ගෙවුනු දවස ජුනි 16 – චන්දි චණ්ඩියා වෙයි

335
Sri Lanka sports news last day summary june 16

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

– ක්‍රිකට් –

කලකට පසු ජය පැන් බොන ශ්‍රී ලංකාව

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟාවලියට සමගාමීව අයර්ලන්තය සමඟ පැවැත්වෙන අන්තර් ජාතික එක්දින තරඟ දෙකේ පළමු තරඟය අද (16) අයර්ලන්තයේ ඩබ්ලින් හිදී පැවැත්විණි. මෙම තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 76 (D/L) කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 303-7 (50) දිනේෂ් චන්දිමාල් 100*, කුසල් මෙන්ඩිස් 51, ඇන්ජලෝ මැතිව්ස් 49, දසුන් ශානක 42 විලියම් රැන්කින් 2/46, ජෝන් මැකාති 2/69

අයර්ලන්ත කණ්ඩායම – 216-10 – (40.4)විලියම් පොටර්ෆීල්ඩ් 73, කෙවින් ඕබ්‍රයන් 64, පෝල් ස්ටයරින් 27 ,දසුන් ශානක 5/43 ඇන්ජලෝ මැතිව්ස් 2/37

සම්පූර්ණ ලිපිය: චන්දි සමඟ නැගී ආ යොවුන් පිතිකරණය


 – මේස පන්දු –

මහාමායාව ප්‍රථම ස්ථානයට

මධ්‍යම පලාත් මේස පන්දු ශූරතාවලියේ, වයස අවුරුදු 19 සහ 15 පහල කාන්තා ශූරතාවය දිනා ගැනීමට මහනුවර මහාමායා විද්‍යාලය සමත් විය. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරගය ජුනි 15 සහ 16 යන දියන්හි දොලුව ජගත් රාජපක්ෂ ජත්‍යන්තර මේස පන්දු පිටිෙය්දි පැවැත් විනි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න

දවසේ නිමාව