සියවසකට වැඩි වාර්තාවක් Ashwin අලුත් කරයි

276
Ashwin

වසර 100කට අධික කාලයකට පසුව ටෙස්ට් ඉනිමක පළමු පන්දුවෙන් කඩුල්ලක් දවා ගත් මුල්ම දඟපන්දු යවන්නා බවට පත් වීමට ඉන්දියානු දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin පසුගිය දා සමත් විය.

අද (09) දින නිමා වූ එංගලන්තය සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ එංගලන්ත දෙවන ඉනිමේ දී යොමු කළ මුල්ම පන්දුවෙන් Ajinkya Rahane හට උඩපන්දුවක් ලබා දෙමින් එංගලන්ත පිතිකරු Rory Burns දවා ගැනීමට Ashwin සමත් විය.

එම දස්කමත් සමඟින් වසර සියයකට පසු ටෙස්ට් ඉනිමක මුල්ම පන්දුවෙන් කඩුල්ලක් දවා ගත් මුල්ම දඟපන්දු යවන්නා බවට පත්වීමට Ashwin සමත් වූ අතර වසර 134ක ඉතිහාසය තුළ එවැනි දස්කමක් පෑ තෙවැනි පන්දු යවන්නා ලෙස ද ඔහු ඉතිහාසගත විය.

අවසන් වරට 1907 වසරේ පැවති තරගයක දී ඉනිමේ පළමු පන්දුවෙන්ම එංගලන්ත පිතිකරු Tom Hayward දවා ගනිමින් එම දස්කම පෑ දෙවන දඟපන්දු යවන්නා බවට පත්වීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩක Bert Vogler සමත් ව තිබුණි.

එමෙන්ම එම දස්කම පෑ මුල්ම ක්‍රීඩකයා වීමට Yorkshire ප්‍රාන්තය නියෝජනය කළ දඟපන්දු යවන ක්‍රීඩක Bobby Peel සමත් ව තිබූ අතර 1988 වසරේ පැවති තරගයක දී ඔහු මෙම දස්කම දක්වා තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

ඉතා පැරණි වාර්තාවක් අලුත් කිරීමට හැකි වීම පිළිබඳව bcci.tv වැඩසටහනේ දී සිය කණ්ඩායම් සගයෙකු වූ Ishant Sharma වෙත අදහස් දක්වමින් Ashwin ප්‍රකාශ කර සිටියේ එය වාර්තාවක් බව තමන් නොදන්නා බවයි.

“පළමු ඉනිමේ අපට වැඩි වෙහෙසක් දැරීමට සිදු වුනා, කොහොම හරි කඩුල්ලක් එයි කියලා බලාගෙන ඉන්න වුනා. ඉතින් දෙවන ඉනිමේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට හැකි වීම පිළිබඳව මම මහත් සතුටට පත් වුනා. මම දන්නේ නැහැ ඒක වාර්තාවක් කියලා. මම ක්‍රීඩාගාරයට අවම අප කණ්ඩායම් කළමනාකාරිත්වය ප්‍රකාශ කළා එය වසර 100කට පසුව වෙච්ච දෙයක් කියලා.

මම කැමතියි Virat Kohli හට මගේ ස්තූතිය පුද කරන්න, මම දැනගෙන හිටියා ඔයා (Ishant Sharma) තමයි මුල්ම පන්දුවාරය යවන්නේ කියලා. ඒත් Virat මට කිව්වා ඔයා ගිහින් පළවෙනි පන්දුවාරය යවන්න කියලා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<