IPL වෙන්දේසිය අවසන්; කිසිවෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මිලට නොගනී!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

417

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 14 වැනි අදියර වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය අද (18) චෙන්නායිහි අවසන් වුනා. එහි දී IPL ඉතිහාසයේ පළමු වරට එකඳු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ මිල දී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

2021 IPL වෙන්දේසිය සඳහා ලියාපදිංචි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනා අතරින් වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ක්‍රීඩකයින් 9 දෙනෙකු පමණක් වුවත් මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ කුසල් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින් තිදෙනා පමණයි.

තවත් ක්‍රිකට් පුවත්:

මේ වන විට සියලු කණ්ඩායම් විසින් තමන්ට ලබා ගත හැකි විදෙස් ක්‍රීඩකයින් 8 දෙනා මිල දී ගෙන අවසන් බැවින් මෙවර IPL තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට අවස්ථාව හිමි වන්නේ නැහැ.

අද පැවති මේ වෙන්දේසියේ දී දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක Chris Morris ඉන්දීය රුපියල් කෝටි 16.25ක අතිවිශාල මුදලකට මිල දී ගැනීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා. එය 2008 වසරේ සිට පැවත එන IPL ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසය තුල ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළම මුදල වෙනවා.

මෙවර වෙන්දේසිය තුල වැඩිම මුදලකට වෙන්දේසි වූ ක්‍රීඩකයින් 10 දෙනා මෙසේයි,

2021 IPL සංචිත පහත පරිදි වේ,

Chennai Super Kings

Suresh Raina, MS Dhoni, Narayan Jagadeesabn, Ruturaj Gaikwad, KM Asif, Josh Hazlewood, Karn Sharma, Ambati Rayudu, Deepak Chahar, Faf du Plessis, Shardul Thakur, Mitchell Santner, Dwayne Bravo, Lungi Ngidi, Sam Curran, Ravindra Jadeja, Imran Tahir, Robin Uthappa, Moeen Ali, K Gowtham, Cheteshwar Pujara, M.Harisankar Reddy, K.Bhagath Varma, C Hari Nishaanth

Delhi Capitals

Shreyas Iyer, Ajinkya Rahane, Amit Mishra, Avesh Khan, Axar Patel, Ishant Sharma, Kagiso Rabada, Prithvi Shaw, R Ashwin, Rishabh Pant, Shikhar Dhawan, Lalit Yadav, Marcus Stoinis, Shimron Hetmyer, Anrich Nortje, Steve Smith, Umesh Yadav, Ripal Patel, Lukman Hussain Meriwala, M Siddharth, Tom Curran, Sam Billings

Kolkata Knight Riders

Dinesh Karthik, Andre Russell, Kamlesh Nagarkoti, Kuldeep Yadav, Lockie Ferguson, Nitish Rana, Prasidh Krishna, Rinku Singh, Sandeep Warrier, Shivam Mavi, Shubman Gill, Sunil Narine, Eoin Morgan, Pat Cummins, Rahul Tripathi, Varun Chakravarthy, Ali Khan, Tim Seifert, Shakib al Hasan, Sheldon Jackson, Vaibhav Arora, Karun Nair, Harbhajan Singh, Ben Cutting, Venkatesh Iyer

Mumbai Indians

Rohit Sharma, Aditya Tare, Anmolpreet Singh, Anukul Roy, Dhawal Kulkarni, Hardik Pandya, Ishan Kishan, Jasprit Bumrah, Jayant Yadav, Kieron Pollard, Krunal Pandya, Quinton de Kock, Rahul Chahar, Suryakumar Yadav, Chris Lynn, Mohsin Khan, Saurabh Tiwary, Trent Boult, Adam Milne, Nathan Coulter-Nile, Piyush Chawla, James Neeshan, Yudhvir Charak, Marco Jansen, Arjun Tendulkar

Punjab Kings

KL Rahul (c), Chris Gayle, Mayank Agarwal, Nicholas Pooran, Mandeep Singh, Sarfaraz Khan, Deepak Hooda, Prabhsimran Singh, Mohammed Shami, Chris Jordan, Darshan Nalkande, Ravi Bishnoi, Murugan Ashwin, Arshdeep Singh, Harpreet Brar, Ishan Porel, Dawid Malan, Jhye Richardson, Shahrukh Khan, Riley Meredith, Moises Henriques, Jalaj Saxena, Utkarsh Singh, Fabian Allen, Sumit Kumar

Rajasthan Royals

Sanju Samson, Ben Stokes, Jofra Archer, Jos Buttler, Riyan Parag, Shreyas Gopal, Rahul Tewatia, Mahipal Lomror, Kartik Tyagi, Andrew Tye, Jaydev Unadkat, Mayank Markande, Yashasvi Jaiswal, Anuj Rawat, David Miller, Manan Vohra, Shivam Dube, Chris Morris, Mustafizur Rahim, Chetan Sakariya, K.C. Cariappa, Liam Livingstone, Kuldip Yadav, Akash Singh

Royal Challengers Bangalore

Virat Kohli, AB de Villiers, Yuzvendra Chahal, Devdutt Padikkal, Harshal Patel, Daniels Sams, Washington Sundar, Mohammed Siraj, Navdeep Saini, Adam Zampa, Shahbaz Ahmed, Josh Philippe, Kane Richardson, Pavan Deshpande, Glenn Maxwell, Sachin Baby, Rajat Patidar, Mohammed Azharuddeen, Kyle Jamieson, Dan Christian, Suyesh Prabhudessai, K.S. Bharat

Sunrisers Hyderabad

Kane Williamson, David Warner, Manish Pandey, Virat Singh, Priyam Garg, Abdul Samad, Bhuvneshwar Kumar, Khaleel Ahmed, Sandeep Sharma, Siddharth Kaul, T Natarajan, Abhishek Sharma, Shahbaz Nadeem, Mitchell Marsh, Vijay Shankar, Mohammad Nabi, Rashid Khan, Jonny Bairstow, Wriddhiman Saha, Shreevats Goswami, Basil Thampi, Jason Holder, Jagadeesha Suchith, Kedar Yadav, Mujeeb ur Rahman

වෙන්දේසිය අවසානයේ දී ඒ ඒ කණ්ඩායම් සඳහා ඉතිරිව තිබෙන මුදල් ප්‍රමාණය මෙසේයි,>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<