ඉන්දීය ප්‍රේක්ෂකයින් කළ වැඩේට කෝලිගේ අප්‍රසාදය

905

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම දෙනෙකුගේ අවධානය දිනා ගත් තවත් එක් තරගයක් ඊයේ (9) ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ලන්ඩන් හිදී පැවැත්විය. එම තරගයේ එක් අවස්ථාවක දී ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් හතරේ සීමාව වෙත පැමිණ පන්දු රකිමින් සිටිය දී ඉන්දීය ප්‍රේක්ෂකයින් ඔහුව සමච්චලයට හා නින්දාවට පත් වන ලෙස කටයුතු කළ නමුත් කෝලි පිටිය තුලම සිට එය වහාම නවතා දැමීමට කටයුතු කළේය.

ඉන්දියානුවෝ කැන්ගරුවන්ගේ සෙල්ලම් මෙල්ල කරති

පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිහරඹය හා වේගපන්දු ……..

තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායකයා වන ස්ටීවන් ස්මිත්ට එරෙහිව තවදුරටත් අපහාස සිදු කිරීම අනුමත කළ නොහැකි බව ඉන්දීය නායක විරාත් කෝලි පවසා සිටියේය.

“ඔව් ස්මිත් වැරැද්දක් කළා. නමුත් ඔහු ඒ වැරැද්ද පිළිගෙන ඒ සඳහා අවශ්‍ය දඬුවමත් ලබා ගත්තා. දැන් ඒ ගැන ඔහුට මොකුත් කියන්න අපිට බැහැ. ඕනෑම කෙනෙක් යම් වරදක් කළ පසුව ඊට අදාළ දඩුවම් විඳ තිබියදීත් තවදුරටත් නින්දාවට ලක්වන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැකියි.” යැයි ඉන්දීය නායක කෝලි පැවසීය.

මේ සිදුවීම වන අවස්ථාවේ දී පන්දුවට පහර දෙමින් සිටි කෝලි එම සිදුවීම දැක සැණින් ක්‍රියාත්මක වී සිය ප්‍රේක්ෂකයින්ගේ ක්රියාවට දැඩිව විරෝධය පල කර සිටියේ ස්ටීවන් ස්මිත් වෙනුවෙන් අත්පුඩි ගසන ලෙස ඉල්ලමිනි.

එම සිදුවීමට අනතුරුව ඉන්දීය ප්‍රේක්ෂකයින් ස්මිත් වෙත අත්පොලසන් ලබා දුන් අතර පන්දුවාරය අවසන් වූ සැණින් කෝලි වෙත පැමිණි ස්මිත් අතට අත ලබා දෙමින් සිය ගෞරවය ලබාදීමට ද අමතක කළේ නැත.

සිංහයින්ගේ බංගලි මෙහෙයුම කොහොම අවසන් වෙයි ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම …….

විරාත් කෝලි විසින් එහි දී කටයුතු කළ ආකාරය ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය, සහෝදරත්වය හා ජීව ගුණය ලොවට විදහාපාමින් තවත් ක්‍රීඩකයෙකුගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක් ලෙස සැලකීමට හැකි  අතර එය ඉතාමත් සුවිශේෂි අවස්ථාවක් ලෙස ද හඳුන්වා දීමට හැකිය.

ස්ටීව් ස්මිත් පන්දුව පලුදු කිරීමේ සිදුවීමට වරදකරු වීම නිසා ඔහුට පසුගිය වසරේ දී එරට ක්‍රිකට් ආයතනය විසින් වසරක තරග තහනමක් පැනවූ අතර, එම තහනම් කාලය මීට මාස කිහිපයකට පෙර අවසන් විය.

එම සිදුවීමේ වීඩියෝව පහතින් දැක්වේ,

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<