පළමු කාණ්ඩයේ ප්‍රබලයන්ගේ ගැටුමේ ජය එංගලන්තයට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2021

174
Australia vs England

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තරගයක් අද (30) පැවැත්වුනා. ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතරයි. එම තරගය කඩුලු 8 කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වුනා.

තරගයේ කාසියේ වාසිය එංගලන්ත කණ්ඩායම සතුවූ අතර එංගලන්ත නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තා.

ඕස්ට්‍රේලියා ඉනිමේ ආරම්භක සම්බන්ධතාවය ලකුණු 7 කට සීමා කරමින් David Warner දවාගැනීමට Chris Woaks සමත්වුනා. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියා ඉනිමේ ඉක්මන් කඩුලු කීපයක් දැවීගිය අතර ලකුණු පුවරුව ලකුණු 21 ක් බවට පත්වෙද්දී කඩුලු 4 ක් දවාගැනීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත්ව සිටියා. එහිදී Steve Smith එක් ලකුණකටත්, Glenn Maxwell ලකුණු 7 කටත් Marcus Stoinis ලකුණු නොලබා ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත්වුනා.

ඕස්ට්‍රේලියා ඉනිම තරමක් ස්ථාවර කිරීමට Aaron Finch සහ Matthew Wade සමත්වූ අතර Wade ලකුණු 18 කට දැවී ගියා. ඒ ලකුණු පුවරුව ලකුණු 51 ක් වෙද්දියි.

ඕස්ට්‍රේලියා පසුපෙළ තරමක් ස්ථාවර වෙමින් ලකුණු රැස්කිරීමට සමත්වූ අතර Aaron Finch ලකුණු 44 ක් රැස්කිරීමට සමත්වුනේ ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින්.

නියමිත පන්දුවාර 20 අවසානයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 125 ක් වාර්තා කර තිබුණා.

එංගලන්තය වෙනුවෙන් Chris Jordan කඩුලු තුනක් දවාගැනීමට සමත්වූ අතර Chris Woakes සහ Tymal Mills කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වුනා.

ලකුණු 126 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට Jason Roy සහ Jos Buttler සමත්වුනා. ඔවුන් දෙදෙනා පන්දුවාර 6 ක් තුළ එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 66 ක් දක්වා ඉහල දැමීමට සමත්වුනා. Jason Roy ලකුණු 22 ක් රැස්කිරීමට සමත්වුනා. ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ට පහර පිට පහර දුන් Jos Buttler පන්දු 32 කින් ලකුණු 71 ක් රැස්කිරීමට සමත්වුනා. ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් වුනා. Jonny Bairstow පන්දු 11 ක් තුළ වේගවත් ලකුණු 17 ක් රැස්කිරීමට සමත්වුනා.

එංගලන්ත කණ්ඩායම තරගය පහසුවෙන් ජයග්‍රහණය කළේ පන්දුවාර 11 ක් පමණක් වැය කරමින් වීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Ashton Agar සහ Adam Zampa එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වුනා.

එංගලන්ත කණ්ඩායම මෙම තරග ජයග්‍රහණයත් සමඟින් පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්වුනේ ප්‍රසාද ලකුණු 6 ක් සමඟින්.

ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු සටහනේ තුන්වන ස්ථානයට පත්ව සිටින්නේ ප්‍රසාද ලකුණු 4 ක් ලබාගනිමින්.

තරගයේ වීරයා සම්මානය හිමිවුනේ Chris Jordan හටයි.

තරග සාරාංශය

  • ඕස්ට්‍රේලියාව : 125/10 (පන්දුවාර 20) Aaron Finch 44, Ashton Agar 20 Chris Jordan 3/17, Chris Woakes 2/23
  • එංගලන්තය : 126/2 (පන්දුවාර 11.4)Jos Buttler 71, Jason Roy 22 Ashton Agar 1/15, Adam Zampa 1/37

එංගලන්ත කණ්ඩායම මීලඟ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එළඹෙන සඳුදා තරග වැදීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගය එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳීසිටින්න ThePapare.com සමඟින්.