් විද්‍යාලයේ රාජනායක ප්‍රමුඛ ආරක්ෂක ක්‍රීඩකයන් මනා ලෙස ඔහුව පිටියෙන් ඉවතට තල්ලු කර දැමුවේ ඉතා අසන්න අවස්ථාවක් ව්‍යර්ථ කරමිනි.

කෙසේ වෙතත් ඉක්මනින් යලි ක්‍රියාත්මක වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් මෙවර සිය ඉදිරිපෙළ යොදා ගනිමින් ඉදිරියට ගිය අතර 39 වන මිනිත්තුවේ දී තීරක සංතුෂ්ගේ සුරතින් පළමු සාන්ත ජෝසප් උත්සාහක දිනුම වාර්තා විය. 100% වාර්තාව දිගටම පවත්වා ගනිමින් සංතුෂ් අල්ගම අමතර ලකුණු එකතු කළේය. (කිංග්ස්වුඩ් 10-16  සාන්ත ජෝසප්)

46 වන මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් ‘prop’ හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළ අතර එක් ක්‍රීඩකයෙකු අඩු වීමේ වාසිය මනාව භාවිතා කරමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සිය පසුපෙළ යොදා ගෙන ඉදිරියට ගියත් උත්සාහක දිනුම් සීමාව ආසන්නයේම එම අවස්ථාව ව්‍යර්ථ විය.

51 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් ක්‍රීඩක සචිත පෙරේරා හට කහ කඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළේය.

52 වන මිනිත්තුවේ හිමි වූ දඬුවම් පහර පිටියෙන් ඉවතට යැවූ කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ ‘line out’ අවස්ථාව සාර්ථක කර ගනිමින් උත්සාහක දිනුම් සීමාව කරා සිය පසුපෙළ මෙහෙයවන්නට උත්සහ කළ ද සාන්ත ජෝසප් ආරක්ෂක ක්‍රීඩා විලාසය හමුවේ නැවත වරක් උත්සාහක දිනුම් සීමාව ආසන්නයේම ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය.

56 වන මිනිත්තුවේ දී ‘scrum’ අවස්ථාවකින් පන්දුව ලබා ගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සිය වේගවත් පසුපෙළ යොදා ගනිමින් විශිෂ්ට ධාවනයක නිරත වූ අතර විශිෂ්ට පන්දු යොමුකිරීම් කිහිපයකට පසුව කේෂාන් කාවින්ද සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් දෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. සංතුෂ් අල්ගම අලංකාර පා පහරකින් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (කිංග්ස්වුඩ් 10-23 ජෝසප්)

අනතුරුව අවසන් මිනිත්තු කිහිපයේ දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ ප්‍රබල උත්සාහයක නිරත වූ අතර 63 වන මිනිත්තුවේ දී නැවතත් තරගයට පිවිසෙමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට තිබූ අවස්ථාවක් කිංග්ස්වුඩ් ක්‍රීඩක සොයිසාගේ දෑතින් ගිලීගි ගියේ උත්සාහක දිනුම් සීමාව ආසන්නයේ දී ය.

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් ත්‍රිත්ව සිහින බොඳ කරයි

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දෙවන අර්ධ අවසාන පූර්ව තරගය අද (17) මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත්, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයත් අතර…

දෙවන අර්ධයේ දී කෙතරම් උත්සහ කළ ද කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට ලකුණු ලබා ගැනීමට නොහැකිවූ අතර තරගය පුරා ප්‍රතිවාදීන්ට දඬුවම් පහර 11ක් ලබා දීම ඔවුන්ගේ පරාජයට ප්‍රධාන හේතුවක් විය.

අවසාන ලකුණු තත්වය: කිංග්ස්වුඩ් විද්‍යාලය 10 (2T) – 23 (3P,2C,2T) සාන්ත ජෝසප් විද්‍යාලය  

ThePapare.com තරගයේ වීරයා – සංතුෂ් අල්ගම (සාන්ත ජෝසප්)

ලකුණු ලබාගත් ක්‍රීඩකයෝ

  • සාන්ත ජෝසප් විද්‍යාලය – සංතුෂ් අල්ගම (2C,3P), තීරක සංතුෂ් (1T), කේෂාන් කාවින්ද (1T)
  • කිංග්ස්වුඩ් විද්‍යාලය – තුමුල වැලිගම්පොල (1T), හිරුෂ සම්පත් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<