බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරුට කොරෝනා

56

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සංවර්ධන කණ්ඩායමේ පුහුණුකරුවෙක් වෙන ආශික් රහමාන් හට Covid-19 වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

2002 වසරේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කළ රහමාන් පළමු පෙළ ක්‍රිකට් තරග 15ක් සහ List A තරග 18ක් සඳහා ක්‍රීඩා කර තිබේ.

>> කොරෝනා දසත පැතිරෙද්දී කොදෙව්වෝ අලුත් සෙල්ලමකට

“මම අද (12) දහවල් රෝහල් ගත වුනා. පස්සේ මගේ පරීක්ෂණ කටයුතු වගයක් කළා. ඒ පරීක්ෂණවලට අනුව Covid-19 වයිරසය මගේ ඇඟේ තියෙනවා කියලා තහවුරු වෙලා තියෙන්නේ. මට රෝග ලක්ෂණ කිහිපයක් පහළ වුනු නිසයි මම රෝහල් ගත වුනේ තිබ්බ සැකයට. 

මුලින් නම් මම හිතුවේ සාමාන්‍ය හෙම්බිරිස්සාවක්, උණක් කියලා. දවසක් දෙකක් යද්දී මට වෙනදට වඩා ලොකු  වෙනසක් තේරුණා.” යැයි ආශික් රහමාන් පසුගිය 12 වැනිදා Cricbuzz වෙබ් අඩවිය සමඟ පැවති දුරකථන සංවාදයක දී පවසා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<