Home Sinhala ඇෆ්ගන් ක්‍රීඩකයින්ගෙන් Asghar Afghanට සුපිරි සමුගැ‍නීමේ තරගයක්

ඇෆ්ගන් ක්‍රීඩකයින්ගෙන් Asghar Afghanට සුපිරි සමුගැ‍නීමේ තරගයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

198

ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගය ඇෆ්ගනිස්තානය සහ නැමීබියාව අතර අද (31) අබුඩාබි හිදී නිමා වුනේ ඇෆ්ගනිස්තානය ලකුණු 62ක ජයග්‍රහණයක් වාර්තා කරමිනුයි.

ඔවුන් සතුව සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙක් වන Asghar Afghan ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළ අවසන් තරගය වූ මෙම තරගය සඳහා ඇෆ්ගන් ක්‍රීඩකයින් සිය උපරිමය ඉටු කරමින් ඔහුගේ සමුදීමේ තරගය වර්ණවත් කළා.

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායක Mohammad Nabi පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ අතර එහි දී ඔවුන්ගේ මූලිකම අරමුණ වුනේ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගෙන නැමීබියාව දැඩි පීඩනයකට හසුකර ගැනීමයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ඇෆ්ගනිස්තානය – Hazratullah Zazai, Mohammad Shahzad (wk), Rahmanullah Gurbaz, Asghar Afghan, Najibullah Zadran, Mohammad Nabi (capt), Karim Janat, Gulbadin Naib, Rashid Khan, Naveen-ul-Haq, Hamid Hassan.

නැමීබියාව – Craig Williams, Michael van Lingen, Jan Loftie-Eaton, Gerhard Erasmus (capt), Zane Green (wk), JJ Smit, David Wiese, Jan Frylinck, Pikky Ya France, Ruben Trumpelmann, Bernard Scholtz

Zazai සහ Shahzad ඇෆ්ගනිස්තාන ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා පන්දු 40ක් තුල ලකුණු 53ක සබඳතාවයක් ගොඩනැංවූවා. එය සවියක් කර ගත් ඔවුන් අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් වුනා.

දඟපන්දු යවන ක්‍රීඩක Jan Nicol ඇෆ්ගනිස්තාන මැදපෙළ පිතිකරුවන් යම් පීඩනයකට හසුකර ගැනීමට වෑයම් කළත්, Shahzad සහ Asghar Afghan ඒ සඳහා ඉඩක් ලබා දුන්නේ නැහැ.

ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 45ක් සහ ලකුණු 31ක් ලබා ගනිමින් ඉතාමත් හොඳ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ලකුණු ලබා ගත්තා. 4 පහර 5ක් සහ 6 පහරක් එල්ල කළ නායක Nabi ඇෆ්ගනිස්තාන ඉනිම සාර්ථක අවසානයක් වෙත රැගෙන ගියේ නොදැවී ලකුණු 32*ක් ලබා ගෙනයි. Zazaiගේ ඉනිම ලකුණු 33කට සීමා කිරීමට Smit සමත් වුනා.

පිළිතුරු ඉනිම දියත් කළ නැමීබියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 98ක් පමණයි. පන්දු යැවීමේ දී දක්ෂ පන්දුකරණයක නිරත වුනු Naveen-ul-Haq නැමීබියා මුල්පෙළ පිතිකරුවන් අසරණ කරමින් ඉනිමේ ආරම්භය බිඳ දැමුවා.

අවසානයේ දී ඔහු කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත් අතර Hamid Hassan ද කඩුලු 3ක් දවාගෙන Naveenගේ කඩුලු දඩයමට සහය වුනා.

නැමීබියාව වෙනුවෙන් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලබාගෙන තිබෙන පිතිකරුවා වන David Wiese මේ තරගයේ දී ද ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 26ක් ලබා ගත් අතර ඔහුගේ එම සටන්කාමී ඉනිමට 4 පහර 2ක් ඇතුළත් වුනා.

Wiese හට හැරෙන්නට ඔවුන්ගේ එකඳු පිතිකරුවෙක් හට හෝ ලකුණු 14 සීමාව පසු කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ලකුණු සාරාංශය,

ඇෆ්ගනිස්තානය – 160/5 (20): Mohammad Shahzad 45, Hazratullah Zazai 33, Mohammad Nabi 32*, Asghar Afghan 31, Jan Nicol Loftie-Eaton 2/21, Ruben Trumpelmann 2/34.

නැමීබියාව – 98/9 (20): David Wiese 26, Hamid Hassan 3/09, Naveen-ul-Haq 3/26.

තරගයේ වීරයා – Naveen-ul-Haq (ඇෆ්ගනිස්තානය)

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟින්. >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<



A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once