කුසල් එංගලන්ත සටනට සැරසෙයි

473
Kusal Perera

උරහිසේ ආබාධායකට ලක්ව පළමු ටෙස්ට් තරගයෙන් විවේක ගැන්වූ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මක ප්‍රසාද් වෙනුවට කුසල් ජනිත් පෙරේරා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 2015 වසරේ අගෝස්තු මස පැවති ටෙස්ට් තරගාවලියේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් කුසල්, මේ වනවිට ටෙස්ට් තරග 03කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු ඉනිම් පහකදී ලකුණු 169ක්  රැස්කර ඇත. අර්ධ ශතක 02 ක් ද රැස්කර ඇති කුසල්ගේ දක්‍ෂතා අතර ලකුණු 70 ක් රැස්කිරීම ඉහළම ඉනිම වේ.

කුසල් පෙරේරා ට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය තහනමක් පනවා තිබූ අතර  පසුගිය සතියකදී එම තහනම වහා  ඉවත් කර ඔහුව චෝදනා වලින් නිදහස් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කරන ලදි. එයින් පසුව කුසල් තම පුහුණුවීම් ආරම්භ කර අතර ඒ අනුව ඔහු ඉක්මනින් එංගලන්ත බලා පිටත් වීමට නියමිතව ඇත.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න