Home Sinhala නවසීලන්තයෙන් ඉන්දියාවට වාර්තාගත පරාජයක්

නවසීලන්තයෙන් ඉන්දියාවට වාර්තාගත පරාජයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

331

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (31) පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ ඉන්දියාව අතර තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයින් සමත් වුනා.

ඒ අනුව මේ දක්වා මෙවර ලෝක කුසලානයේ තමන් සහභාගී වූ තරග දෙකම පරාජය වීමට ඉන්දියාවට සිදු වුනා. ඔවුන් මේ වන විට Group 2 කාණ්ඩයේ 5 වැනි තැන දක්වා පහළ බැස තිබෙන අතර නවසීලන්තය ලැබූ ජයග්‍රහණයත් සමඟින් තෙවැනි තැනට පත් වුනා.

අද තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 110ක් පමණයි. එම ඉනිම ඉන්දියාව 2016 ලෝක කුසලානයේ දී නවසීලන්තය ඉදිරියේ ලකුණු 79කට දැවී ගිය පසු නැවත ලෝක කුසලානයක අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී අවස්ථාව ලෙසින් සටහන් වුනා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසිලන්ත ක්‍රීඩකයෝ ඉතා පහසුවෙන් එම ඉලක්කය කඩුලු 2ක් පමණක් බිඳ වැටී පසු කළේ තවත් පන්දු 33ක් ඉතිරිව තිබිය දී.

ඉන්දීය කණ්ඩායම: Ishan Kishan, Rohit Sharma, KL Rahul, Virat Kohli (නායක), Rishabh Pant (කඩුලු රකින්නා) , Hardik Pandya, Ravindra Jadeja, Shardul Thakur, Mohammed Shami, Varun Chakaravarthy, Jasprit Bumrah

නවසීලන්ත කණ්ඩායම: Martin Guptill, Daryl Mitchell, Kane Williamson (නායක), James Neesham, Devon Conway (කඩුලු රකින්නා), Glenn Phillips, Mitchell Santner, Ish Sodhi, Tim Southee, Adam Milne, Trent Boult

කාසියේ වාසිය දිනා ගත් නවසිලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඉන්දීය ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ KL Rahul සහ Ishan Kishan. ඉන්දීය ඉනිම අමාරුවේ දමමින් ඉනිමේ යැවුණ තෙවැනි පන්දුවාරයේ දී Ishan Kishan ලකුණු 4කට දැවී ගියා. ඒ වෙද්දී ඉන්දීය ඉනිමට එක් වී තිබුණේ ලකුණු 11ක් පමණයි.

අනතුරුව පිටියට එක් වුනේ Rohit Sharma. Rahul සහ Sharma අතර දෙවැනි කඩුල්ලට ලකුණු 24ක් එක් වෙමින් ඉන්දීය ඉනිම ලකුණු 35ක් වෙද්දී Rahul ද දැවී ගියා. ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.

ඉනිමේ තෙවැනියා ලෙසින් පන්දු 14ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා සිටි Sharma දැවී යද්දී ඉන්දීය ලකුණු පුවරුව 40ක් ව තිබුණා. ඉන්දීය ඉනිමේ පළමු පන්දුවාර 10 අවසානයේ තම ලකුණු වේගය රඳවා ගත හැකි වූයේ පන්දු වාරයකට ලකුණු 4.8ක් ලෙසින්.

ඒ සමඟ ම නායක Virat Kohliගේ ඉනිම ද අවසන් කිරීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වුනා. Kohli ලබා ගත්තේ පන්දු 17ක දී ලකුණු 9ක් පමණයි. එහි හතරේ හෝ හයේ පහරක් ඇතුළත් වුනේ නැහැ.

ඉන්දීය ඉනිම යම් තරමකින් හෝ හිස එසවූයේ එම කඩුල්ලේ දැවී යෑමෙන් අනතුරුවයි. 5 වැනි කඩුල්ල වෙනුවෙන් Rishabh Pant සහ Hardik Pandya එක්ව පන්දු 26ක දී ලකුණු 22ක් එක් කළා. එම කඩුල්ලේ සබඳතාව Rishabhගේ (12) දැවී යෑමත් සමඟින් අවසන් වෙනවා.

අනතුරුව කඩුල්ලේ දී Pandya සහ Ravindra Jadeja එක්ව පන්දු 22ක දී ලකුණු 24ක සබඳතාවක් ගොඩ නගනවා. එය ඉන්දීය ඉනිමේ හොඳම සබඳතාව ද වුනා. Pandya පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ තෙවැනි පන්දුවේ දි Shardul Thakur ලකුණු නොලබාම දැවී ගියා.

ඉනිම අවසන් වන විට Jadeja පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් කිසිදු ලකුණක් නොලබා Mohammed Shami රැඳී සිටියා.

