හිරුන්, රනුද සහ විහස් දක්ෂතා දක්වයි

Inter Club U23 Tournament 2026 

2
Inter Club U23 Tournament 2026 - 01st July

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක පළමු දිනය අද (01) අවසන් වූ අතර දිනයේ කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වීමට හිරුන් කපුරුබණ්ඩාර සහ රනුද සෝමරත්න සමත් වූ අතර පන්දු යැවීමේ දී විහස් තෙවිම්ක කැපී පෙණුනා.

අද දවසේ වාර්තා වූ ශතක අතුරින් Baduraliya SC කණ්ඩායමේ ආරම්භක පිතිකරු හිරුන් කපුරුබණ්ඩාර Moors SC කණ්ඩායමට එරෙහි ව පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 116ක් ලබා ගනිද්දී SSC කණ්ඩායමේ රනුද සෝමරත්න Army SC කණ්ඩායමට එරෙහි ව පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 108ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Tamil Union C & AC කණ්ඩායමේ විහස් තෙව්මික United Southern SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 33කට කඩුලු 8ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව Bloomfield C & AC කණ්ඩායමේ කවීෂ පියුමාල් (5/28), Ragama CC කණ්ඩායමේ කෙවින් නානායක්කාර (5/29) Chilaw Marians CC කණ්ඩායමේ තිමිර ඉරුශික (5/40) සහ Army SC කණ්ඩායමේ පැතුම් විහඟ (5/96) ද දක්ෂ පන්දු යැවීම්වල නිරත වුණා.

මේ අතර පිතිකරුවන් අතුරින් Tamil Union C & AC කණ්ඩායමේ ටෙහාන් බීටර් (නොදැවී 53) සහ සිනෙත් ජයවර්ධන (59), Moratuwa SC කණ්ඩායමේ දිනෙත් සිතුමිණ (98), CCC කණ්ඩායමේ ඉනුක කරන්නාගොඩ (නොදැවී 62), SSC කණ්ඩායමේ රිවිත් ජයසූරිය (87) සහ දුනිත් වෙල්ලාලගේ (67) ද අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු

Ragama CC සහ Bloomfield C & AC අතර තරගය, කොස්ගම ශාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 122 (35.0) දෙනුර දිමන්සිත් 21, ලහිරු අබේසිංහ 21, නිසල අබේරත්න 2/22, තරින්ද ගුරුගේ 3/51, කවීෂ පියුමාල් 5/28
  • Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 159 (45.0) හසිත අමරසිංහ 25, පැතුම් රත්නායක නොදැවී 37, තරින්ද ගුරුගේ 25, කෙවින් නානායක්කාර 5/29

Bloomfield C & AC කණ්ඩායම ලකුණු 37ක් ඉදිරියෙන්.  

Moors SC සහ Baduraliya SC අතර තරගය, කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 277 (66.1) හිරුන් කපුරුබණ්ඩාර 116, අවීශ සමාශ් 21, හිරුන ගාල්ලගේ 32, මානස මදුබාශන 33, එනෝෂ් පීටර්සන් 21, ඉඳුවර උදාන 4/52, සඳරු මල්ශාන් 3/75, මල්ෂ තරුපති 3/57
  • Moors SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 87 (21.0) රවිශාන් ද සිල්වා නොදැවී 31, ඔශාන් ද සිල්වා 26, ජෙලෝන් ගමගේ නොදැවී 19,

Moors SC කණ්ඩායම ලකුණු 190ක් පිටුපසින්

United Southern SC සහ Tamil Union C & AC අතර තරගය, මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.

  • United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (49.4) රන්දුල මාබරණ 27, සෙහස් අශින්ස 64, තමිඳු ප්‍රදීප්ත නොදැවී 34, විහස් තෙව්මික 8/33, හිමරු දේශාන් 2/68
  • Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 147 (40.0) ටෙහාන් බීටර් නොදැවී 53, සිනෙත් ජයවර්ධන 59, සචිර වැලිවත්ත නොදැවී 27

Tamil Union C & AC කණ්ඩායම ලකුණු 6ක් පිටුපසින්

Moratuwa SC සහ Sebastianites C & AC අතර තරගය, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

  • Moratuwa SC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 283 (90.0) ලෙස්ටර් ජයවීර 35, ප්‍රමේශ් මදුභාෂණ 22, දිනෙත් සිතුමිණ 98, තුමුදිත ඕපනායක 31, සංජන සෙනෙවිරත්න 33, මයුර මල්ශාන් නොදැවී 23, රශීඩ් නායන් 2/18, චෙනුක පීරිස් 2/66, දක්ෂික මනුකල්ප 2/95

CCC සහ Chilaw Marians CC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 90 (27.1) යසිරු ලක්ෂාන් 31, දුවිඳු රත්නායක 2/15, ඉනුක කරන්නාගොඩ 3/17, තිසරු වන්නිනායක 3/15
  • CCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 179 (62.0) සරිත් සුදීන 33, වෙනුර විතානගේ 25, රශ්මික පෙරේරා 28, ඉනුක කරන්නාගොඩ නොදැවී 62, තිමිර ඉරුශික 5/40

CCC කණ්ඩායම ලකුණු 89ක් ඉදිරියෙන්.

Colts CC සහ Kurunegala Youth CC අතර තරගය, කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 227 (75.4) හිරාන් ජයසුන්දර 40, දනිඳු සෙල්ලප්පෙරුම 21, ආරොන් කොඩිතුවක්කු 35, රුසඳ ගමගේ 28, රිශ්ම අමරසිංහ 43, ශෙහාන් මාරසිංහ 3/24, දිනුක තෙන්නකෝන් 3/85, වතිල උදාර 4/64
  • Kurunegala Youth CC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 41 (11.0)

Kurunegala Youth CC කණ්ඩායම ලකුණු 186ක් පිටුපසින්.

Panadura SC සහ Negombo CC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 261 (81.4) විශාල් රුක්ශාන් 42, හසිඳු දම්සිත 44, මොහොමඩ් මුර්ශාඩ් 45, අමිත පෙරේරා 24, ශෆ්නි ඩීන් 21, විශ්ව ලහිරු 3/59, මලින්ත සිල්වා 3/67, විශේන් හැළඹගේ 3/83
  • Panadura SC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 14 (7.1)

Panadura SC කණ්ඩායම ලකුණු 247ක් පිටුපසින්.

SSC සහ Army SC අතර තරගය, කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.

  • SSC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 322 (69.0) රිවිත් ජයසූරිය 87, කවීන් ප්‍රනාන්දු 20, රනුද සෝමරත්න නොදැවී 108, දුනිත් වෙල්ලාලගේ 67, මලීශ තිලකරත්න 2/82, පැතුම් විහඟ 5/96
  • Army SC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 55 (15.0) අශාන් සුදර්ශන නොදැවී 39

Army SC කණ්ඩායම ලකුණු 267ක් පිටුපසින්.

Police SC සහ Kurunegala SC අතර තරගය, කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 149 (52.1) ජයමින් මුතුකුමාරණ 28, දිනුග අබේසේකර 30, අශාන් ශේනික 21, විනුජ රාන්පුල් 23, සනුජ නිඳුවර 22, තුශාන් ජයසේකර 4/41, මලිත හපුආරචිචි 3/22
  • Police SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 83 (35.0) මලීෂ සඳරුවන් 27, සොනාල් අස්වින් 2/16

Police SC කණ්ඩායම ලකුණු 66ක් පිටුපසින්.

වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<