පන්දු යැවීමේ දී Trent Boult ලකුණු 20කට කඩුලු 3ක් ද, Ish Sodhi ලකුණු 17කට කඩුලු 2ක් ද ලබා ගත්තා.

ලකුණු 111ක හඹා යන ඉනිම ඇරඹූ නවසීලන්ත ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල ලකුණු 24ක් වෙද්දී අහිමි කිරීමට ඉන්දියාව සමත් වුනා. Martin Guptill පන්දු 17ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20කට පිටියෙන් ඉවත් වෙද්දී, ඒ අඩුව පිරවීමට පිටියට පිවිසියේ නායක Kane Williamson.

Williamson සහ ආරම්භක පිතිකරු Daryl Mitchell දෙවැනි කඩුල්ලට ලකුණු 72ක සබඳතාවක් එක් කළා. ඒ පන්දු 54ක් පමණක් වැය කරමින්. Daryl තම අර්ධ ශතකය පෙනි පෙනී තිබිය දී ලකුණු 49කට තම ඉනිම අවසන් කර ගත්තා.

ඒ වෙද්දී ඔහු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් තම ඉනිමට එකතු කරගෙන සිටියා. මෙම ඉනිම Darylගේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හොඳම ඉනිම බවට ද පත් වුනා.

අනතුරුව Williamson සමඟ එක් වුනේ Devon Conway. ඔවුන් දෙදෙනා නවසීලන්ත ලකුණු පුවරුව කඩුලු දෙකකට ලකුණු 111ක් බවට පත් කරමින් තරගය අවසන් කළා. ඒ වෙද්දී Williamson පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටියා. Devon Conway නොදැවි ලකුණු 2ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී Jasprit Bumrah නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු දෙකම දවා ගත් අතර ඊට ඔහු ලබා දී තිබුණේ ලකුණු 19ක් පමණයි.

  • ඉන්දියාව; කඩුලු 7ක් දැවී 110 (20) Hardik Pandya 23, Ravindra Jadeja 26, Trent Boult 3/20, Ish Sodhi 2/17
  • නවසීලන්තය; කඩුලු 2ක් දැවි 111 (14.3) Martin Guptill 20, Daryl Mitchell 49, Kane Williamson නොදැවී 33, Jasprit Bumrah 2/19

තරගයේ වීරයා; Ish Sodhi (නවසීලන්තය)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


India
110/7 (20)

New Zealand
111/2 (14.3)

Batsmen R B 4s 6s SR
KL Rahul c Trent Boult b Tim Southee 18 16 3 0 112.50
Ishan Kishan c Mitchell Santner b Trent Boult 4 8 1 0 50.00
Rohit Sharma c Martin Guptill b Ish Sodhi 14 14 1 1 100.00
Virat Kohli c Trent Boult b Ish Sodhi 9 17 0 0 52.94
Rishabh Pant b Adam Milne 12 19 0 0 63.16
Hardik Pandya c Martin Guptill b Trent Boult 23 24 1 0 95.83
Ravindra Jadedja not out 26 19 2 1 136.84
Shardul Thakur c Martin Guptill b Trent Boult 0 3 0 0 0.00
Mohammed Shami not out 0 0 0 0 0.00


Extras 4 (b 0 , lb 2 , nb 0, w 2, pen 0)
Total 110/7 (20 Overs, RR: 5.5)
Fall of Wickets 1-11 (2.5) Ishan Kishan, 2-35 (5.5) KL Rahul, 3-40 (7.4) Rohit Sharma, 4-48 (10.1) Virat Kohli, 5-70 (14.3) Rishabh Pant, 6-94 (18.1) Hardik Pandya, 7-94 (18.4) Shardul Thakur,

Bowling O M R W Econ
Trent Boult 4 0 20 3 5.00
Tim Southee 4 0 26 1 6.50
Mitchell Santner 4 0 15 0 3.75
Adam Milne 4 0 30 1 7.50
Ish Sodhi 4 0 17 2 4.25


Batsmen R B 4s 6s SR
Martin Guptill c Shardul Thakur b Jasprit Bumrah 20 17 3 0 117.65
Daryl Mitchell c KL Rahul b Jasprit Bumrah 49 35 4 3 140.00
Kane Williamson not out 33 31 3 0 106.45
Devon Conway not out 2 4 0 0 50.00


Extras 7 (b 0 , lb 1 , nb 0, w 6, pen 0)
Total 111/2 (14.3 Overs, RR: 7.66)
Fall of Wickets 1-24 (3.4) Martin Guptill, 2-96 (12.4) Daryl Mitchell,

Bowling O M R W Econ
Varun Chakravarthy 4 0 23 0 5.75
Jasprit Bumrah 4 0 19 2 4.75
Ravindra Jadedja 2 0 23 0 11.50
Mohammed Shami 1 0 11 0 11.00
Shardul Thakur 1.3 0 17 0 13.08
Hardik Pandya 2 0 17 0 8.50